slc
Home   |    News
ඔක්තෝබර් 5, 2020
අවු. 23 න් පහළ පළමු වටය නිපුන්ලා පෙරමුණ ගනිති

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග වටය අවසානයේ පිතිකරුවන් අතර නිපුන් ධනංජය සහ පන්දු යවන්නන් අතර නිපුන් ලක්ෂාන් පෙරමුණ ගැනීමට සමත්ව සිටිති.

එස්. එස්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන නිපුන් ධනංජය තරග 6කට ක්‍රීඩා කරමින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 75.20 ක් රඳවා ගනිමින් මුලු ලකුණු 376 ක් ලබා පිතිකරුවන් අතර පෙරමුණට පිවිස සිටියි.

පන්දු යවන්නන් අතර 6 වැනි දිනය අවසන් වන තෙක් පෙරමුණේ සිටි සී. සී. සී. පිලේ අම්ෂි ද සිල්වාට එම ස්ථානය අහිමිවී තිබෙන අතර නුගේගොඩ ක්‍රීඩා සමාජයේ නිපුන් ලක්ෂාන් පළමු ස්ථානයට පැමිණ සිටියි. නිපුන් ලක්ෂාන් තරග 6 කට ක්‍රීඩා කරමින් කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 17 ක් රඳවා තබා ගනිමින් මුලු කඩුලු 15 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

ඔහුට පිටුපසින් සිටින සෙබස්තියනයිට්ස් පිලේ තරූෂ ප්‍රනාන්දු සහ අම්ෂී ද සිල්වා සහ කලුතර ටවුන්හි ලසිඳු අරෝෂණ කඩුලු 14 බැගින් බිඳ හෙළමින් පිළිවෙළින් දෙවැනි, තෙවැනි සහ සිව්වැනි ස්ථාන වලට පත්ව සිටිති.

පිතිකරුවන් අතර නිපුන් ධනංජයට පසුපසින් සිටින්නේ සී. සී. සී. කණ්ඩායමේ මළිඳු මදුරංග වන අතර ඔහු නිපුන්ට වඩා ලකුණු 103 ක් පිටුපසින් සිටින්නේ ඉනිමක ලකුණු  ලබා ගැනීමේ සාමාන්‍ය 54.60 ක් වශයෙන් රඳාවා තබා ගිනිමිනි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest