slc
logo
Home   |    News
නොවැම්බර් 30, 2020
තිසරගේ වේගවත් ඉනිමෙන් ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිත බව රැකගනියි

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව තව දුරටත් ඉදිරියට යන්නේ කවුරුන්ද යන්න වූ ඉරණම තීන්දු කිරීම වෙනුවෙන් පැවැති තීරණාත්මක කඩඉමේදී දඹුල්ල වයිකින් පිලට එරෙහිව ලකුණු  66 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ස්ටැලියන්ස් පිල තවදුරටත් තරගාවලියේ අපරාජිතභාවය රැක ගැනීමට අද (30 දා) සමත්විය.

එල්.පී.එල්. තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් හම්බන්තොටදී පැවැති මෙම තරගයේදී තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් ලකුණු 219 ක ඉලක්කයක් ලබා දුන් නමුත් එය හඹා යෑමේදී දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු  දඹුල්ල වයිකිංග් පිලට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 19 කුත් පන්දුවකදී ලකුණු 152 ක් පමණි.

වේගවත් හඹා යෑමක් අවශ්‍යව තිබුණද ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාගෙන් දික්වැල්ල හැරුණු කොට සෙසු පිතිකරුවන් වූ පෝල් ස්ටර්ලිංග් සහ උපුල් තරංගගෙන් කණ්ඩායමට අවශ්‍ය සේවය මෙම තරගයේදී ලබා දුන්නේද යන්න ගැටළුවකි. මන්ද යත් ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට ලකුණු 11 කට ආසන්න දල වේගයක් රඳවා ගත යුතුව තිබියදී පන්දු 29 ක් වැය කළ මෙම පිතිකරුවන් දෙදෙනාගේ පිතිවලින් රැස් කිරීමට සමත්වූයේ ලකුණු 17 ක් පමණක් වීම හේතුවෙනි. එහිදී තරග පන්දු 19 කදී ලකුණු 15 ක්ද ස්ටර්ලිංග් පන්දු 9 කදී ලකුණු 2 ක්ද ලබා ගත්හ. 

මෙම තත්ත්වය කණ්ඩායමේ මැද පෙළට පීඩනයක් වූ නමුත් වැටී සිටි තත්ත්වයෙන් ගොඩ ඒමට සමිත් පටෙල් සහ දසුන් ශානක දැඩි උත්සාහයක නිරත විය. එහිදී වේගය වැඩි කිරීමට යෑමේදී සමිත් පටෙල් ලකුණු 41 කට දැවී ගියේ මුහුණ දුන් 22 වැනි පන්දුවේදීය. මෙතක් ක්‍රීඩා කළ තරග 2 දී සාර්ථක පන්දු යවන්නකු බවට පත්ව සිටින වනිඳු හසරංගගේ ගුග්ලි පන්දුවක් හමුවේ පටෙල් සිය කඩුල්ල අහිමිකර ගන්නා විටදී හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් ඉනිම වර්ණවත්ව තිබිණ.

සහායකයා දැවී ගියද අනෙක් අන්තයෙන් සටන අත් නොහළ දසුන් හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 21 කදී ලකුණු 35 ක් එක් කළේය. එහෙත් ඒ සියල්ල ජයග්‍රහණයේ පරතය අඩුවීම විනා ජැෆ්නා ස්ටැලියන්ස් පරාජය කිරීමට තරම් ප්‍රමාණවත් නොවීය.  දක්ෂ පන්දු යැවීමක නිරත වුණු උස්මාන් ශින්වාරි තම පන්දුවාර 4 ලකුණු 16 කට සීමා කළා පමණක් නොව කඩුලු 3 ක්ද දවා ගත්තේය. ඔහුට අමතරව නායක තිසර පෙරේරා සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. 

 9 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දීමට පැමිණි තිසර පෙරේරාගේ අනුකම්පා විරහිත පිතිහරඹය නොවන්නට මෙම ඉනිමේදී ජැෆ්නා ස්ටැලියින්ස් පිලට ලකුණු 200 ඉලක්කය පැමිණීම කෙසේ වෙතත් ලකුණු 160 ක හෝ ලබා ගැනීම අවධානම් තත්ත්වයක විය. 

එල්.පී.එල්. තරගාවලිය තුළදී පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව මෙන්ම තිසර පෙරේරාගේ විස්සයි-20 තරග දිවියේ වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් අද ලබා ගත් ලකුණු 97 සටහන් විය. ඒ සඳහා පන්දු 44 ක් පමණක් වැය කළ වමත් පිතිකරුවා සිය ඉනිම හයේ පහර 7 කින් සහ හතරේ පහර 8 කින් සරසා ගන්නා ලද්දේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන ලද ළහිරු කුමාරගේ පන්දුවාරයේදී  ලකුණු 30 ක් උදුරා ගනිමිනි. 

මෙතෙක් පැවැති තරග 5 දී පන්දු යවන්නකු පන්දුවාරයකදී ලබා දුන් ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත් වුණු ළහිරුගේ එම පන්දුවාරයේදී  4-4-6-6-6-4 වශයෙන් තිසර ලකුණු රැස් කළේය. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්ම 

ලකුණු හඹා යෑමේදී තණතීරුව ලබා දෙන වාසිය ප්‍රයෝජනයට ගැනීමේ අරමුණෙන් කාසියේ වාසිය දිනූ දසුන් ශානක ප්‍රථමයන් පන්දු යැවීම තෝරා ගත් අතර ආරම්භයේ සිටම ස්ටැලියන්ස් පිතිකරුවන්ව පාලනයකින් යුතුව තබා ගැනීමට එම පන්දු යවන්නෝ සමත්වූහ. එහිදී දඹුල්ල පන්දු යවන්නෝ කෙතරම් හොඳට පන්දු යැව්වේද කිවහොත්  9 වැනි පන්දුවාරය අවසන් වන විට පිතිකරුවන් ලෙසින් නම් දරමින් කණ්ඩායමට එක්ව සිටින 5 දෙනෙකුම තරග නරඹන්නන් බවට පත් කිරීමට සමත් වූයේ ලකුණු පුවරුව 64 ක් ලෙස සටහන්ව තිබියදීය. 

එම තත්ත්වය මත අනපේක්ෂිත අසීරුතාවයකට ඇද වැටුණු ජැෆ්නා ස්ටැලියන්ස් පිල වෙනුවෙන් අවශ්‍ය මොහොතේදීම ක්‍රියාත්මක වුණු තිසර පෙරේරා කණ්ඩායමට එක්ව සිටින සහෝදරයින් දෙපළ වන චතුරංග ද සිල්වා සහ වනිඳු හසරංග එක්ව වැටුණු තත්ත්වයෙන් ගොඩ ඒමේ මෙහෙයුමක් දියත් කළේය.

නායකත්වයේ වගකීම කුමක්ද…? එය 100% ක්ම ඉටු කළ වමත් පිතිකරුවා 6 වැනි සහ 7 වැනි කඩුලු වෙනුවෙන් ලකුණු 50 කට ඉහළ කඩුලු සම්බන්ධතා පැවැත්වූහ. එහිදී  චතුරංග (29) සමඟ පන්දු 32 කදී ලකුණු 51 ක්ද වනිඳු (24) සමඟ පන්දු 22 කදී ලකුණු 55 ක්ද රැස් කරමින් ලකුණු 200 කට ඔබ්බෙන් වූ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ජැෆ්ටා ස්ටැලියන්ස්ට මං පෙහෙළි විවර කළහ. 

එපමණක් නොව 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි බිනුර සමඟද ලකුණු 48 ක නොබිඳුණු සම්බන්ධතාවයක් තිසර එක් කරන ලද්දේ පන්දු 15 ක් ඒ සඳහා වැය කරමිනි. එම සම්බන්ධතාවයේදී බිනුරගේ දායකත්වය ලකුණු 8 ක් වූ අතර ඉතිරි 40 ම තිසරගේ පිත්තෙන් වාර්තා වීම කැපී පෙනිණ. ස්ටැලියන්ස් ඉනිම හමාර වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත් තිසර අවසන් පන්දු වාර 5 දී ලකුණු 87 ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට මූලිකත්වය දුන්නේය.  

ළහිරු කුමාර විසින් යවන ලද පළමු පන්දුවට අලංකාර ස්කෙවයාර් කට් පහරකින් සංග්‍රහ කරමින් ඉකුත් තරගයේ වීරයා බවට පත් වුණු අවිශ්ක ප්‍රනාන්දු සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළත් ඔහුට මුහුණ දීමට හැකි වූයේ තවත් පන්දු 2 කට පමණි. කෙසේ වෙතත් පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වන විට කඩුලු 4 ක් දවා ගනිමින් තරගයේ වැඩි වාසි දඹුල්ල වයිකිංන් පිල සතු වූ අතර 9 වැනි පන්දුවාරයේදී ෂොයෙබ් මලික්ද දැවී යෑම එයට තවත් රුකුල් සපයන්නයක් විය.

ලකුණු පුවරුව
ජැෆ්නා ස්ටැලියන්ස්ලකුණුපන්දු46
අවිශ්ක ප්‍රනාන්දුඇ.නිරෝෂන් දික්වැල්ලප.ළහිරු කුමාර4310
මිනෝද් භානුකඇ.පෝල් ස්ටර්ලිංප.අන්වර් අලී6710
ටොම් මුවර්ස්ඇ.නිරෝෂන් දික්වැල්ලප.රමේෂ් මෙන්ඩිස්5310
ධනංජය ද සිල්වාප.සමිත් පටෙල්161220
ෂොයෙබ් මලික්ඇ.නිරෝෂන් දික්වැල්ලප.සමිත් පටෙල්231321
චතුරංග ද සිල්වාදුවද්දී දැවී ගියාතරංග/දික්වැල්ල292402
තිසර පෙරේරානොදැවී974487
වනිඳු හසරංගඇ.නිරෝෂන් දික්වැල්ලප.අෆ්ටාබ් අලාම්241031
බිනුර ප්‍රනාන්දුනොදැවී08401
අතිරේක6
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 218
කඩුලු වැටීම – 1-04 (අවිශ්ක 0.3), 2-09 (මුවර්ස් 1.2), 3-24 (මිනෝද් 3.2), 4-36 (ධනංජය 4.4.), 5-64 (මලික් 8.3), 6-115 (චතුරංග 13.5), 7-170 (වනිඳු 17.3)
පන්දු යැවීම 
ළහිරු කුමාර 4-63-1රමේෂ් මෙන්ඩිස් 4-0-25-1
අන්වර් අලී 4-0-46-1සමිත් පටෙල් 3-0-26-2
අෆ්ටාබ් අලාම් 3-0-26-1දසුන් ශානක 1-0-14-0
ළහිරු මදුශංක 1-0-21-0
දඹුල්ල වයිකිංග්ලකුණුපන්දු46
නිරෝෂන් දික්වැල්ලඇ.ෂොයෙබ් මලික්ප.උස්මාන් ශින්වාරි201112
පෝල් ස්ටර්ලිංග්ඇ.පීටර් මුවර්ස්ප.බිනර ප්‍රනාන්දු2900
උපුල් තරංගඇ.මිනෝද් භානුකප.තිසර පෙරේරා151920
සමිත් පටෙල්ප.වනිඳු හසරංග412214
දසුන් ශානකඇ.චතුරංග ද සිල්වාප.බිනර ප්‍රනාන්දු352132
අන්වර් අලීඇ.චතුරංග ද සිල්වාප.බිනර ප්‍රනාන්දු211321
ළහිරු මදුශංකඇ.උස්මාන් ශින්වාරිප.තිසර පෙරේරා0200
රමේෂ් මෙන්ඩිස්ඇ.පීටර් මුවර්ස්ප.ඩුවේන් ඔලිවර්10801
අෆ්ටාබ් අලාම්නොදැවී1600
මාලින්ද පුෂ්පකුමාරඇ.පීටර් මුවර්ස්ප.උස්මාන් ශින්වාරි0200
ළහිරු කුමාර දුවද්දී දැවී ගියාප.වනිඳු/චතුරංග0200
අතිරේක7
එකතුව පන්දුවාර 19.1 කදී සියලු දෙනා දැවී ලකුණු152
අතිරේක – 1-24 (දික්වැල්ල 2.4), 2-39 (ස්ටර්ලිං 5.1), 3-63 (තරංග 8.3), 4-89 (පටෙල් 11.2), 5-124 (අලී 14.4), 6-141 (ශානක 15.6), 7-144 (මදුශංක 16.3), 8-151 (මෙන්ඩිස් (17.5), 9-152 (මාලින්ද 18.4)
පන්දු යැවීම 
උස්මාන් ශින්වාරි 4-0-16-3බිනුර ප්‍රනාන්දු 4-0-41-2
ඩුවේන් ඔලිවර් 4-0-42-1තිසර පෙරේරා 3-0-23-2
වනිඳු හසරංග 4-0-24-1චතුරංග ද සිල්වා 0.1-0-0-0

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest