slc
Home   |    News
අගෝස්තු 17, 2020
සී.සී.සී. සහ යුද හමුදාව වැටී නැගිටියි

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 තරග වටයේ දෙවන සති අන්තයේ දෙවන දින (16) නිමාවන විට මේරියන්ස්, බි.ආර්.සී සැරසන්ස් සහ රාගම කණ්ඩායම් පළමු ඉනිමේදී පෙරමුණ ගෙන සිටියහ.

කෙසේ වෙතත් සී.සී.සී – සැරසන්ස් තරගයේදී  ප්‍රථම ඉනිමේදී ලකුණු 41කින් ඉදිරියෙන් සිටීමට සැරසන්ස් පිල සමත් වුවත් දෙවැනි ඉනිමේදී සී.සී.සී. පිල කඩුලු 7 කට ලකුණු 307ක් ලබා දෙවැනි ඉනිමේදී ලකුණු 266කින් ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි.

පළමු දිනයේ පිත්තෙන් දස්කම් පෑ දුවිඳු තිලකරත්න දෙවැනි දිනයේදී පන්දු යවමින් එන්.සී. සී. පිලට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 63කට එන්.සී.සී පිලේ කඩුලු හයක් දවා ගැනීමට සමත්වූවේය.

සී.සී.සීසරසන්ස්

සී.සී.සී දෙවැනි ඉනිමේදී හිස ඔසවයි

මෙම තරගයේ පළමු ඉනිමේදී සැරසන්ස් පිල ලකුණු 41කින් ඉදිරියෙන් සිටියත් දෙවන දින (16) තරගය නිමා වන විට සී.සී.සී දෙවන ඉනිමේ දී කඩුලු 7කට ලකුණු 307 ලබා ප්‍රබල අයුරින් නැවත තරගයට අවතීර්ණ වීමට සමත්ව සිටියහ.

එස්. එස්. සී. පිටියේදී පැවැත්වෙන මෙම තරගයේදී සී.සී.සී දෙවන ඉනිමේදී ලසිත් අබේරත්න පන්දු 147 කදී හයේ පහරක් හතරේ නවයක් සමඟ නොදැවී ලකුණු 88ක්ද ළහිරු මධුශංඛ පන්දු 81කදී හයේ තුනක් හතරේ පහක් සමග ලකුණු 63ක්ද ලබාගත්හ. මොවුන් දෙදෙනා පස්වන කඩුල්ල එක්කළ ලකුණු ප්‍රමාණය 128කි.

සී.සී.සී පළමු ඉනිම 142යි (මිනෝද් භානුක 92 ,අෂාන්ප්‍රියංජන් 22, රොන් චන්ද්‍රගුප්ත 10, කසුන් රාජිත 63/5 සමන් ජීවන්ත 33/3) සහ දෙවන ඉනිම පන්දුවාර 74 කදී කඩුලු 7ක් දැවී 307යි  (ලසිත් අබේරත්න 88*, ළහිරු මධුශංඛ 63, අෂාන් ප්‍රියංජන් 39, රොන් චන්ද්‍රගුප්ත 39, මිනෝද් භානුක 37, කසුන් රාජිත 34/4)

සැරසන්ස් පළමු ඉනිම පන්දුවාර 49.3දී සියලු දෙනා දැවී 183යි   (මිලින්ද සිරිවර්ධන 89, චාමිකර එදිරිසිංහ 34*, ළහිරු ගමගේ 29/5, විශ්ව ප්‍රනාන්දු 37/3, ළහිරු මධුශංක 33/2)

හලාවත මේරියන්ස්යුද හමුදාව

හලාවත මේරියන්ස් ලකුණු 138 ක් ඉදිරියෙන්

පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී මුලින් පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් කණ්ඩායම ලබාගත් ලකුණු 269ට පිළිතුරු ලෙස යුද හමුදා කණ්ඩායම පන්දුවාර 70කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 216කි.

යුද හමුදාව පළමු ඉනිමේදී ලකුණු 7කට කඩුලු තුනක් දැවී අසීරු තත්ත්වයක සිටියදී දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක්ද මහේෂ් කුමාර ලකුණු 36 ක්ද ලබා සිව්වන කඩුල්ලට ලකුණු 96ක් රැස්කරමින් සිය කණ්ඩායම නැවතත් තරගයට රැගෙන ආහ. පසුව නායක අසේල ගුණරත්න හුදකලා සටනක නිරත වෙමින් පන්දු 99කදී හතරේ හතරක් සමග නොදැවී 43ක් ලබාසිටියේය. චන්දිමාල් ලකුණු 62ක් ලබාගත්තේ පන්දු 99කදී හතරේ පහර අටක් සමගය.

පළමු ඉනිමේදී ලකුණු 53 කින් පෙරමුණට පැමිණීමට හලාවත මේරියන්ස් පිල සමත් වුවත් අසිත ප්‍රනාන්දුගේ දක්ෂ පන්දු යැවීම හමුවේ දිනය අවසන් වන විට හලාවත මේරියන්ස් පිල ලකුණු 85 කට කඩුලු 5 ක් දැවී අසීරු තත්ත්වයක පසුවේ. කෙසේ වෙතත් හලාවත මේරියන්ස් පිල දෙවැනි ඉනිමේදී ලකුණු 138 කින් පෙරමුණට පැමිණි සිටින්නේ තවත් කඩුලු 5 ක් අත තබාගෙනය.

මේරියන්ස් පළමු ඉනිම 269යි (ෂෙහාන් ජයසූරිය  95, පුලින තරංග 41, ඕෂද ප්‍රනාන්දු 38, තීක්ෂිල ද සිල්වා 22, අසේල ගුණරත්න 38/3, දුෂාන් විමුක්ති 90/3)  සහ දෙවැනි ඉනිම පන්දුවාර 23 කදී කඩුලු 5 ලකුණු 85 යි- (කමිඳු මෙන්ඩිස් 22, ඕෂධ ප්‍රනාන්දු 19, රුමේෂ් බුද්ධික 16, ප්‍රසන්න සික්කුගේ 40/4)

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 70 කදී සියලුදෙනා දැවී ලකුණු 216යි  – (අසේල ගුණරත්න 43*, දිනේෂ් චන්දිමාල් 62, සීක්කුගේ ප්‍රසන්න 36, මහේෂ් කුමාර 36, අසිත ප්‍රනාන්දු 71/4, නිමේෂ් විමුක්ති 39/2)

බී.ආර්.සී. – එන්. සී. සී.

දුවිඳු තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වයි

කටුනායකදී පැවැති මේ තරගයෙන් බී.ආර්.පළමු ඉනිමේදී ලබාගත් ලකුණු 316ට පිළිතුරු ලෙස එන්.සී.සී.පිල මුල් ඉනිමේ ලබා ගන්නා ලද්දේ ලකුණු 275 ක් පමණි. එන්.සී.සී.කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 89කට දැවී සිටියදී හයවන කඩුල්ලට ළහිරු උදාන සහ චාමික කරුණාරත්න ලකුණු 71ක සබඳතාවයක් තබාගනිමින් ඉනිම මඳ වශයෙන් ගොඩගැනීමට දායකවිණි. ළහිරු උදාන පන්දු 125කදී හතරේ 11ක් සමඟ ලකුණු 90ක්ද චාමික කරුණාරත්න පන්දු 97කදී හයේ පහක් හතරේ හතක් සමඟ ලකුණු 93ක් ද ලැබූහ.

පළමු දිනයේදී අර්ධ ශතකයක් ලබා ගත් දුවිඳු තිලකරත්න පන්දු යැවීමෙන් ලකුණු 63 කට කඩුලු 6 ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන්ම කැපී පෙනිණ.

බී.ආර්.සී පළමු ඉනිම 316යි (භානුක රාජපක්ෂ 115, හෂේන් රාමනායක 36, දේශාන් ඩයස් 31, දුවිඳු තිලකරත්න නොදැවී 53, අෂේන් ඩැනියල් 98/4, ළහිරු කුමාර 63/2) සහ දෙවන ඉනිම පන්දුවාර 12 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 42යි – (දිලේෂ් ගුණරත්න 5/2, ළහිරු කුමාර 31/3)

එන්.සී.සී පළමු ඉනිම පන්දුවාර 65.2 දී  ලකුණු 275 යි – (ළහිරු උදාන 90, චාමික කරුණාරත්න 93, සහන් ආරච්චිගේ 26, දුවිඳු තිලකරත්න 63/6, භානුක රාජපක්ෂ 22/2, හසේන් රාමනායක 44/2)

රාගමකෝල්ට්ස්

කෝල්ට්ස් පසු බසියි

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී රාගම කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 258 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස් කරගත හැකි වූයේ ලකුණු 163 ක් පමණි. ඒ අනුව ලකුණු 95 ක් ඉදිරියෙන් සිට දෙවැනි ඉනිම ඇරැඹූ රාගම පිල දිනය අවසනදී කඩුලු 6 ට ලකුණු 190 ක් ලබා සමස්ථ තරගයේදී කෝල්ට්ස් පිලට වඩා ලකුණු 285 ක් දෙවැනි ඉනිමේදී පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

ලකුණු 76 කට කඩුලු 2 ක් දැවී තිබියදී දෙවැනි දිනය ඇරඹූ කෝල්ට්ස් කණ්ඩායමේ අවසන් පිතිකරුවන් 8 දෙනාම ලකුණු 87 ක් ඇතුළත් දැවී යෑම දැඩි පාඩුවක් ගෙන දෙන්නක් විය. එහිදී ඉකුත් සතියේදී ශතක වාර්තා කරන ලද ඇන්ජලෝ මැතිව්ස් (22) සහ සංතුෂ් ගුණතිලක (33) අඩු ලකුණු වලට දැවී ගියහ. අනතුරුව පිටියි පිවිසි පිතිකරුවන් අතරින් ලකුණු 10 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ ඩිල්රුවන් පෙරේරා (20) පමණි.

ළහිරු තිරිමාන්න රාගම දෙවන ඉනිමේදී හතරේ හයක් සමග පන්දු 142කදී ලකුණු 63ක්ද , රොෂේන් සිල්වා පන්දු 111කදී හයේ දෙකක් හතරේ තුනක් සමග 67ක්ද ලබාගත්හ.

රාගම පළමු ඉනිම පන්දුවාර 63 කදී ලකුණු 258 යි(සමින්ද ප්‍රනාන්දු 73, නිශාන් මධුශංඛ 57, අකිල ධනංජය 24/4, ප්‍රභාත් ජයසූරිය 76/3) සහ දෙවැනි ඉනිම පන්දුවාර 57කදි කඩුලු 6 කට ලකුණු 190 යි – (රොෂේන් සිල්වා 67, ළහිරු තිරිමාන්න 63, ෂමින්ද ප්‍රනාන්දු 17, ප්‍රභාත් ජයසූරිය 51/3)

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 57.3දී 163යි(සංතූෂ් ගුණතිලක 33, ඇන්ජලෝ මැතිව්ස් 22, දිල්රුවන් පෙරේරා 20, ශෂික දුල්ෂාන් 45/6, බිනුර ප්‍රනාන්දු 38/2)

ප්ලේට් තරගාවලිය

එස්. එස්. සී. – ලන්කන්

දසුන් ශානකත් ශතක ලාභීන්ගේ ලැයිස්තුවට

ප්ලේට් (පළග) තරගාවලියේ ඉරිදා ආරම්භ වූ තරග අතුරින් එස්.එස්.සී පිල ලකුණු 332ක් වැනි විශාල ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අතර එහිදී වාර්තා වුණු එකම ශතකය එස්.එස්.සී නායක දසුන් ශානක විසින් වාර්තා කළේය.


පන්දු 144 කදී හයේ හතරක් සහ හතරේ දහයක් සමග ලබාගත් ලකුණු 112ත් ෂම්මු අෂාන් පන්දු 86කදී හයේ පහරක් හතරේ හයක් සමග ලබාගත් ලකුණු 54ක් මත එස්.එස්.සී කණ්ඩායමට මේ තරගයේදී ලකුණු 332ක් වැනි විශාල සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිණි. මේ පිතිකරුවන් දෙදෙනා තරගය ක්‍රියාත්මක කෝල්ට්ස් ක්‍රීඩාංගණය වර්ණවත් කළේ පස්වන කඩුල්ලට ඉක්මන් ලකුණු 113ක් රැස්කරමිනි. කෙෂාන් විජේරත්න සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු තුන බැගින් දවාලූහ.

එස්.එස්.සී පළමු ඉනිම පන්දුවාර 76දී සියලු ක්‍රීඩකයන් දැවී 332 – දසුන් ශානක 112, ෂම්මු අෂාන් 54, සඳුන් වීරක්කොඩි 32, නවිනිඳු ප්‍රනාන්දු 22, කේෂාන් විජේරත්න 93/3, දුනිත් වෙල්ලාලගේ 97/3)

ලන්කන් කිසිවෙකු නොදැවී 14යි

මුවර්ස් – ටැමිල් යූනියන්

ධනංජය ද සිල්වාගෙන් කඩුලු 7 ක්

මොරටුවේ පැවැත්වෙන මේ තරගයේදී මුවර්ස් ඉනිමේ ලබාගත් ලකුණු 206ට පිළිතුරු ලෙස ටැමිල් යූනියන් දිනය නිමවන විට කඩුලු 3ක් දැවී ලැබුවේ 37කි. මෙහිදි දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ධනංජය ද සිල්වා මුවර්ස් කණ්ඩායම කඩුලු 7 ක් ලකුණු 59 කදී දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනීමට සමත්වූවේය.

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 71.2 දී ලකුණු 206යි(නිපුන් කරුණානායක 44, දිනුක දිල්ෂාන් 43, මොහොමඩ් ෂමාස් 23, රමේෂ් මෙන්ඩිස් 22, ධනංජය ද සිල්වා 59/7, ඉසුරු උදාන 21/1යි)

ටැමිල් යූනියන් පන්දුවාර 19දී කඩුලු 3 37යි(රන්මිත් ජයසේන 18යි, රමේෂ් මෙන්ඩිස් 9/2, ප්‍රවීන් ජයවික්‍රම 6/1)

බදුරලියමීගමුව

සලින්ද සහ දුනිත්ගෙන් අර්ධ ශතක

බදුරලිය සහ නිගම්බු සී.සී.තරගය කණ්ඩායම් දෙකම සමාන දක්ෂතා පෙන්වන අයුරු දක්නට ලැබෙන අතර බදුරලිය කණ්ඩායමේ සළිද පෙරේරා සහ දුනිත් ජයතුංග අර්ධ ශතක වාර්තා කළහ.

බදුරලිය පළමු ඉනිම පන්දු වාර 84.5දී සියලු ක්රීඩකයන් දැවී 267යි

සළින්ද පෙරේරා 51, දුනිත් ජයතුංග 57,දමිත් පෙරේරා 43, තිලකරත්න සම්පත් 28, දුෂාන් හේමන්ත 22, යශෝෂ ලංකා 22, උපුල් ඉන්ද්‍රසිරි 65/5, ලක්ෂිත මුණසිංහ 65/3)

නිගම්බු සී.සී.පළමු ඉනිම පන්දුවාර 3දී 20/0 – (ෂෙහාන් ප්‍රනාන්දු 12*)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest