slc
logo
Home   |    News
දෙසැම්බර් 7, 2020
වයිකින්ස් – ස්ටැලියන්ස් තරගය පන්දුවාර 7 කට සීමා වෙයි

sinhala editor

“My11Circle ලංකා ප්‍රිමියර් ලීග්” පන්දුවාර විස්සයි-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙසින් රාත්‍රියේ පැවැත්වෙමින් තිබූ ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ස් අතර තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් අතර හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව දෙපිළටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවනු ඇත.

කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තරගය නියමිත වේලාවට ආරම්භ කළද 7 වැනි පන්දුවාරය අවසන් වීමත් සමඟ තරගයට වර්ෂාව හරස්විය. ඒ වන විටත් පන්දුවට පහර දෙමින් සිටි දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු දඹුල්ල වයිකින්ස් කණ්ඩායම කඩුලු 3 කට ලකුණු 42 ක් ලබා සිටියේය.

ප.ව. 8.38 ට ක්‍රීඩාංගණය වසා දැමීම සඳහා වැසි ආවරණ රැගෙන එන අවස්ථාව වන විට ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ලකුණු 28 ක් සහ දසුන් ශානක ලකුණු 2 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියහ.

කෙසේ වෙතත් ප.ව. 9.12 පමණ වන විට වර්ෂාව නතර වූ හෙයින් වැසි ආවරණ ඉවත් කිරීමට ක්‍රීඩාංගණ සේවක පිරිස කටයුතු කළ නමුත් ඊට මිනිත්තු 15 කට පමණ පසු නැවතත් වර්ෂාව ඇද හැළින.

දිගින් දිගටම ඇද හැළුණු වර්ෂාව නතර නොවුණු හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීම වෙනුවෙන් රැස් වුණු තරග තීරක සහ විනිසුරු මණ්ඩලය තරගය ප.ව.10.20 ට අතහැර දැමීමට තීරණය කළහ.

හෙට දිනය සියළුම කණ්ඩායම් වලට විවේක දිනයක් වන අතර අනිද්දා කැන්ඩි ටස්කර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර තරගය පස්වරුවේද ගෝල් ග්ලැඩියේටර් සහ දඹුල්ල වයිකින්ස් අතර තරගය රාත්‍රීයේද පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee