slc
Home   |    News
සැප්තැම්බර් 29, 2020
අවු. 23 න් පහළ දක්ෂතම ක්‍රීඩකයින් අතර සකුන සහ අම්ෂි පෙරමුණේ

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5 ක් අවසානයේදී පිතිකරුවන් අතර සකුන ලියනගේ සහ පන්දු යවන්නන් අතර අම්ෂි ද සිල්වා පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන සකුණ තරග 4 කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 72 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 216 ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණට පිවිස සිටියි. සී.සී.සී. කණ්ඩායම නියෝජනය කරන අම්ෂි තරග 3 කදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 5.91 ක් තරම් අඩු සංඛ්‍යාවක රඳවා ගනිමින් කඩුලු 11 ක් බිඳ හෙළා වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ පෙරමුණට පැමිණ සිටියි.

වැඩිම ලකුණු ලාභී පිතිකරුවන් අතර යුද හමුදාව පිල නියෝජනය කරන බිෂාන් මෙන්ඩිස් ලකුණු 214 ක් ලබා දෙවැනි ස්ථානයේදී බී. ආර්. සී. පිලේ නිසල් ෆ්‍රැන්සිස්කෝ ලකුණු 199 ක් ලබා එහි තෙවැනි ස්ථානයෙත් පසු වෙති.

හලාවත මේරියන්ස් පිල නියෝජනය කරනු ලබන කමිඳු මෙන්ඩිස් තරග 2 කදී ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් මුලු ලකුණු 183 ක් ලබා එහි පස්වැනි ස්ථානයේ පසුවන අතර ඔහුගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 183 ක් වශයෙන් සටහන් වීම කැපී පෙනෙයි.

පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන අම්ෂි ද සිල්වා සහ දෙවැනි සහ  තෙවැනි ස්ථානවල පිළිවෙළින් රැඳී සිටින නිපුන ලක්ෂාන් (නුගේගොඩ) සහ සචිඳු කොළඹගේ (ටැමිල් යුනියන්) යන තිදෙනාම කඩුලු 11 බැගින් ලබාගෙන සිටින නමුත්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය අතරින් අම්ෂි ඉදිරියෙන් (5.91) සිටීම නිසා ඔහුට එම සටහනේ පළමු ස්ථානය වෙන්වී තිබේ. හෙතෙම කුරුණෑගල තරුණ සහ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජවලට එරෙහිව පැවැති තරගවලදී කඩුලු 5 බැගින් දවා ගැනීමට සමත්වීම කැපී පෛනෙයි.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest