slc
Home   |    News
අගෝස්තු 13, 2020
ශතක මතක

Sri Lanka Cricket

By Chamila Karawita

අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් සුපර් 8 කණ්ඩායම් අතර තරග වටය ආරම්භ කරමින් පැවැති තරග වලදී පිතිකරුවන් 9 දෙනෙකු ශතක වාර්තා කරමින් පිත්තෙන් දස්කම් අතරට පැමිණීමට සමත්වූහ. ප්ලේට් තරග වටයේ පැවැති තරගවලදී වාර්තා වූ එකම ශතකය ලන්කන් ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි විසින් වාර්තා කළේය.

එම ශතක ලාභීන් අතර වැඩිම ලකුණු වාර්තා කරන ලද්දේ හිටපු ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් වන අතර ඔහු සැරසන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 173 ක් වාර්තා කළේය. ඊට අමතරව ටෙස්ට් වරම් දිනා සිටින පිතිකරුවන් අතර කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ශතක වාර්තා කළහ. මොවුන්ට අමතරව එක්දින සහ විස්සයි20 කණ්ඩායම් නියෝජනය කර ඇති කමිඳු මෙන්ඩිස් බී.ආර්.සී. පිලට එරෙහිව නොදැවී ලකුණු 150 ක් රැස් කරගැනීමට සමත්විය.

වාර්තා වූ ශතක අතර යුද හමුදාවේ ආරම්භක පිතිකරු තුලින දිල්ශාන්ගේ තම පළමු පෙළ තරග දිවියේ මංගල ශතකය වාර්තා කිරීම කැපී පෙනිණ. දකුණතින් පිත්ත හසුරුවන තුලින කොටහේන ශාන්ත බෙනඩික් විදුහල නියෝජනය කරමින් අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය සඳහා පැමිණ සිටියි.

මීට අමතරව එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සංතුෂ් ගුණතිලක ශතක වාර්තා කරන ලද ආධුනික පිතිකරුවෝ බවට පත්වූහ. යුද හමුදා පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 105 ක් රැස් කළ ළහිරු උදාර තරගාවලියේ පළමු වටයේදී රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 290 ක්  ගැනීමට සමත්වීම කැපී පෙනිණ.

අනෙක් ශතක ලාභියා වුණු සංතුෂ් ගුණතිලක බම්බලපිටිය ශාන්ත පීතර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වී සිටින අතර වාර්තා කරන ලද ශතකය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ දෙවැනි ශතකය බවට පත්විය.

මේ අතර සුපරි 8 තරග වටය යටතේ පන්දු යැවීමෙන් කඩුලු 5 ක් දවා ගැනීමට සමත්වූයේ ලන්කන් ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි පමණක් වන අතර ප්ලේට් තරගාවලියේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ කවිෂ්ක අංජුල මුලු තරගය පුරාවට කඩුලු 11 ක් බිඳ හෙළමින් කැපී පෙනිණ. දකුණතින් වේග පන්දු යවන විසි දෙහැවිරිදි කවිෂ්ක බදුරලියට එරෙහිව පැවැති තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 39 කට කඩුලු 5 ක් සහ දෙවැනි ඉනිමේද ලකුණු 35 කට කඩුලු 6 ක් වශයෙන් දවා ගැනීමට සමත්වූවේය. විසි දෙහැවිරිදි කවිෂ්ක කොළඹ ආනන්ද විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස සිටියි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest