slc
logo
Home   |    News
අගෝස්තු 25, 2020
පළඟ තරගාවලිය අවසන මුවර්ස් පෙරමුණේ

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයෙවන අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් පළඟ (ප්ලේට්) තරග වටය අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත්විය.

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති පළග තරගාවලියේ අවසාන තරග වටයේදී මුවර්ස් කණ්ඩායම පහසුවෙන්ම ජයග්‍රහණයක් අත්කරගත්තේ ලන්කන් කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 103කින් පරාජයට කරමිනි. මේ තරගයේදී මුවර්ස් කණ්ඩායම පළමු ඉනිමේදී කඩුලු නවයකට ලබාගත් ලකුණු 599ට පිළිතුරු ලෙස ලන්කන් කණ්ඩායම රැස් කරන ලද්දේ පළමු ඉනිමේදී ලකුණු 320ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 176ක් පමණි.

මුවර්ස් කණ්ඩායමේ සචිත්‍ර සේරසිංහ ලකුණු 151ක්ද (පන්දු 194යි හතරේ 17යි හයේ හතරයි), නිපුන් කරුණානායක ලකුණු 142ක් ද (පන්දු 184යි හතරේ 16යි හයේ හතරයි), රමේෂ් මෙන්ඩිස් ලකුණු 104ක්ද (පන්දු 101යි හතරේ නවයයි හයේ තුනයි), ශතක වාර්තා කරමින් මුවර්ස් ඉනිම වර්ණවත් කළහ. තෙවැනි කඩුල්ලට මොහොමඩ් ෂමාෂ් (81) සහ සචිත්‍ර සේරසිංහ රැස්කළ ලකුණු 192ත් පස්වන කඩුල්ලට නිපුන් කරුණානායක සහ රමේෂ් මෙන්ඩිස් එක්කළ ලකුණු 213ත් ඉනිමේ හොදම සබඳතා විය.

ලන්කන් පළමු ඉනිමේදී මාලිංග අමරසිංහ ලකුණු 117යි (පන්දු 156යි හතරේ 10යි හයේ හතරයි) සහ ප්‍රිමෝෂ් පෙරේරා (ලකුණු 65යි පන්දු 122යි හතරේ 8යි) පළමු විකට්ටුවට එක්කළ ලකුණු සංඛ්‍යාව 164කි. ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 83කට ලන්කන් කඩුලු පහක්ම දවාලීමට සමත්විය. ලන්කන් කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 176ක් වැනි අඩු සංඛ්‍යාවකට දැවීයාමෙන් මුවර්ස්ට ඉනිමක පහසු ජයක් අත්විය.

මුවර්ස්ලන්කන්                                                              

එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී මුවර්ස්ට ඉනිමක පහසු ජයග්‍රහණයක් අත්වූයේ ඔවුනගේ පළමු ඉනිමේදී සචිත්‍ර සේරසිංහ, නිපුන් කරුණානායක සහ රමේෂ් මෙන්ඩිස් ලබාගත් ශතක තුන සහ ඔවුනගේ දක්ෂ පන්දු යවන්නකු වන ප්‍රවීන් ජයවික්‍රම ඉනිම දෙකේදී දවාලු කඩුලු හතත් මුල්කරගෙනය.

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 122.4 දී කඩුලු 9කට 599යි(සචිත්‍ර සේරසිංහ 151යි, නිපුන් කරුණානායක 142, රමේෂ් මෙන්ඩිස් 104, මොහොමඩ් ෂමාෂ් 81, නිමන්ත සුබසිංහ 35, අයන සිරිවර්ධන 31යි, දුනිත් වෙල්ලාගේ 143/4, මාලිංග අමරසිංහ 50/2යි)

ලන්කන් පළමු නිම පන්දු වාර 82 ලකුණු 320යි- (මාලිංග අමරසිංහ 117, ප්‍රිමෝෂ් පෙරේරා 65, දමිත සිල්වා 36, කෙවින් පෙරේරා නොදැවී 31, දුනිත් වෙල්ලාලගේ 28, ප්‍රවීන් ජයවික්‍රම 83/5, කවිශ්ක අංජුල 49/2)

ලන්කන් දෙවැනි ඉනිම පන්දුවාර 55.3දී සියලු ක්‍රීඩකයන් දැවී 176යි- (ගීත් කුමාර 32, රිසින් උපමාල් 36, කසුන් අබේරත්න 27, දුනිත් වෙල්ලාලගේ 17, කවිශ්ක  අංජුල 39/2, අයන සිරිවර්ධන 7/2, ප්‍රවීන් ජයවික්‍රම 69/2, රමේෂ් මෙන්ඩිස් 29/2)

නොවිසඳුණු තරගයේ ධනංජයගෙන් සුපිරි ඉනිමක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේ දෙවැනි ඉනිමේදී ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ද සිල්වා පන්දු 140කදී හයේ අටක් හතරේ 17ක් සමග ලකුණු 167ක් ලැබීය. සිව්වන කඩුල්ලට ඔහු යොහාන් මෙන්ඩිස් සමග ලකුණු 144ක් ද පස්වන කඩුල්ලට මනෝජ් සරත්චන්ද්‍ර සමග ලකුණු 52ක් ද හයවන කඩුල්ලට දක්ෂිත ප්‍රනාන්දු සමඟ ලකුණු 77ක්ද එක්කළහ.

මීගමුව කණ්ඩායමේ නායක දිල්ෂාන් මුනවීර, අෂේන් සිල්වා සහ මාධව වර්ණපුර අර්ධ ශතක ලැබීමෙන් ඔවුනට පළමු ඉනිමේදී ලකුණු 371ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව උදාවිණි.

ටැමිල් යුනියන් පළමු ඉනිම පන්දු වාර 49.1කදී ලකුණු 184යි – (යොහාස් මෙන්ඩිස් 31, දක්ෂිත ප්‍රනාන්දු 30, දේවේන්ද් පත්මනාදන් 40, මධුක ලියනපතිරගේ 24, රොෂේන් ප්‍රනාන්දු 31/5, උපුල් ඉන්ද්‍රසිරි 70/2, ලක්ෂිත රසාංජන 25/2)

දෙවැනි ඉනිම පන්දුවාර 95දී කඩුලු 9ක් දැවී 387යි – (ධනංජය ද සිල්වා 167, යොහාන් මෙන්ඩිස් 116, මනෝජ් සරත්චන්ද්‍ර 25, දක්ෂිත ප්‍රනාන්දු 23. ලක්ෂිත රසාංජන 135/5, උපුල් ඉන්ද්‍රසිරි 106/2)

මීගමුව පළමු ඉනිම පන්දු වාර 105දී ලකුණු 371යි – (අෂේන් සිල්වා 90, දිල්ෂාන් මුනවීර 85, මාධව වර්ණපුර 84, පසිඳු ලක්ශංඛ 37, ඇන්ජලෝ ජයසිංහ 16, මධුක ලියනපතිරගේ 54/6, ප්‍රමෝද් මධුශංඛ 78/2)

ුන්, දසුන්, දමිත්ගෙන් ශතක

මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී එස්.එස්.සී.පළමු ඉනිමේදී ලකුණු 583ක් වැනි විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගත්තත් බදුරලිය පිතිකරුවෝ දෙවැනි ඉනිමේදී කඩුලු ආරක්ෂා කරගනිමින් විසඳුමකින් තොරව තරගය නිමකර ගත්හ.

එස්.එස්.සී හොඳම සබඳතාව වූයේ පස්වන කඩුල්ලට නායක දසුන් ශානක  ලකුණු 128 ක් සහ ෂම්මු අෂාන්  ලකුණු 75 ක් එක්කළ ලකුණු 154 වේ.

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 115.1කදී ලකුණු 583යි (දසුන් ශානක 128, සදුන් වීරක්කොඩි 101, චරිත් අසලංක 83, ෂම්මු අෂාන් 75, ධනුෂ්ක ගුණතිලක 47, සහන් ආරච්චිගේ නොදැවී 32, බුද්ධික සංජීව 144/3, අසලංක සිල්වා 97/3)

බදුරලිය පළමු ඉනිම පන්දුවාර 78.5දී ලකුණු 280යි – (දමිත් පෙරේරා 113, දුනිත් ජයතුංග 63, දුෂාන් හේමන්ත 29, ජෙෆ්රි වැන්ඩසි 76/3, තරිඳු රත්නායක 73/4, කළණ පෙරේරා 36/2)

දෙවැනි ඉනිම පන්දුවාර 64 දී කඩුලු 4 ලකුණු 258යි(දමිත් පෙරේරා 112*, තිලකරත්න සම්පත් 72, තරිඳු රත්නායක 72/3)

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee