slc
logo
Home   |    News
නොවැම්බර් 29, 2020
රසල්ගේ වාර්තාගත ඉනිමෙන් ‘කලම්බු කිංග්ස්’ දෙවැනි ජයත් ලබයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

පන්දුවාර විස්සයි-20 ලීග් තරග රටාවේ 5 වැනි වේගවත්ම අර්ධ ශතකයට හිමිකම් කී ඇන්ඩ්‍රෙ රසල්ගේ වෙඩි වරුසාවක් බඳු වූ පිතිහරඹය හේතුවෙන් “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද (28 දා) රාත්‍රියේ පැවැති තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිල පරදවා ලකුණු 34 ක  දැවැන්ත ජයක් වාර්තා කිරීමට කලම්බු කිංග්ස් කණ්ඩායම සමත්විය. අදාළ තරග ජය කලම්බු කිංග්ස් පිලේ දෙවැනි ජයග්‍රහණයද ගෝල් ග්ලැඩියේටර්හි දෙවැනි පරාජය ලෙසින්ද සටහන් විය.

පස්වරුවේ ඇද හැළුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් පන්දුවාර 5 කට සීමා වෙමින් රාත්‍රී. 10.56 ට ඇරැඹි මෙම තරගයේදී රසල්ගේ ඉනිම ප්‍රධාන කොට ලකුණු 97 ක අසීරු ඉලක්කයක් ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමට හිමිවිය. එය හඹා යෑමේදී ගෝල් ග්ලැඩියේටර් පිලට රැස් කරගත හැකි වූයේ කඩුලු 2 ක් දැවී ලකුණු 62 ක් පමණි.

එහිදී ගෝල්ග්ලැඩියේටර් පිල වෙනුවෙන් ඉසුරු උදාන යවන ලද පළවැනි පන්දුවාරයේදී හස්රතුල්ලා සසායි ලබාගත් ලකුණ හැරුණු කොට ඉතිරි ලකුණු 18ම ධනුෂ්ක ගුණතිලකගේ පිත්තෙන් වාර්තා විය. ගුණතිලක හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟ පන්දු 15 කදී ලකුණු 30 ක් ලබා ගත් අතර නායක ශහිඩ් අෆ්රිඩි පන්දු 6 කදී ලකුණු 12 ක් ලබාගත්තේය.

කලම්බු කිංග්ස් වෙනුවෙන් ඉනිම ඇරැඹි ඇන්ඩ්‍රෙ රසල් ග්ලැඩියේටර් පිල සතු ප්‍රබලම විදෙස් පන්දු යවන්නා වන මොහොමඩ් අමීර් යැවූ පළමු පන්දුවාරයේදී ලකුණු 26 ක් ලබා ගන්නා ලද්දේ ලබා දුන් වයිඩ් පන්දු 2 කද අතිරේක ලෙස එකතු කර ගනිමිනි.

0-වයිඩ්-6-4-6-වයිඩ්-4-4 ලෙසින් දැඩි ප්‍රහාරයකට ආමර් ඇද දැමූ රසල් කලම්බු කිංග්ස් ඉනිම නිමා වන විට පන්දු 19 කදී නොදැවී ලකුණු 65 ක් ලබා සිටියේය. හයේ පහර 4 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් වුණු එම ඉනිම හේතුවෙන් තරගයේ වීරයා සම්මානයෙන්ද රසල් පිදුම් ලැබීය.

එක් ඉනිමක් පන්දු 30 කින් සීමා වුණු මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිතිකරුවන් විසින් ලබාගත් ලකුණු 96 න් 76 ක්ම (6 පහර 6 යි, හතරේ පහර 10 යි) හයේ සහ හතරේ පහර 10 වලින් ලබාගත් ඒවා විය. කලම්බු කිංග්ස් කණ්ඩායමේ පිතිකරුවන් අතරින් ප්‍රහාරයට ලක් නොවුණු එකම පන්දු යවන්නා බවට පත්වූයේ මොහොමඩ් ශිරාස් වන අතර ඔහු තම පන්දුවාරය ලකුණු 11 කට යවා අවසන් කිරීමට සමත්විය.

පැය 3 කට ආසන්න කාලයක් වර්ෂාවෙන් බාධා ඇති වුවද ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලයේ උපරිම කැපවීමේ ප්‍රථිඵලයක් ලෙසින් පන්දුවාර 5 කට හෝ සීමාවෙමින් තරගය පැවැත්වූවා හැරෙන්නට වර්ෂාවේ බාධා කිරීම එතරම්ම දරුණු විය. එසේ ඇරැඹි තරගයේදී කලකට අමතක නොවන ප්‍රහාරයකට ලක් වුණු මොහොමඩ් ආමර් විසින් ක්‍රියාත්මක කරනලද පන්දු 12 තුළදී පමණක් ප්‍රතිවාදී පිතිකරුවෝ ලකුණු 46 ක් ලබාගෙන සිටියහ. ඉන් ලකුණු 30 ක්ම රසල්ගේ පිත්තෙන් වාර්තා විණ.

විස්සයි-20 තරග පිටිය නියෝජනය කළ යුවරාජ් සිං (පන්දු 12 කදී), ක්‍රිස් ගේල් (පන්දු 12 කදී), හස්රාතුල්ලා සසායි (පන්දු 12 කදී) සහ මාකස් ට්‍රෙස්ක්‍රොතික් (පන්දු 13 කදී) වේගවත් අර්ධ ශතක ලබමින් රසල්ගේ ඉදිරියෙන් සිටිති. එමෙන්ම මෙම තරගයේදී කලම්බු කිංග්ස් පිල රැස් කරන ලද ලකුණු 96 පන්දුවාර 5 කට සීමා වෙමින් පැවැති තරගයකදී කණ්ඩායමක් රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ලෙසින්ද සටහන් විය.

හෙට (30 වැනිදා ) සියළුම කණ්ඩායම්වලට විවේක දිනයකි.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee