slc
logo
Home   |    News
දෙසැම්බර් 2, 2020
අෆ්රිඩි යයි – නව නායකයා භානුක රාජපක්ෂ

sinhala editor

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි හදිසියේම අද (02 දා) රාත්‍රියේදී යළිත් පාකිස්තානය බලා යෑමට තීරණය කර තිබේ. පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන තිබෙන බව කණ්ඩායමේ මාධ්‍ය සඳහන් කර සිටියි.

හදිසියේම සිය රට බලා යෑමට තීරණය කර තිබීම සම්බන්ධව සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබා ඇති අෆ්රිඩි, “අවාසනාවකට වගේ මට නැවතත් පෞද්ගලික කාරණාවක් හේතුවෙන් ගෙදර බලා යෑමට සිද්ධ වෙලා තියෙනවා. ඒක හදිසි තීරණයක්. තත්ත්වය නිරාකරණය කරගත් විගස මම නැවතත් එල්.පී.එල්. තරගාවලියේදී මගේ කණ්ඩායමට එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා”යි යනුවෙනි.

තරගාවලියට එක්වීමේදී පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය මඟ හැරුණු නමුත්, ගෝල් ග්ලැඩියේටර් පිල තරග වැදි පළමු තරගයේ කණ්ඩායම මෙහෙයවීමට අෆ්රිඩි අවස්ථාව උදාවිය. කෙසේ වෙතත් ඔහුගේ නායකත්වය යටතේ පැවැති තරග 3 ම ගෝල් ග්ලැඩියේටර් පිල පරාජයට පත්වීම කැපී පෙනිණ.

නැවත පැමිණෙන දිනය සම්බන්ධව නිශ්චිත සඳහනක් නොමැති වුවත්, නැවත පැමිණීමේදී දින 3 ක නීරෝධායනය කාල සීමාවකට යටත්ව සිටි නැවත කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අෆ්රිඩිට හිමිවෙනු ඇත. කෙසේ වෙතත් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායකයා ලෙසින් කටයුතු කළ භානුක රාජපක්ෂට ලබාදීමට එම කලමනාකාරීත්වය පියවර ගෙන තිබේ.

මේ අතර දඹුල්ල වයිකින්ස් කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයකු ලෙසින කටයුතු කළ අෆ්ටාබ් අලාම් නැවතත් ඇෆ්ගනිස්තානය වෙත බලා ගිය බව එම කණ්ඩායම මාධ්‍ය නිවේදනයනක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. පෞද්ගලික හේතුවක් මත ඔහු නැවතත් සිය රට බලා ගිය බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. 28 හැවිරිදි වියේ පසුවන අෆ්ටාබ් දකුණතින් මඳ වේග පන්දු යවමින් ජැෆ්නා ස්ටැලියන්ස්ට එරෙහිව තරගයේදී පන්දුවාර 3 ක් යවමින් ලකුණු 22 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

Active filters

Recent Posts

  • අතරගල්ල දඹුල්ලේ පෙරමුණ පෙරළයි
    කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක […]
  • බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ එකට එක කරයි
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ යටතේ අද (28 දා) කොළඹ සී. සී. සී. ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි නිල නොවන යොවුන් එක්දින තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිල පරදා කඩුලු 9 […]
  • දඹුලු  පන්දු යවන්නෝ ගාලු ඉදිරි පෙළ මෙල්ල කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය බවට පත්වූ අද (27 දා) දිනයේදී තරගය නිමා කරන විට පළමුව […]
  • පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි
    කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු […]
  • විශ්මිගේ තැන හසිනිට
    සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් අතර තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee