slc
logo
Home   |    News
අගෝස්තු 10, 2020
සුපිරි 8 තරග වටයේ පළමු දිනයේදීම කුසල් මෙන්ඩිස්ගේ සුපිරි ඉනිමක්

Sri Lanka Cricket

මාස 5 ක නිහැඬියාවකින් පසු දේශීය ක්‍රිකට් පිටියට නැවතත් ක්‍රිකට් වසන්තය කැඳවමින් අද (10 දා) කොළඹ සහ තදාසන්න ක්‍රීඩාංගණ වලදී ආරම්භ වුණු අන්තර් පළාත් ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේදී පිතිකරණයෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සී. සී. සී. කණ්ඩායමේ අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්විය. 

රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මෙම තරගයේදී ප්‍රතිවාදී පන්දු යවන්නන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් කුසල් සිය ලකුණු 132 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 213 කට මුහුණ දුන්නේය. කිසිදු කලබලයක් නොපෙන්වූ මෙම දකුණත් පිතිකරුවා තම ඉනිම හතරේ පහර 18 කින් වර්ණවත් කරගනු ලැබුවේ තරගයේ දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්ථාව උදා කර ගනිමිනි.

කටුනායක හලාවත මේරියන්ස් තණතීරුව මුළුමනින්ම පිතිකරුවන්ගේ රජදහනක් බවට පත් කරගත් කුසල් මෙන්ඩිස් ප්‍රමුඛ සී.සී.සී. පිතිකරුවෝ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා ලකුණු 353 ක දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ගොඩ නැංවීමට සමත්විය. දිනයේ වැඩිම ලකුණු රැස් කරන ලද පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් පත්වූ මෙම තරගයේදී රාගම පන්දු යවන්නන්ට දවා ගත හැකි වූයේ සී. සී. සී. පිලේ පිතිකරුවන් සිව් දෙනෙක් පමණි.

තරගාවලිය පුරා ලකුණු අතර රැඳී සිටි මිනෝද් භානුක අද දිනයේදීද ලකුණු අතරට පැමිණෙමින් ලකුණු 88 ක් රැස් කරගනිමින් දැවී ගියේ මුහුණ දුන් 93 වැනි පන්දුවේදීය. දැවී යන විටත් හයේ පහරක් සහ හතරේ පහර 13 කින් සිය ඉනිම සරසා ගැනීමට භානුක සමත්විය.

මෙම තරගයේ වැඩිම කඩුලු සම්බන්ධතාවය වූ තෙවැනි කඩුල්ලේ ලකුණු 122 ක සම්බන්ධතාවය කුසල් මෙන්ඩිස් සහ අශාන් ප්‍රියන්ජන් අතර වාර්තා විය. සී. සී. සී. පිල වෙනුවෙන් භානුකට අමතරව ප්‍රියන්ජන් (58) සහ වනිඳු (නොදැවී 51) අර්ධ ශතක වාර්තා කළහ.

අද දිනයේදී සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තරග 4 ට අමතරව ප්ලේ ශූරතාවය යටතේ තරග 3 ක් ආරම්භ වුණු අතර එහිදී ලන්කන් කණ්ඩායමේ චානක රුවන්සිරි ලකුණු 124 ක් ලබා ගැනීමට සමත්විය. 

සී. සී. සී. පළමු ඉනිම පන්දුවාර 86 කදී කඩුලු 4 ට ලකුණු 353 යි) – මිනෝද් භානුක 88, කුසල් මෙන්ඩිස් (නොදැවී) 132, අශාන් ප්‍රියන්ජන් 58, වනිඳු හසරංග (නොදැවී) 51, බිනුර ප්‍රනාන්දු 35/2)

එන්. සී. සී. – යුද හමුදාව

අසේලගෙන් නායකත්වයේ ඉනිමක් 

ලකුණු 38 ක් ඇතුළත පළමු කඩුලු 4 ම අහිමි වුවද නායකත්වයේ වගකීම කුමක්ද යන්න වටහා ගනිමින් පන්දුවට පහර දුන් අසේල ගුණරත්න (50) සහ හිමාෂ ලියනගේ (46) සමඟ එක්ව පස්වැනි කඩුල්ලට ලකුණු 66 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වීමත් සමඟ ලකුණු 250 ආසන්නයට පැමිණීමට යුද හමුදා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

යුද හමුදා පිල වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ අතර ඔහුට ලබා ගත හැකි වූයේ ලකුණු 19 ක් පමණි. පන්දු 38 කින් සමන්විත චන්දිමාල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහරකින් වර්ණවත් වුවත්, චතුරංග ද සිල්වාගේ පන්දුවකට සීමා ඉරෙන් ඉදිරියට පැමිණ පහරක් එල්ල කිරීමට යෑමේදී කඩුලු රැකි නිරෝෂන් දික්වැල්ල ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීම නිසා දීර්ඝ ඉනිමක් කරා යෑමේ අවස්ථාව චන්දිමාල්ට අහිමිවිය. 

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 72 කදී ලකුණු 236/9 යි – (අසේල ගුණරත්න 50, තුලින ඩිල්ෂාන් 14, හිමාෂ ලියනගේ 46, දිනේෂ් චන්දිමාල් 19, මහේෂ් කුමාර 41, දිලේෂ් ගුණරත්න 50, ජනිත් සිල්වා (නොදැවී) 29, යශෝධ මෙන්ඩිස් 12, චතුරංග සිල්වා 10, චතුරංග ද සිල්වා 82/3, දිලේෂ් ගුණරත්න 35/4)

හලාවත මේරියන්ස් – බී.ආර්.සී.

බී. ආර්. සී. අසීරු තත්ත්වයක

පළමුව පන්දුවට පහර දුන් හලාවත මේරියන්ස් ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 195 කට සීමා කිරීමට බී. ආර්. සී. පන්දු යවන්නන් සමත් වුවත් දිනය අවසන් වන විට ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින බී. ආර්. සී. පිතිකරුවෝ දිනය අවසනදී ලකුණු 67 කට කඩුලු 5 ක් අහිමි කොට අසීරු තත්ත්වයේ පසුවෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරු කුමර් ධර්මසේන මහතා ප්‍රධාන විනිසුරුවරයා ලෙසින් කටයුතු කරනු ලබන මෙම තරගයේදී බී. ආර්. සී. පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ ක්‍රීඩා කළද නිමේෂ් විමුක්තිගේ පන්දුවක් හමුවේ ඔහු ලකුණු 02 කට දැවී ගියේය. කෙසේ වෙතත් පළමු ඉනිමේ පරාජයෙන් බේරීමට නම් බී. ආර්. සී, පිලට තවත් කඩුලු 5 ක් ඇතුළත ලකුණු 128 ක් ලබාගත යුතුව තිබේ.

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 47.2 කදී ලකුණු 195 යි – ඕෂධ ප්‍රනාන්දු 42, රුමේෂ් බුද්ධික, පුලින තරංග 40, කසුන් විදුර 38, තික්ෂිල ද සිල්වා 35, අසිත ප්‍රනාන්දු 12, භානුක රාජපක්ෂ 26/3, හෂේන් රාමනායක 43/3, දුවිඳු තිලකරත්න 54/3)

බී.ආර්. සී. පළමු ඉනිම පන්දුවාර 23 කදී 67/5 යි – (ලසිත් ලක්ෂාන් 18, දේශාන් ඩටස් 24, තික්ෂිල ද සිල්වා 07/2, නිමේෂ් විමුක්ති 06/2)

කෝල්ට්ස් – සැරසන්ස්

මැතිව්ස් ලකුණු අතරට 

වර්ෂාවෙන් බාධා ඇති වුණු මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම සහ අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 111 ක සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ. එහිදී සධීර ලකුණු 41 ක් සහ අවිෂ්ක ලකුණු 66 කින් දායකත්වය දැක්වූහ. අනතුරුව පිටියට එක්වූ සංතුෂ් ගුණතිලක සහ ඇන්ජලෝ මැතිව්ස් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 142 ක සම්බන්ධතාවයක් පවත්වමින් අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නිමා කරන විට කඩුල්ලේ රැදී සිටියහ. 

මෙහිදී සංතුෂ් ලකුණු 60 ක් සහ ඇන්ජලෝ ලකුණු 80 ක් ලබා දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමට සූදානමින් පසුවෙති. 

කෝල්ට්ස් පළමු ඉනිම පන්දුවාර 81 කදී ලකුණු 256/2  – (සධීර සමරවික්‍රම 41, අවිෂ්ක ප්‍රනාන්දු 66, සංතුෂ් ගුණතිලක (නොදැවී) 60, ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී) 80, කසුන් රජිත 65/2)

ප්ලේට් ශූරතාව 

ලන්කන් – මීගමුව

දෙවැනි ශතකය රුවන්සිරිගෙන් 

කුසල් මෙන්ඩිස්ට අමතරව අද දිනයේදී දෙවැනි ශතකය රැස් කරන ලද්දේ ලන්කන් ක්‍රීඩා සමාජයේ චානක රුවන්සිරි වන අතර ඔහු ලකුණු 124 ක් රැස් කර ගත්තේය. ඔහුගේ ඉනිම හේතුවෙන් මීගමුව පිලට එරෙහිව ලකුණු 270 ක් ගොඩනැංවීමට ලන්කන් කණ්ඩායමට හැකියාව ලැබිණ. තරමක ප්‍රවේගකාරී වුණු රුවන්සිරිගේ ලකුණු 124 කින් සමන්විත ඉනිම සඳහා පන්දු 137 කට පමණක් මුහුණ දුන් අතර එහිදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් කිරීමටද වග බලාගත්තේය. 

මීගමුව කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු ලක්ෂිත මණසිංහ ලකුණු 85 කට කඩුලු 5 ක් දවා ගනු ලැබීය. 

ලන්කන් පන්දුවාර 68.2 කදී සියළු දෙනා දැවී ලකුණු 270 යි – (ළහිරු ඩිල්ෂාන් 43, ප්‍රිමෝෂ් පෙරේරා 10, චානක රුවන්සිරි  124, සවන් කංකානම්ගේ 14, කේෂාන් විජේරත්න 13, දුනිත් වෙල්ලාලගේ 37, ලක්ෂිත මණසිංහ 85/5, උපුල් ඉන්ද්‍රසිරි 22/3)

මීගමුව පන්දුවාර 4.3 කදී ලකුණු 30/1 යි – (ඩිල්ෂාන් මුණවීර 12)

මුවර්ස් – බදුරලිය

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 77.1 කදී 239/7 යි – (දිනූක ඩිල්ෂාන් 46, මොහොමඩ් ශමාස් 10, නිපුන් කරුණානායක 27, රුමේෂ් මෙන්ඩිස් 40, අධීෂ තිලංචන 53, අනුක් ප්‍රනාන්දු 20, අයන සිරිවර්ධන (නොදැවී) 37, ළහිරු සමරකෝන් 59/4, දුෂාන් හේමන්ත 39/2)

එස්.එස්.සී. – ටැමිල් යුනියන් 

සචිත්‍රගෙන් ලකුණු 81 ක්

එස්. එස්. සී. පළමු ඉනිම පන්දුවාර 71 කදී කඩුලු 8 ට ලකුණු 242 යි – (සඳුන් වීරක්කොඩි 35, චරිත් අසලංක 24, දසුන් ශානක 35, ශම්මු අශාන් )නොදැවී) 09, සචිත්‍ර සේනානායක 81, අසේල සේනාරත්න 37
ධම්මික ප්‍රසාද් 11)

Active filters

Recent Posts

  • ශදාබ් සහ ගුර්බාස් කලම්බු ස්ට්‍රයිකර්ස්ට ජය ගෙනෙති
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙසින් අද (14 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා […]
  • පිළිකා මර්ධනයට LPL අත හිත 
    අගහිඟකම්වලට මුහුණ පා සිටින අතරතුර, පිළිකාවන් ද වැළඳී වේදනා විඳිමින් ළතැවෙමින් දුක් සුසුම්ළන මේ සමාජයේ අපේම මව්වරුනට සොහොයුරියනට, දරුවන්ට අත්වැළක් වන්නට වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයනට අවස්ථාවක් උදාවන්නේ නම් එය […]
  • සුපිරි පන්දුවාරයේදී ගෝල් මාවල්ස් ජය ලබයි
    By Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (14 දා) පස්වරුවේ පැවැති ගෝල් මාවල්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගය සුපිරි පන්දුවාරය දක්වා දිග හැරුණු අතර […]
  • හතරේ සීමාවේ දුර අඩුද…? වැඩිද…? ජැෆ්නා නායකයාගේ අදහස
    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හතරේ සීමා මඳක් කෙටි කිරීමෙන් ඉදිරි ජාත්‍යන්තර තරග සඳහා කිසිදු අවාසිදායක තත්ත්වයක් ඇති නොවන බවත් උසස් මට්ටමේ තණතිලිවල ක්‍රීඩා කරද්දී පිතිකරුවනට දක්ෂ අයුරින් පහර […]
  • හයේ වරුසාවක් සමඟින් ජැෆ්නා ක්‍රීඩකයෝ 5 වැනි ජය ලබති
    Chamila Karawita ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර හෙවත් කොළඹ අදියර ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම කැන්ඩි ෆෝල්කන්ස් කණ්ඩායම විසින් ලබා දුන් ලකුණු 79 ක ඉලක්කය හඹා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee
logo