slc
logo
Home   |    News
ඔක්තෝබර් 5, 2020
අවු. 23 න් පහළ පළමු වටය නිපුන්ලා පෙරමුණ ගනිති

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග වටය අවසානයේ පිතිකරුවන් අතර නිපුන් ධනංජය සහ පන්දු යවන්නන් අතර නිපුන් ලක්ෂාන් පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන නිපුන් ධනංජය තරග 6කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 75.20 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 376 ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණට පිවිස සිටියි.

පන්දු යවන්නන් අතර 6 වැනි දිනය අවසන් වන තෙක් පෙරමුණේ සිටි සී. සී. සී. පිලේ අම්ෂි ද සිල්වාට එම ස්ථානය අහිමිවී තිබෙන අතර නුගේගොඩ ක්‍රීඩා සමාජයේ නිපුන් ලක්ෂාන් පළමු ස්ථානයට පැමිණ සිටියි. නිපුන් ලක්ෂාන් තරග 6 කට ක්‍රීඩා කරමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 17 ක් රඳවා තබා ගනිමින් මුලු කඩුලු 15 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

ඔහුට පිටුපසින් සිටින සෙබස්තියනයිට්ස් පිලේ තරූෂ ප්‍රනාන්දු සහ අම්ෂී ද සිල්වා සහ කලුතර ටවුන්හි ලසිඳු අරෝෂණ කඩුලු 14 බැගින් බිඳ හෙළමින් පිළිවෙළින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පත්ව සිටිති.

පිතිකරුවන් අතර නිපුන් ධනංජයට පසුපසින් සිටින්නේ සී. සී. සී. කණ්ඩායමේ මළිඳු මදුරංග වන අතර ඔහු නිපුන්ට වඩා ලකුණු 103 ක් පිටුපසින් සිටින්නේ ඉනිමක ලකුණු  ලබා ගැනීමේ සාමාන්‍ය 54.60 ක් වශයෙන් රඳාවා තබා ගිනිමිනි.

Active filters

Recent Posts

  • ගෝල් ගැලන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    සහන් ආරච්චිගේගේ අර්ධ ශතකයත්, ක්‍රිස් ලින්ගේ වේගවත් පිතිහරඹයත්, ඊෂාන් මාලිංග සහ තරිඳු රත්නායකගේ විශිෂ්ට පන්දු යැවීමත් හේතුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම විසින් ජැෆ්නා […]
  • සිව්දින තරගාවලියේ ජය ඉන්දියානු යෞවනයන්ට
    ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර දෙවැනි සිව්දින යොවුන් ටෙස්ට් තරගයෙන් ලකුණු 211ක දැවැන්ත ජයක් වාර්තා කළ ඉන්දීය යොවුන් […]
  • කලම්බු කැප්ස්ට ලකුණු 23ක ජයක් – ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 9 වැනි තරගයේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජය කළ කලම්බු කැප්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය. දඹුල්ල ජාත්‍යන්තර […]
  • පාකිස්තානු කාන්තාවෝ එක්දින තරගාවලියේ පෙරට එති
    සංචාරක පාකිස්තාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (23) පැවැති තරග 3කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක ජයක් […]
  • ගෝල් කැලන්ට්ස් අපරාජිත ගමන දඹුල්ල සික්සර්ස් නවතයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති 8 වැනි තරගයේදී දඹුලල් සික්සර්ස් කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ගෝල් ගැලන්ස්ට් කණ්ඩායම මෙතෙක් දුරට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee