slc
Home   |    News
සැප්තැම්බර් 7, 2020
“ලකුණු දාහක් ගන්න සැලසුමක් තිබුණා” පිතිකරුවන් අතර අංක 1 ට ආ ළහිරු උදාර

Sri Lanka Cricket

ඉකුත් දා නිමාවට පත් වුණු අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේදී පිතිකරුවන් රැසක් දක්ෂතා දැක්වීමට සමත්වූ අතර එහිදී ලකුණු 1000 සීමාව ඉක්මවා යෑමට පිතිකරුවන් දෙදෙනකු සමත්විය. හිටපු ටෙස්ට් නායක වත්මන් යුද හමුදා කණ්ඩායමේ පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ලකුණු 1000 සීමාව ඉක්මවා ලූ පිතිකරුවන් යුගලය බවට පත්විය. මොවුන් දෙදෙනා අතරින් වැඩිම ලකුණු වාර්තා කරන ලද පිතිකරුවා බවට පත් වූයේ ළහිරු උදාර වන අතර හේ ලකුණු 1039 ක් වාර්තා කරමින් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ සිටියි.

මෙවර තරග වාරයේදී පිතිකරුවකු ලෙස දස්කම් දැක්වීමට හැකිවීම පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ නුදුරේදීම ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා කිරීම තම ඉලක්කය වී තිබෙන බවයි. 

2018-19 තරග වාරයේදීත් ශතකයක් සහ අර්ධ ශතක 7 ක් සමඟින් ලකුණු 861 ක් ලැබූ ළහිරු සමස්ථ තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර පස්වැනි ස්ථානයට පැමිණියේය. සිය උත්සාහය අත් නොහළ උදාර මෙවර තරග වාරයේදී එම දක්ෂතා තව ඔප් නංවා ගනිමින් ද්විත්ව ශතකයක් ඇතුළුව ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක් සමඟින් වැඩිම ලකුණු ලද පිතිකරු ශ්‍රේණියේ පළමු ස්ථානය තම නම වෙනුවෙන් වෙන් කර ගත්තේය. රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී රැස් කරන ලද ලකුණු 290 මෙවර තරගවාරයේ ළහිරු ඉනිමක ලද ඉහළම ලකුණු සංඛ්‍යාව වේ.

“ඇත්තටම මේ තරග වාරයේදී මම හිතුවේ ලකුණු 1000 සීමාව ඉක්මවනවමයි කියල අරමුණකින්මයි හිටියේ. ඇත්තටම ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 87 ක් වන පරිදි (86.72) රඳවා තබා ගනිමින් ඒ දේ කරන්න ලැබීම ගැන මම සතුටු වෙනවා” යි ළහිරු තම සතුට වචන වලට පෙරැළීය.

මෙවර තරග වාරයේ පළමු තරගයේදීම ත්‍රිත්ව ශතකය ආසන්නයට පැමිණි ළහිරුට ත්‍රිත්ව ශතකය අහිමි වූයේ අනෙක් අන්තයේ පිතිකරුවන් සියල්ල දැවී යෑම හේතුවෙනි. එම තරගයේදී අංක 3 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ළහිරු දක්වන ලද දක්ෂතාවය හේතුවෙන් ඉතිරි තරග සියල්ලටම ආරම්භක පිතිකරුවකු ලෙස උසස්වීම් ලැබුවේය.

1993 වසරේ දී ඇල්පිටිය, බටුවන්හේනේදී උපත ලද ළහිරු උදාර, සහජ හැකියාවන්ගෙන් හෙබි ක්‍රීකයින්ට ජාතික කණ්ඩායමට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සකස් කර ඇති වැඩපිළිවෙළහි සාර්ථක භාවයට එක් උදාහරණයක් සපයන්නෙකි. ඇල්පිටියේ ආනන්ද ශාස්ත්‍රාලයේ සිට සිට නුගේගොඩ සාන්ත ජොන් විදුහලට පැමිණෙන ළහිරු වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කරන අවධියේදී දක්ෂතම පිට පළාත් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය යළි යළිත් විදහා පාමිනි.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest