slc
Home   |    News
ඔක්තෝබර් 6, 2020
අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල් යයි

sinhala editor

අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට (07 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අවසන් පූර්ව තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට තරග සංවිධායක කමිටුව අද (06 දා) පියවර ගෙන තිබේ.

වර්තමානයේ රට තුළ ඇතිවී තිබෙන කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන් නිකුත් කර තිබෙන සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව පූර්වාරක්ෂාවක් ලෙසින් ඉහත තීරණයට එළැඹීමට තරග සංවිධායක කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ  අවසන් පූර්ව තරග 2 හෙවත් එස්. එස්. සී. සහ බදුරලිය අතර තරගයත් කෝල්ට්ස් සහ ලන්කන් අතර තරග හෙට දිනයේ නොපැවැත්වෙන අතර එය යළි තරග පැවැත්වීමට සුදුසු දිනකදී පැවැත්වීමට කටයුතු යොදනු ඇත.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest