slc
logo
Home   |    News
දෙසැම්බර් 2, 2020
ජැෆ්නා ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියටම

Sri Lanka Cricket

Chamila Karawita reporting from Hambantota

විස්සයි-20 තරග රටාවේ තරගකාරී භාවයේ චමත්කාරය ලොවටම බෙදා දෙමින් හම්බන්තොටදී පැවැත්වෙන “My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ කැන්ඩි ටස්කර්ස්ට කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 54 ක ජයක් වාර්තා කළ ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ  තව දුරටත් තරගාවලියේ අපරාජිත භාවය අද (01 දා) රැක ගත්හ. ඒ අනුව තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා ස්ටැලියන්ස් පිල මෙතෙක් ක්‍රීඩා කරන ලද තරග 3 ම ජය ගනිමින් තරගාවලිය තුළ අපරාජිතව පසුවන එකම කණ්ඩායම බවට පත්ව සිටියි. 

8 වැනි තරගය ලෙසින් පැවැති මෙම තරගයේදී ලකුණු 186 ක ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට පන්දු රැකීම මෙන්ම පන්දු යැවීමද විශිෂ්ඨ ලෙසින් පැවැති ජැෆ්නා ස්ටැලියන්ස්ට එරෙහිව රැස් කරගත හැකි වූයේ පන්දුවාර 17.1 කදී කදී ලකුණු 131 ක් පමණි.

බ්‍රෙන්ඩන් ටේලර් (46), අසේල ගුණරත්න (නොදැවී 31) සහ කුසල් මෙන්ඩිස් (20) හැරුණු කොට සෙසු කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට ඉඩ ලබා නොදුන් ස්ටැලියන්ස් පන්දු යවන්නන් අතරින් කඩුලු 3 ක් දවා ගත් උස්මාන් ශින්වාරි කැපී පෙනුණි. මෙවැනි තරගයකදී කඩුලු ලබා ගැනීම මෙන්ම ලකුණු ලබා නොදීමද එක සේ වැදගත් වන බැවින් එහි වගකීම වටහා ගත් නායක තිසර සහ වනිඳු, ශීන්වාරි මෙන්ම අඩු ලකුණු සංඛ්‍යාවන් ලබා දෙමින් සිය පන්දුවාර නිමා කළහ. තරගය නිමා වන විට ශින්වාරිගේ පන්දු යැවීම පන්දුවාර 3 කදී ලකුණු 17 කදී කඩුලු 3 ක් ලෙස සටහන් වද්දී පන්දුවාර 4 ම යැවූ වනිඳු ලකුණු 17 කට කඩුලු 2 ක්ද තිසර ලකුණු 9 කදී  කදී කඩුලු 2 ක්ද දවාගත්හ. 

පන්දු යැවීමේ දක්ෂතා හැරුණු විට කැන්ඩි ටස්කර්ස් නායක කුසල් පෙරේරා දවා ගැනීම වෙනුවෙන් ස්කෙව්‍යායාර් ලෙග්හි පන්දු රැකිමින් සිටි මිනෝද් භානුක රැක ගන්නා ලද උඩ පන්දුව තරගයේ වැඩි වාසි  ජැෆ්නා ස්ටැලියන්ස් වෙත දෝලනය වුණු ප්‍රධානම හැරවුම් ලක්ෂය ලෙසින් හැඳින්විය හැක. දුන්නෙන් මිදුණු හීයක වේගය මුසු කරමින් කුසල් එල්ල කළ පහර කෙතරම් වේගවත් වූවේද කිවහොත් එය රැක ගැනීමට යෑමේදී මිනෝද් භානුකව පසු පසට තල්ලු වීම කැපී පෙනුණි. 

දඹුල්ල වයිකින්ස්ට එරෙහිව ක්‍රීඩා කළ ඉනිමේ කාබන් කොපියක් බඳු වූ අද තරගයේදීද ඉදිරි පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 49 ක් තුළ දැවී යෑම නිසා වැඩි බරක් නායක තිසර පෙරේරාගේ කර මත පැටවිණි. 10 වැනි පන්දුවාරයේදී දැවී ගිය සිව්වැනි පිතිකරුවා වශයෙන් අවාසනාවන්ත ලෙස ෂොයෙබ් මලික් පිටියෙන් ඉවත් වන විට ස්ටැලියන්ස් ලකුණු පුවරුව ලකුණු 49 ක් ලෙස සටහන්ව තිබුණත් ධනංජය ද සිල්වාට එක්වුණු තිසර තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ජැෆ්නා ස්ටැලියන්ස් පිල රැගෙන ගියේය. 

එහිදී පන්දු 28 කට පමණක් ක්‍රීඩා කළ තිසර හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමඟ වේගවත් ලකුණු 68 ක් රැස් කළේ මෙතෙක් තරගාවලියේ අර්ධ ශතක 2 ක් වාර්තා කළ සිටින දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක සමඟ සමතැන් ගනිමිනි.

තිසරගේ පිත්තෙන් එල්ල වුණු දැවන්ත පහරත්, පන්දු රකින්නන් අතර වූ හිඩැස් තැන් අතරින් පන්දුව රිංගා යෑමට සලස්වමින් ධනංජය ක්‍රීඩා කරන ලද ඉනිම හේතුවෙන් 10 වැනි පන්දුවාරයේ සිට 17 වැනි පන්දුවාරය දක්වා වූ කාල සීමාවේදී ජැෆ්න් ස්ටැලියන්ස් ලකුණු පුවරුව කැරකැවුණේ ඔරලෝසුවේ තත්පර කටුව කැරකෙනවාටත් වඩා වේගයකිනි.

ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වුණු නවීන් උල්හක් විසින් ක්‍රියාත්මක කරන ලද 18 වැනි පන්දුවාරයේ පිට පිට පන්දු 2 කදී තිසර සහ ධනංජය දෙදෙනාම දැවී යෑම ජැෆ්නා ස්ටැලියන්ස් පිලට ලකුණු 200 සීමාව ආසන්නයට නොහැකි වීමට ප්‍රධාන හේතුව විය. මන්ද ඔවුන් දැවී යෑමෙන් පසු ජැෆ්නා ස්ටැලියන්ස් ඉනිම හමාර වන තෙක් යැවීමට නියමිතව තිබුණු ඕවර 2 කුත් පන්දු 3 ඇතුළතදී (පන්දු 15 යි) පිතිකරුවන් රැස් කර ගැනීමට සමත්වූයේ ලකුණු 18 ක් පමණක් වූ බැවිනි.

එහෙත් ඒ වන විටත් පන්දු 47 කදී වේගවත් ලකුණු 118 ක් එක් කළ සිටි තිසර සහ ධනංජය කැන්ඩි ටස්කර්ස් පිලට කළ හැකිව තිබූ දැවැන්තම හානිය සිදුකර තිබුණි. ඩිල්රුවන් පෙරේරා යවන ලද 16 වැනි පන්දුවාරයේදී පන්දු 5 කට රැස් කරන ලද ලකුණු 21 ද සමඟින් පන්දු 38 ක් පුරා විහිදුණු ධනංජයගේ ඉනිම ලකුණු 61 ක්න් සමන්විත විය. දැවී යෑමට ප්‍රථම සිය ඉනිම හයේ පහර 4 කින් සහ හතරේ පහර 5 කින් වර්ණවත් කරගැනීමට ධනංජය අමතක නොකළේය.

වනිඳු හසරංගගේ වැඩි මහල් සොහොයුරා වූ චතුරංග ද සිල්වා දවා ගැනීම වෙනුවෙන් හතරේ සීමාව ආසන්නයේ සිට විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත් අසේල ගුණරත්න පන්දුවාර 3 කදී ලකුණු 20 කට කඩුලු 2 ක් ද නවීන් උල් හක් පන්දුවාර 4 ක් යවමින් ලකුණු 44 කට කඩුලු 3 ක්ද බිඳ හෙළූහ.

ලකුණු පුවරුව
ජැෆ්නා ස්ටැලියන්ස්ලකුණුපන්දු46
අවිශ්ක ප්‍රනාන්දුදුවද්දී දැවී ගියාසික්කුගේ ප්‍රසන්න3500
මිනෝද් භානුකස්ට.කුසල් පෙරේරාප.අසේල ගුණරත්න152320
ධනංජය ද සිල්වාඇ.නුවන් ප්‍රදීප්ප.නවීන් උල්හක්613853
ටොම් මුවර්ස්ප.අසේල ගුණරත්න4600
ෂොයෙබ් මලික්දුවද්දී දැවී ගියාකමිඳු මෙන්ඩිස්9710
තිසර පෙරේරාප.සික්කුගේ ප්‍රසන්නප.නවීන් උල්හක්682855
වනිඳු හසරංගඇ.ඩිල්රුවන්පෙරේරාප.නුවන් ප්‍රදීප්5410
චතුරංග ද සිල්වාඇ.අසේලගුණරත්නප.නවීන් උල්හක්5510
උස්මාන් ශින්වාරිනොදැවී6610
සුරංග ලක්මාල්නොදැවී0000
අතිරේක9
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 185
කඩුලු වැටීම – 1-13 (අවිෂ්ක), 2-23 (මිනෝද් 5.3), 3-35 (මුවර්ස් 7.2), 4-49 (මලික් 9.3), 5-167 (තිසර 17.2), 6-167 (ධනංජය 17.3), 7-177 (වනිඳු 18.3), 8-181 (චතුරංග 19.3)
පන්දු යැවීම 
මුනාෆ් පටෙල් 3-0-14-0ඩිල්රුවන් පෙරේරා 3-0-30-0
අසේල ගුණරත්න 3-0-20-2නවීන් උල්හක් 4-0-44-3
සික්කුගේ ප්‍රසන්න 1-0-9-0කමිඳු මෙන්ඩිස් 2-0-23-0
නුවන් ප්‍රදීප් 4-0-44-1
කැන්ඩි ටස්කර්ස් ලකුණුපන්දු46
රාමනුල්ලා ගුර්බාස්ඇ.ඩුවේන් ඔලිවියර්ප.උස්මාන් ශින්වාරි6501
කුසල් පෙරේරාඇ.මිනෝද් භානුකප.උස්මාන් ශින්වාරි4400
කුසල් මෙන්ඩිස්ඇ.ධනංජය ද සිල්වාප.සුරංග ලක්මාල්20912
බ්‍රෙන්ඩන් ටේලර්ඇ. තිසර පෙරේරාප.ඩුවේන් ඔලිවියර්463243
කමිඳු මෙන්ඩිස්ඇ.සුරංග ලක්මාල්ප.තිසර පෙරේරා91010
අසේල ගුණරත්නකඩුල්ල මුවා කළාප.තිසර පෙරේරා312440
සික්කුගේ ප්‍රසන්නඇ. තිසර පෙරේරාප.වනිඳු හසරංග1300
ඩිල්රුවන් පෙරේරාඇ.මිනෝද් භානුකප.උස්මාන් ශින්වාරි9801
නවීන් උල්හක්ඇ.උස්මාන් ශින්වාරිප.වනිඳු හසරංග4310
නවන් ප්‍රදීප්ඇ.තිසර පෙරේරාප.සුරංග ලක්මාල්0400
මුනාෆ් පටෙල් නොදැවී0100
අතිරේක1
එකතුව පන්දුවාර 17.1 කදී සියලු දෙනා දැවී ලකුණු131
කඩුලු වැටීම – 1-06 (ගුර්බාස් 0.5), 2-24 (කුසල් පෙරේරා 2.2), 3-47 (කුසල් මෙන්ඩිස් 4.4), 4-70 (කමිඳු 8.2), 5-90 (ටේලර් 10.4), 6-68 (ප්‍රසන්න 11.6), 7-119 (ඩිල්රුවන් 14.4), 8-125 (නවීන් 15.3), 9-126 (ප්‍රදීප් 16.2)
පන්දු යැවීම 
උස්මාන් ශින්වාරි 3-0-17-3සුරංග ලක්මාල් 3-0-27-2
චතුරංග ද සිල්වා 2-0-30-0ඩුවේන් ඔලිවියර් -3-0-30-1
තිසර පෙරේරා 2.1-0-09-2වනිඳු හසරංග 4-0-17-2 4-0-17-2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar