slc
logo
Home   |    News
අගෝස්තු 13, 2020
සී. සී. සී. පිල ශූරතාව පෙනෙන මායිමට

Sri Lanka Cricket

ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිමින් සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටය ඇරැඹූ සී. සී. සී. පිල රාගම පිලට එරෙහිව පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 125 ක ජයක් වාර්තා කිරීමට සමත්වීමත් සමඟ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමේ තවත් ආසන්නයට පැමිණීමට සමත්වූවේය.

මෙම තරගයට පෙර ප්‍රසාද ලකුණු 54.57 ක් හිමිකරගෙන සිටි කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු සී. සී. සී. කණ්ඩායමට ලද ජයග්‍රයණයත් සමඟ තවත් ප්‍රසාද ලකුණු 19 ක් හිමිවිය. ඒ අනුව මේ වන විට සී. සී. සී. කණ්ඩායම මුලු ප්‍රසාද ලකුණු 73.57 ක් ලබමින් සෙසු කණ්ඩායම් වලට පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානයක් වෙත පැමිණ සිටියි. එන්. සී. සී. කණ්ඩායම ප්‍රසාද ලකුණු 55.68 ක්ද කෝල්ට්ස් කණ්ඩායම 46.32 ක්ද ලබා පිළිවෙළින් එම සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

ප්ලේට් තරග වටයේ ප්‍රසාද ලකුණු 16.44 ක් ලබා සිව්වැනි ස්ථානයේ රැඳී සිටි මීගමුව ක්‍රීඩා සමාජය ලන්කන් ක්‍රීඩා සමාජයට එරෙහිව වාර්තා කරන ලද කඩුලු 5 ක ජය හේතුවෙන් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දක්වා පැමිණ සිටියි. මෙම තරග වටය ආරම්භයට පෙර ප්‍රසාද ලකුණු 20.42 ක් ලබා පළමු ස්ථානයේ සිටි ටැමිල් යුනියන් කණ්ඩායම එස්.එස්.සී. පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කළද පූර්ණ තරග ජයග්‍රහණයට වඩා වැඩි ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් මීගමුව පිලට හිමිවීම මෙකී තත්ත්වයට හේතු වී තිබේ.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar