slc
Home   |    News
නොවැම්බර් 28, 2020
අවිෂ්කගේ පිතිහරඹය ජැෆ්නා ස්ටැලියන්ස්ට ජය ගෙනෙයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම පෙර සූදානම් වුණු කණ්ඩායම ලෙසින් පළමු තරගය සඳහා අවතීර්ණ වුණු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු නොදැවී රැස් කරන ලද ලකුණු 92 ක ඉනිම හේතුවෙන් ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව අද (27 දා) පැවැති තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට හැකියාව ලැබිණ.

තරගාවලියේ වේගවත්ම අර්ධ ශතක ලාභියාගේ වාර්තාව තමන් සන්තකයට ගනිමින් ශහිඩ් අෆ්රිඩි රැස් කරන ලද අර්ධ ශතකය හේතුවෙන් ලකුණු 176 ක ඉලක්කයක් ලබා දීමට ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම සමත් වුවද එය හඹා යෑමේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දු 3 ක් සහ කඩුලු 8 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේය.

මෙතෙක් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට අද දිනයේදී පත් වුණු අවිෂ්ක ප්‍රනාන්දුගේ නොබිඳුණු ලකුණු 92 ක ඉනිම සඳහා ඔහු පන්දු 63 කට මුහුණ දුන්නේ හතරේ පහර 5 කින් සහ හයේ පහර හතකින් තම ඉනිම වර්ණවත් කරගනිමිනි. එම ඉනිම ප්‍රධාන කොට අවිෂ්ක තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.

අර්ධ ශතකය පන්දු 40 කදී සපුරාගත් දකුණත් පිතිකරුවාගේ පිත්තෙන් ජයග්‍රාහී ලකුණ වර්තා වෙද්දී ෂොයෙබ් මලික් සමඟ තෙවැනි කඩුල්ලේ නොබිඳණු සම්බන්ධතාවය ලකුණු 110 ක්  ලෙසින් සටහන් විය. තරගය හමාර වන විට අනෙක් අන්තයේ රැඳී සිටි මලික් ලකුණු 27 ක් ලබා සිටියේ ලකුණු 03 ක් ලබා සිටියදී පන්දු යැවූ ශහිඩ් අෆ්රිඩිට පෙරළා ලබා දුන් උඩ පන්දුව ගිලිහී යෑමේ වාසනාවෙනි.  

කොරෝනා වෛරසය ආසාධිත වී සුව වීමෙන් පසු නැවතත් තරග බිමට පිවිස් ගෝල් ග්ලැඩියේටර් නායක ශහිඩ් අෆ්රිඩි කාසියේ වාසිය දිනා ගැනීමත් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලකුණු පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන් වෙත පීඩනය එල්ල කිරීමට සැලසුම් කළේය. මෙවර තරගාවලිය සඳහා වැඩිම පෙර සූදානම් වූ කණ්ඩායම බවට පත් වුණු ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයින් ඒ සඳහා රුකුලක් ලබා දෙන ලද්දේ රැක ගත යුතු උඩ පන්දු 3 ක් සහ එක් දුවද්දී දවා ගැනීමේ අවස්ථාවක් මඟ හරවා හැරීමෙනි

එම අවස්ථා 4 න් වැඩිම වාසිය ලබා ගනු ලැබුවේ ‘බූම් බූම්’ (Boom Boom) යන අන්වර්ථ නාමයෙන් හැඳන් වෙන ශහිඩ් අෆ්රිඩිය. ලකුණු 17 ක් ලබා සිටියදී ඇබොට්ගේ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව වනිඳු හසරංග අතින් ගිලිහී යෑමෙන් වරම් ලබා ගත් අෆ්රිඩි සිය ඉනිම ලකුණු 58 ක් දක්වා ඉහළ දමා ගත්තේය. සමාරම්භක තරගයේදී 18 හැවිරිදි රහමනුල්ලා ගුර්බාස් පන්දු 21 කට මුහුණ දෙමින් ලබා ගන්නා ලද වේගවත්ම අර්ධ ශතකයේ හිමිකාරීත්වය පැය 24 ක් ගත වීමට මත්තෙන් අෆ්රිඩි තම සන්තකයට ගනු ලැබුවේ ඒ සඳහා පන්දු 20 ක් පමණක් වැය කරමිනි.  

උඩ පන්දුව ගිලිහී යෑමෙන් පසු පන්දු 11 කට මුහුණ දුන් අෆ්රිඩි ඩුවෑන් ඔලිවර් විසින් යවන ලද 18 වැනි පන්දුවාරයේදී ලකුණු 24 ක් උදුරා ගනිමින් තවත් ලකුණු 41 කින් ඉනිම ඉහළ දමා ගත්තේ ගෝල් ග්ලැඩියේටර් පිලට සහනයක් ගෙන එමිනි.

පළමු පන්දුවාරයේදීම ලකුණු 4 ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලකව දුවද්දී දවා ගැනීමට අවස්ථාවක් උදා වුවද එය මඟ හැර ගැනීමේ වාසියෙන් ඔහු ලකුණු 38 ක් දක්වා සිය ඉනිම ඉහළ දමා ගත්තේය. ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන හිටපු පාක්සාතානු කඩුලු රකින මොයින් ඛාන්ගේ පුත් අසාම් ඛාන් පිට තිසර පෙරේරාගේ පන්දු හමුවේ පිට පිට පන්දු 2 කදී බිනුර ප්‍රනාන්දු සහ චතුරංග ද සිල්වා අතර උඩ පන්දු ලබා දුන්නද එම අවස්ථා 2 ම ගිලිහී යෑම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමට අසාම් වාසනාවන්ත විය. කෙසේ වෙතත් ලොතරැයි වාසනා බඳු අවස්ථා 2 ක් අසාම්ට හිමි වුවද ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 3 ක් පමණකි.

තරගාවලියේ තෙවැනි දිනය වන හෙට (28 දා) දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකින්ග්ස් පිල තරගාවලියේ පළමු වතාවට ක්‍රීඩා කරනු ඇත. මහනුවර ටස්කර්ස් පිලට එරෙහිව පැවැත්වෙන එම තරගය ප.ව. 3.30 ට ආරම්භ වන අතර ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බු කිංග්ස් අතර තරගය ප.ව. 8 ට ආරම්භ වනු ඇත.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest