slc
Home   |    News
දෙසැම්බර් 6, 2020
කැන්ඩි ටස්කර්ස් අසරණ කොට කලම්බු කිංග්ස් අවසන් කණ්ඩායම් 4ට

sinhala editor

Chamila Karawita reporting from Hambantota

කඩුලු අතර සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට පිතිකරුවන් අපොහොසත් වීම මත “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු කිංග්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 7 ක වේදනාත්මක පරාජයක් අත්විඳීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට අද (05 දා) සිදුවිය. මෙම ජයග්‍රහණයත් සමඟ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම් සමඟ අවසන් කණ්ඩායම් 4 ට සුදුසකම් ලද තෙවැනි කණ්ඩායම බවට කලම්බු කිංග්ස් කණ්ඩායම පත්විය.  

ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට 5.44 ක වේගයක් රඳවා තබා ගැනීමට තරම් වූ පහසු ඉලක්කයක් බවට පත්වූ ලකුණු 106 ක ලකුණු සංඛ්‍යාව හඹා යෑමේදී කලම්බු කිංග්ස් කණ්ඩායම පන්දු 35 ක් ඉතිරිව සපුරාගන්නා ලද්දේ කඩුලු 3 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි. එහිදී දිනේෂ් චන්දිමාල් පන්දු 39 කදී ලකුණු 35 ක්ද අශාන් ප්‍රියන්ජන් පන්දු 27 කදී ලකුණු 26 ක්ද ලබා කලම්බු කිංග්ස් ජයග්‍රහණය සනාථ වන තෙක්ම පන්දුවට පහර දුන්හ.

කැන්ඩි ටස්කර්ස් පිල අද ලබා ගන්නා ලද ලකුණු 105, මෙතෙක් තරගාවලියේ කණ්ඩායමක් ලද අවම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. කැන්ඩි ටස්කර්ස් පිල විසින් අද අලුත් කරන ලද්දේ ජැෆ්නා ස්ටැලියන්ස් පිලට එරෙහිව ඔවුන්ම විසින්ම වාර්තා කරන ලද ලකුණු 131 ක ලකුණු සංඛ්‍යාව වේ.

කඩුලු දැවී ගියද වේගය රඳවා ගැනීමට කැන්ඩි ටස්කර්ස් පිතිකරුවන් උත්සාහ දරනු කැපී පෙනුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 දී ලකුණු 54 ක් රැස් කර ගැනීමට ඔවුහු සමත්විය. එහෙත් ඒ වන විට කණ්ඩායමේ මෙතෙක් වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර පෙරමුණේ සිටින කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ ගුර්බාස්ගේ කඩුලු දවා ගැනීමට කලම්බු කිංග්ස් පන්දු යවන්නෝ සමත්වූහ.

ඇන්ජලෝ මැතිව්ස් විසින් බ්‍රෙන්ඩන් ටේලර්වද කයිස් අහමඩ් විසින් අසේල ගුණරත්නවද කඩුල්ල මුවා කිරීමේ වරදහකට හසු කර දවා ගැනීමට සමත්වීම නිසා ටස්කර්ස් පිල තවත් ආගාධයට ඇද වැටිණ. 6 වැනි පන්දුවාරයත් 10 වැනි පන්දුවාරයත් අතර ඒ සියල්ල සිදුවද්දී එක් හතරේ පහරක් පමණක් වාර්තා වීම කැපී පෙනුණි.

කැන්ඩි ටස්කර්ස් අවම ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුණු අශාන් ප්‍රියන්ජන්, කයිස් අහමඩ් සහ තික්ෂිල ද සිල්වා කඩුලු 2 බැගින් බිඳ හෙළූහ. එහෙත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන ලද්දේ පන්දුවාර 4 කදී ලකුණු 17 ක් පමණක් ලබා දෙමින් කුසල් පෙරේරාගේ කඩුල්ල දවා ගන්නා ලද වේග පන්දු යවන දුෂ්මන්ත චමීරය.

ගුර්බාස් පන්දු 21 කදී ලකුණු 34 ක් ලබා ගන්නා විටදී කුසල් පෙරේරා (40, කුසල් මෙන්ඩිස් (5), බ්‍රෙන්ඩන් ටේලර් (3) සහ අසේල ගුණරත්න (8) ක් වශයෙන් අඩු ලකුණු වලට දැවී ගියහ. ලකුණු 12ක් ඇතුළත කුසල්ලා යුගලය දැවී යෑම කැන්ඩි ටස්කර්ස් පිලට දරාගත නොහැකි පාඩුවක් විය.

පෙර සඳහන් කළ පරිදි පසමස්ථයක් ගෙන බැලූ විට පිතිකරුවන් එකා පිට එකා දැවී ගියා හැරෙන්නට විහේෂත්වයක් සිදුවූයේ නම් ඒ ඉඳහිට හතරේ පහරක් එල්ල වීම පමණි. පළමු තරගයේදී ආබාධයකට ලක් වුණු ඉර්ෆාන් පතන් අද තරගයට ක්‍රීඩා කරමින් ලකුණු 18 ක් ලබා ගත්තේ පන්දු 27 කට මුහුණ දෙමිනි. පතන් ලබාගත් ලකුණු සංඛ්‍යාව ටස්කර්ස් පිතිකරුවකු එම ඉනිමේ වාර්තා කරන ලද දෙවැනි ඉහළතම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest