slc
Home   |    News
නොවැම්බර් 29, 2020
වෛද්‍ය උපදෙස් අනුව ඕෂදට සතියක විවේකයක්

sinhala editor

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තෙවැනි තරගයේදී ආබාධයකට ලක් වුණු දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දුට සතියක කාලයක් විවේක ගන්නා ලෙස එම කණ්ඩායම් වෛද්‍යවරයා උපදෙස් දී තිබේ.

කැන්ඩි ටස්කර්ස් පිලට එරෙහිව ඊයේ (28 දා) හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පන්දුවට පහර දෙමින් සිටියදී ඕෂද පාදයේ ආබාධයකට ලක් වූවේය. එහිදී ඔහුව එම්.ආර්.අයි. පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණු අතර එම වාර්තාව නිරීක්ෂණය කිරීමෙන් පසු කණ්ඩායමේ වෛද්‍යවරයා සතියක කාලයක් විවේක ගන්නා ලෙස උපදෙස් දී තිබේ.

ලකුණක් සඳහා පැති මාරු කර ගැනීමට කරන ලද උත්සාහයේදී පාදය ලිස්සා ඇද වැටීම මත ඕෂද වෛද්‍ය කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන් පිටියෙන් ඉවත්ව ගියේය. එම වාර්තාවට අනුව ඕෂධ ගේ වළලුකර ආශ්‍රිතව වූ පටක වලට හානි සිදුවී තිබෙන බවට හඳුනාගෙන තිබේ.  

දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමේ තෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙමින් පැවැති අවස්ථාවේදී ඕෂද මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේය. ගාල්ලේ පිහිටි පෞද්ගලික රෝහලකින් එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයට මුහුණ දුන් ඕෂද මේ වන විට කණ්ඩායම නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයට නවාතැන් ගෙන සිටියි.  

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වත්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙසැම්බර් 17 වැනිදා ටෙස්ට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිත අතර ඒ සඳහා පිටත්ව යන ක්‍රීඩකයින් 22 දෙනාගේ සංචිතයට ඕෂධ ද ඇතුළත්ව සිටිති. ඉකුත් 2019 වසරේ පැවැති ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේදී මංගල ටෙස්ට් වරම් දිනා ගන්නා ලද ඕෂධ එම තරගාවලියේදී පිතිකරුවකු ලෙසින් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්විය. එම තරගාවලිය ශ්‍රී ලංකාව 2-0 ක් ලෙස දකුණු අප්‍රිකානු පිල ඔවුන්ගේ නිජ බිමේදීම පරාජය කිරීමට සමත්වූයේ එවැනි දස්කමක් ආසියාවෙන් කළ පළමු කණ්ඩායමට බවට පත් වෙමිනි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest