slc
logo
Home   |    News
නොවැම්බර් 26, 2020
එල්.පී.එල් ගෞරවය අනාගත පරපුරට පුදමි – ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා

Sri Lanka Cricket

            ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ රන් අකුරින් ලියැවෙන ඵෙතිහාසික ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලිය පසුගිය බ්‍රහස්පතින්දා (26) හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රි 6.50ට විචිත්‍රවත් අයුරින් ආරම්භවූයේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සැබැවින්ම ගාම්භීර ස්වරූපයක් ඉසිලු අපටම ආවේණික වූ නර්තන, වැයුම් හා දේශීය සංස්කෘතියට මුල්තැනක් දෙමින් අපගේ ශ්‍රී විභූතිය ලොවට විදහාපාමිනි.

          උඩරට පහතරට නැටුම් සමග “එක්ව ජයගමු” යනුවෙන් භාෂා ත්‍රිත්වයෙන්ම භාතිය- සංතූෂ් ප්‍රමුඛ ගායන ශිල්පීන් ඉදිරිපත් කළ තේමා ගීතය, කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය හා දඹුල්ල කණ්ඩායම් නිරූපණය කරමින් එම පළාත් වලට අයත් ධජ සහ ජාතික ධජ රැගත් තරුණයන් වේදිකාවට පිවිසීම සමග සමාරම්භක උළෙල වර්ණවත් වූයේ අලංකෘතවූ මල් වෙඩි සංදර්ශණයකිනි.

          සෞඛ්‍ය නීති රීති මනාව පිළිපදිමින් සැබැවින්ම ගාම්භීරවු ස්වරූපයක සිරි ඉසිලු අතාත්වික (සත්‍ය අයුරින් VIRTUALLY) සමාරම්භක උළෙල මෙරට පමණක් නොව විදේශයන්හි පවා සිට නැරැඹූ ශ්‍රී ලාංකිකයන්ගේ සහ විදේශිකයන්ගේ ප්‍රමාණය අතිවිශාලය.

          එදා මෙදාතුර ලංකා ඉතිහාසයට විරුවන් බිහිකළ “රුහුණු දේශයේ” මාගම්පුරවරයේ ඵෙතිහාසික සූරියවැවෙන් ඇරැඹු මෙම හෙළ ක්‍රිකට්විරුවන් ලොව ජයගැනීමේ එල්.පී.එල් සංග්‍රාමය තව වසර 2-3කින් ජාත්‍යන්තරයම ආක්‍රමණය කරනු නිසැකය.

          සිත්ඇදගන්නා සුළුවූ සමාරම්භක උත්සවය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා වසර ගණනාවක සිට ශ්‍රී ලංකා වාසීනගේ අපේක්ෂාවක්ව පැවැති ලංකා ප්‍රිමියර් ලීග් සිහිනය යථාර්ථයක් බවට පත්වීමේ පූර්ණ ගෞරවය අපගේ අනාගත තරුණ පරපුරට මේ සුන්දර රාත්‍රියේදී පුද කරන්නෙමි යැයි ප්‍රකාශ කළේය.

          එල්.පී.එල් තරගාවලියට සහභාගිවන ප්‍රබල විදේශීය ක්‍රීඩකයන් තිස්පහක් සහ දේශීය ක්‍රීඩකයන් හැටපහක පමණ සංඛ්‍යාවකගේ පළපුරුද්ද, හැකියාව හා දැනුම අපගේ තරුණ ක්‍රීඩකයනට ජාත්‍යන්තරයට යාමට සහ එහිදී දක්ෂතා පෙන්වීමට අනාගතයේ අත්වැළක් වනු ඇතැයි කී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියා ඉදිරි දින 15ක කාලය තුළ තියුණු උද්වේගකර, සටන්කාමී හා ආශ්වාදජනක තරග 23ක් නිවසේ සිට නැරැඹීමේ මහඟු සහ විරල අවස්ථාව අපගේ ක්‍රීඩාලෝලීනට උදාවන්නේ යැයිද කීය.

          “එල්.පී.එල් තරගාවලිය සාර්ථක කර ගැනීමේ දැවැන්ත ව්‍යායාමය යථාර්ථයක් බවට පත්කිරීමට පසුගිය වකවානුව තුළ විශාල වැඩකොටසක් සිදුවූවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන්, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය බලධාරීන්, යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඉටුකළ සේවාව ප්‍රශංසනීයයි”.

          මේ කාර්යය සාක්ෂාත් කරගැනීමට එල්.පී.එල් තරග කමිටුවේ අධ්‍යක්ෂ ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවින් වික්‍රමරත්න මහතා සහ ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා දිවා රාත්‍රී නොබලා ඉටුකළ සේවය පැසසිය යුතු යැයි පැවසූ ක්‍රිකට් සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් වැඩසටහන් රාශියක්ම දියත්කළ බවත් ක්‍රිකට් සංවර්ධනය උදෙසා අනාගතයේදී තවත් ව්‍යාපෘති රැසක්ම සැළසුම් කර ඇති බවත් කීය. දෙස් විදෙස් සංචාර සංවිධානය කිරීම, දේශීය අන්තර් පළාත් 20-20, එක්දින, තුන්දින සහ සිව්දින තරග සංවිධානය කණිෂ්ට ක්‍රීඩක සංවර්ධනය හා කාන්තා ක්‍රිකට් එතෙර මෙතෙර සංචාරක පුහුණුකරු පාඨමාලා විදේශීය පුහුණුකරු සේවයන් ලබාගැනීම අධිතාක්ෂණ මධ්‍යස්ථානයේ හ බුද්ධි කේන්ද්‍රයේ සහය ඇතිව තාක්ෂණය උපයෝගී කරගෙන ක්‍රිකට් දියුණු කිරීම මේ වැඩසටහනෙ කරුණු කිහිපයකැයි ඒ මහතා කීය.

          ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් ක්‍රීඩාව ආශ්‍රිතව මෙරටට ආයෝජකයන් ගෙන්වා ආර්ථික ප්‍රගතියක් ලබාගැනීමටත්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමටත්, නුදුරු අනාගතයේදීම අපේක්ෂා කරන්නේ යැයි කීවේය.

          ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලනයවත් වෙනත් වාද භේදවත් බලාපන්නේ නෑ සැමගේ එකමුතුවීමක් මෙහිදී දැකිය හැකියි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ප්‍රේක්ෂකයනට නැරැඹීමට අවස්ථාව උදාවන්නේ රූපවාහිනියෙන් නැරැඹීමෙන් නව අත්දැකීමක් තුළිනුයි. කණ්ඩායම් පහටම සතුටින් සුබ පතන්නේ යැයිද ක්‍රීඩා අමාත්‍යවරයා පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්
    වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් […]
  • සිංහ – කැංගරු සටනට තව එක්දින තරගයක් එක් වෙයි
    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය යටතේ කළින් ප්‍රකාශයට පත් කළ පරිදි එක්දින තරගයක් වෙනුවට එක්දින තරග දෙකක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කර සිටියි. ක්‍රිකට් […]
  • පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවෝ පරාජය වෙති
    ජනවාරි මස 18 වැනිදා සිට මැලේසියාවේදී පැවැත්වීමට නියමිත දෙවැනි වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පෙර සූදානමක් ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පළමු […]
  • කණ්ඩායමේ දුර්වලතා ඉක්මනින්ම සකස් කරනවා – සනත් ජයසූරිය
     නවසීලන්තයේ පැවැති ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියන් දෙකේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු ඇතැම් දුර්වලතාවයන් ඉක්මනින්ම යළි සකස් කර ගැනීමට පියවර ගන්නා […]
  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee