slc
Home   |    News
දෙසැම්බර් 9, 2020
ග්ලැඩියේටර් – ටස්කර්ස් LPL උණුසුම වැඩි කරයි

sinhala editor

Chamila Karawita reporting from Hambantota

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තරග 15 ක් අවසානයේ කණ්ඩායම් 3 ක් අවසන් පූර්ව තරග වරම් දිනා ගනිද්දී සිව්වැනි කණ්ඩායම කවුරුන්ද යන්න ගෝල් ග්ලැඩියේටර් සහ කැන්ඩි ටස්කර්ස් අතර දැඩි තරගයක් නිර්මාණය වී තිබේ. ඉකුත් 7 වැනිදා කලම්බු කිංග්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් ගෝල් ග්ලැඩියේටර් පිල ජය ගැනීමට සමත්වීමත් සමඟ ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය දක්වා උසස්වීම් ලබා තිබේ.

ග්ලැඩියේටර් පිල ඉදිරියට පැමිණියද දෙපිළම මේ වන විට තරග 6 කට ක්‍රීඩා කොට එක් තරගයක් බැගින් ජයගෙන සිටින අතර මූලික වටය යටතේ තවත් තරග 2 කට මුහුණ දීමට නියමිතය. එම තරග 2 අතරින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කරනු ලබන කණ්ඩායම අභිනව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලබනු ඇත. ඒ අනුව 09 වැනිදා පැවැත්වීමට නියමිත කැන්ඩි ටස්කර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතරතරගයත්, ගෝල් ග්ලැඩියේටර් සහ දඹුල්ල ලයන්ස් අතර තරගයත් දෙපිළටම ඉතා වැදගත් වනු ඇත.

යම් හෙයකින් මෙම තරග වලින් ගාල්ල සහ කැන්ඩි කණ්ඩායම් ජය ගැනීමට සමත්වුවහොත් 10 වැනිදා පැවැත්වීමට නියමිත ගෝල් ග්ලැඩියේටර් සහ කැන්ඩි ටස්කර්ස් අතර තරගය තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගනු ලබන තරගය බවට පත්වනු ඇත.

තරග 6 කට සහභාගිවී ඉන් 4 ක් ජයගෙන සහ තරගයක් විසඳුමකින් තොරව අවසන් කරගැනීමට සමත්ව සිටින ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථානවල පසුවන්නේ දල ලකුණු ලබා ගැනීමේ වේගයේ වූ පරතරය හේතුවෙනි. යාපනය 1.243 ක වේගයක් රඳවා ගැනීමට සමත්වද්දී දඹුල්ල වයිකින්ස් පිල -0.203 ක වේගයක් රඳවා ගැනීමට සමත්ව සිටියි. ප්‍රසාද ලකුණු 8 ක් ලබා සිටින කලම්බු කිංග්ස් කණ්ඩායම තෙවැනි ස්ථානයේ පසුවේ.

මේ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ද පන්දු යවන්නන් අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිඳු හසරංගද පෙරමුණේ පසුවෙති. තරග 6 කට ක්‍රීඩා කර ඇති ධනුෂ්ක ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 64.4 ක් රඳවා ගනිමින් ලකුණු 322 ක් රැස් කරගෙන සිටින අතර වනිඳු කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 10.5 ක් රඳවා ගනිමින් තරග 6 කදී කඩුලු 9 ක් බිඳ හෙළීමට සමත්ව සිටියි.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest