slc
Home   |    News
දෙසැම්බර් 8, 2020
මේ ජයග්‍රහණය කණ්ඩායමට ශක්තියක් – භානුක රාජපක්ෂ

Sri Lanka Cricket

ආරම්භයේ සිට 5 වැනි තරගය දක්වා වූ තරග සියල්ලම පරාජයට පත් වුවද 6 වැනි තරගයේදී ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබීම කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින්ට මනා අස්වැසිල්ලක් ගෙන දෙන්නක් බව ගෝල් ග්ලැඩියේටර් නායක භානුක රාජපක්ෂ සඳහන් කරයි.

තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් කලම්බු කිංග්ස්ට එරෙහි තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කරමින් තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර් පිල (07 දා) සමත්විය. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්විමින් ග්ලැඩිටෙර් නායකයා ඉහත අදහස් පළ කර සිටියේය.

 “කළම්බු කිංග්ස් කණ්ඩායම ලකුණු 171කට සීමාකර ගැනීමට අපගේ පන්දු යවන්නන් සමත්වීම ජයග්‍රහණයට ප්‍රධානම හේතුවයි. මෙහිදී වේගපන්දු යවන්නන් ඔවුනගේ කාර්යය ඉතාමත් හොඳින් ඉටුකිරීම පැසසිය යුතුයි. කඩුලු පහක් දවාලු පළපුරුදු පන්දු යවන්නා වන මොහමඩ් අමීර්ට අපගේ තරුණ වේග පන්දු යවන නුවන් තුෂාර ලබාදුන් සහය ඉතාමත් වටිනවා. පසුව ලක්ෂාන් සඳකැන් දඟපන්දු යැවීමේ ඔහුගේ කාර්යය හොඳින් ඉටුකිරීම නිසා අපට යා හැකි ඉලක්කයකට යන්න අපිට පහසු වූවා යැයි” භානුක රාජපක්ෂ ප්‍රකාශ කළේය.

“ඇත්තටම කියනවා නම් අපේ කණ්ඩායමේ පන්දු රැකීම එතරම් හොඳ තත්ත්යක තිබුණේ නෑ. ඒත් ජයග්‍රාහී ඉලක්කය කරායද්දී ආරම්භක පිතිකරුවන් යුගලය ලබාදුන් සහය ප්‍රබල අඩිතාලමක් වුවා. තරග අවසානය තියුණු මුහුණුවරක් ගත්තත් තරගාවලියේ ප්‍රථම ජය ලැබීම පිළිබඳව සියළු ක්‍රීඩකයන් ඉන්නේ සතුටිනි” යි ගෝල් ග්ලැඩියේටර්ස් නායකයා කීය.

තරගයේ වීරයා ලෙස තේරුණු තරගාවලියේ ප්‍රථම කඩුලු පහ දවාගැනීමේ (ලකුණු 26කට කඩුලු 5යි) ගෞරවය හිමිකරගත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන මොහොමඩ් අමීර් අදහස් දක්වමින් තරුණ ක්‍රීඩකයන් මේ වන විට දක්ෂතා අතරට පැමිණෙමින් සිටීම සුබ ලකුණක් බවත් ඉදිරියේදී තම කණ්ඩායමෙන් තියුණු තරග දැකගැනීමේ අවස්ථාවන් උදාවනු ඇතැයි කීය.

“මේ තරගය   අප සිතූතරම් අපහසු වූයේ නෑ දඟ පන්දු යවන ලක්ෂාන් සඳකැන් තණතිල්ලේ සහ දේශගුණික තත්ත්වයන් මත හොඳින් පන්දු යැව්වා. ජයග්‍රහණයට සමස්තයක් ලෙස සියළුදෙනාගේ දක්ෂතාවය බලපෑ අතර අපගෙන් ඉදිරියේදී මෙයට වඩා දක්ෂතා දැකගත හැකිවනු ඇතැයිමා විශ්වාස කරනවා” යි මොහොමඩ් අමීර් පැවසීය.

මේ තරගය කාගේත් අවධානයට ළක්වූ ක්‍රීඩකයෙකු වූයේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නුවන් තුෂාරය. වේග පන්දු යවන නුවන් තුෂාර ශ්‍රී ලංකා 20-20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග පන්දු යවන ඉරියව් සහ ඒ ආකායෙන් පන්දු යැවීමක නිරතවෙමින් අනෙක් කෙළවරේ ආරම්භක පන්දු යවන මොහොමඩ් අමීර් ලබාදුන්නේ නොමද සහයකි.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest