slc
logo
Home   |    News
නොවැම්බර් 21, 2020
LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම්

Sri Lanka Cricket

එළැඹෙන 26 වැනිදා ආරම්භ වන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුණාත්මක භාවය රැක ගැනීම සඳහා ගත යුතු ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුබට නොවන අතර එකී ගුණාත්මකභාවය බිඳ වැටෙන කුමන කටයුත්තකදී තරගාවලිය අතරතුරදී වාර්තාවුවහොත් ඒ සම්බන්ධව දැඩි තීරණය ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇත.

LPL තරගාවලියේ දූෂණ විරෝධී ක්‍රියා පාලනය පිළිබඳව කටයුතු කිරීම සඳහා දැනටමත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව යටතේ පවතින දූෂණ විරෝධී අංශ නිලධාරීන් දෙදෙනකු ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ඔවුහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් සමඟ එක්ව කටයුතු කරති. ක්‍රීඩකයින් සහ කණ්ඩායම් භාර නිලධාරීන් නවාතැන් ගෙන සිටින හම්බන්තොට ෂැන්ග්‍රිලා හෝටලයේම නවාතැන් ගෙන සිටින එම නිලධාරීහු හෝටල් පරිශ්‍රය, තරග ක්‍රියාත්මක ක්‍රීඩාංගණයේදී මෙන්ම LPL හා සම්බන්ධව පැවැත්වෙන සියළුම නිල උත්සව අවස්ථාවන්හිදී ඒ පිළිබඳව සුපරික්ෂාකාරීව කටයුතු කරනු ඇත. 

ඒ අනුව තරගාවලිය අතරතුර යම්කිසි දූෂිත ප්‍රවේශයන් වාර්තා වුවහොත් ඒ පිළිබඳව දූෂණ දූෂණ විරෝධී අංශ නිලධාරීන්ට පැමිණිලි කිරීමට තරගාවලිය නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් සහ කණ්ඩායම් නිලධාරීහු බැඳී සිටිති. එසේ සිදුකරන පැමිණිලි සම්බන්ධව දැඩි රහස්‍ය භාවයකින් කටයුතු කිරීමට දූෂණ විරෝධී අංශය කටයුතු යොදනු ඇත.

තරගාවලිය අතරතුර සැක සහිත හෝ දූෂිත ක්‍රියායාවක් පිළිබඳව වාර්තා වුවහොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශය විසිහතර පැය පුරාම ඇමැතුම් ලබා ගැනීමට හැකිවන පරිදි දුරකථන අංකයක් පවත්වාගෙන යනු ලබන අතර තරගාවලිය සමාරම්භයට පෙර සියළුම ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව වැඩි දුර දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් දූෂණ විරෝධී කටයුතු සම්බන්ධ අනුගමනය කළ යුතු කරුණු, ක්‍රීඩකයින් සහ නිලධාරීන් වෙසෙන ස්ථානවලදී එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට දූෂණ විරෝධී අංශ නිලධාරීහු පියවර ගෙන තිබේ. 

දූණ විරෝධී ක්‍රියාවන් සම්බන්ධව කණ්ඩායම්වලට හිමිකරුවන් සහ නිලධාරීන්ව පූර්ව දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති අතර තරගාවලිය ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුතුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳව එහිදී අවධාරණය කර සිටි අතරම ඒ සඳහා වූ සහායද ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.

එහිදී අදහස් දක්වා ඈෂ්ලී ද සිල්වා මහතා, ” දූෂණ විරෝධී ලේඛනයට අදාළ කරුණු පිළිපදිමින් පිරිසිදු සහ සාධාරණ තරගාවලියක් පැවැත්වීමට කටයුතු කරන බවට සහතික වන මෙන් අපි ක්‍රීඩකයින්ගෙන් සහ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියෙමු”යි සඳහන් කර සිටියේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ දූෂණ විරෝධී අංශ හැරුණු විට දූෂිත ක්‍රියාවලින් තොරව තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යෑම සහතික කර ගැනීම සඳහා අවශ්‍ය විටෙක ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශවල සහාය ලබා ගැනීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවේ.

එපමණක් නොව, මෙම තරගාවලිය හා බැඳි සිටින්නන්, 2019 වසරේ අංක 24 දරණ ක්‍රීඩා පනතට අදාළව මෑතකදී බලාත්මක කරන ලද “අපරාධ වැළැක්වීමේ පනතෙහි” විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු වේ.  එහිදී ක්‍රීඩාවේ ඕනෑම ආකාරයක දූෂිත අවස්ථාවක් හෙවත්, තරග පාවාදීමක්, නීති විරෝධී ලෙස හැසිරවීම සහ ඔට්ටු තැබීම ශ්‍රී ලංකා අපරාධ නීතිය යටතේ සාපරාධී වරදක් ලෙස සලකනු ලැබේ. 

තරගාවලිය දූෂණ විරෝධී කටයුතු සම්බන්ධව දූෂණ විරෝධී අංශ දුරකථන අංක

ශ්‍රී ලංකාව – +94769053800

ඩුබායි – +97565458909 (Voice and Whatsapp)

විද්‍යුත් තැපැල් (Email) – [email protected] 

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar