slc
logo
Home   |    News
නොවැම්බර් 8, 2020
දින 21 ක් පුරා විහිදෙන LPL තරග කාල සටහන එළියට

Sri Lanka Cricket

By Chamila Karawita

දෙස් විදෙස් ක්‍රීඩකයින්ගෙන් සමන්විතව පළමු වරට පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2020’ ක්‍රිකට් තරගාවලිය ලබන නොවැම්බර් මස 26 වැනි දින ප.ව. 3.30 ට පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයින් පසු ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරනු ලබන කලම්බු කිංග්ස් සහ කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර තරගයෙන් ආරම්භ වේ. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය. ප.ව. 7.30 ට ආරම්භවනු ඇත.

නොවැම්බර් 27, දෙසැම්බර් 04 සහ දෙසැම්බර් 11 යන දිනයන්හිදී පමණක් එක් තරගය බැගින් පැවැත්වෙන අතර සෙසු සෑම දිනයකදීම ප.ව. 3.30 ට පළමු තරගයත් ප.ව. 7.30 ට දෙවැනි තරගයත් පැවැත්වෙනු ඇත. නොවැම්බර් 27 වැනිදා සහ දෙසැම්බර් 04 වැනි දිනයන්හිදී පැවැත්වෙන තරග 2 පමණක් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබේ.  

නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා වූ පුරා දින 21 ක කාලයක් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සෞඛ්‍ය නීති රීතීන් යටතේ පැවැත්වෙන අතර එහිදී කොවිඩ් -19 වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා සියළුම කණ්ඩායම් ‘ජෛව ආරක්ෂිත බුබුලකට’ (Bio-secure bubble) යොමු කෙරෙනු ඇත. 

ලීග් ක්‍රමයට පැවැත්වෙන පළමු වටය යටතේ සෑම එක් කණ්ඩායමක්  තවත් කණ්ඩායමක් තරග 2 කට බැගින් සමස්ථ තරග 8 කට සහභාගිවනු ලබන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 දෙසැම්බර් මස 13 සහ 14 යන දිනයන්හි පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත. තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් මස 16 වැනිදා පැවැත්වෙනු ඇත. 

කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී කලම්බු කිංග්ස් පිල ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, කැන්ඩි ටස්කර්ස් පිල කුසල් පෙරේරා විසින්ද, දඹුල්ල ලයන්ස් පිල දසුන් ශානක විසින්ද, ගෝල් ග්ලැඩියේටර් ලසිත් මාලිංග විසින්ද ජැෆ්නා ස්ටැලියන්ස් තිසර පෙරේරා විසින්ද මෙහෙයවනු ලබති. 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee