slc
Home   |    News
දෙසැම්බර් 27, 2020
සත්කාරකයෝ ශ්‍රී ලංකාවේ ආසන්නයටම එති

sinhala editor

දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන්හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වූ අද (27 දා) තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 4 ක්දැවී ලකුණු 317 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේදී රැස් කරන ලද ලකුණු 396 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින සත්කාරක පිල මේ වන විට තවත් ලකුණු 79 ක් පිටුපසින් සිටින්නේ කඩුලු 6 ක් අත ඉතිරිව තබාගෙනය.

තෙවන දින (28) උදයවරුවේ දකුණු අප්‍රිකාවේ ඉතිරිව සිටින පිතිකරුවන් දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුවහොත් මෙය තියුණු තරගයක් බවට පත්කර ගැනීමට අවස්ථාව සැළසේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල පන්දු යවන්නන් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කසුන් රාජිත ආබාධිත තත්ත්වයකින් පසුවද්දී ඉතිරි පන්දු යවන්නන් කිහිපදෙනා දකුණු අප්‍රිකා ඉනිම අඩු සංඛ්‍යාවකට සීමා කරගැනීමට දැඩි ප්‍රයත්නයක නියැලුණහ.

ලකුණු 396ක ශ්‍රී ලංකා පළමු ඉනිමේ සීමාව පසුකිරීමේ ප්‍රයත්නයෙන් දකුණු අප්‍රිකාව පන්දුවට පහර දෙද්දී වරක් ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 200 සීමාවට පැමිණියත් ලකුණු 220 වන විට කඩුලු 4ක්ම දවාලමින් ලංකා කණ්ඩායම තරගයට අවතීර්ණ විණි. ආරම්භක පිතිකරුවන් දෙදෙනා ඩීන් එල්ගා (95) සහ ඒඩ්න් මාක්‍රම් (68) ප්‍රථම විකට්ටුවට ලකුණු 141ක් රැස්කිරීමෙන් පසු වැන්ඩර් ඩසන් (15) සහ ඩීන් එල්ගා ලකුණු සංඛ්‍යා 200 දක්වා ඉහළට රැගෙන ආහ. මේ අවස්ථාවේ ළහිරු කුමාර විසින් වැන්ඩර් ඩු‍සෙන්ද දසුන් ශානක විසින් පෙරළා උඩපන්දුවක් රැකගැනීමෙන් ඩීන් එල්ගාද වනිඳු හසරංග විසින් නායක කුයින්ටන් ඩි කොක්ද (18) දවාමින් දකුණු අප්‍රිකානු පිල පීඩනයට ඇදදැමූහ. මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින වනිඳු නායක ඩි කොක් දවා ගැනීම ඔහුගේ ටෙස්ට් තරග දිවියේ මංගල කඩුල්ල ලෙසින් සටහන් වනු ඇත.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ෆෆ්ඩු ප්ලෙසිස් (නොදැවී 55) සහ ටෙම්බා බවුමා (නොදැවී 41) ලකුණු 97ක සබදතාවක් තබා ලකුණු සංඛ්‍යාව කඩුලු 4කට 317ක් බවට පත්කර ගත්හ.

පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු 9කට ලකුණු 396ක් රැස්කරමින් ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් රැස්කළත් ලංකා කණ්ඩායමට මුහුණ පෑමට සිදුවු ගැටළුවක් වූයේ කණ්ඩායමේ ප්‍රබලම පන්දු යවන්නන් දෙදෙනෙකු වන ධනංජය ද සිල්වා සහ කසුන් රාජිතට ආබාධ මත තරගයෙන් ඉවත්වීමට සිදුවීමය.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමේ අරමුණින් කඩුල්ලේ රැදී පිතිකරුවකුගේ සේවය හොදින් ඉටුකළ වේගපන්දු යවන කසුන් රාජිත දකුණු අප්‍රිකා ඉනිමේදී පන්දු යවන අවස්ථාවේ සිය තුන්වන පන්දු වාරය යවද්දී ආබාධයට ළක්වීමෙන් කසුන් රාජිතටද ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවූ අතර ඔහුටද මේ තරගයේ ඉදිරි දින කිහිපය අහිමිවනු ඇතැයි දකුණු අප්‍රිකානු ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රි ලංකාව කඩුලු හයකට ලකුණු 340ක් ලබා ප්‍රබල තත්ත්වයක සිට දෙවන දින (27) පන්දුවට පහර දීමට නැවත පිටියට පිවිසි අවස්ථාවේ දසුන් ශානක සහ කසුන් රාජිත හයවන කඩුල්ලේ සබඳතාව තව දුරටත් රඳවාගනිමින් මුළු ලකුණු සංඛ්‍යාව 387ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත් වුයේ විශේෂයෙන්ම දසුන් චානකගේ ප්‍රහාරාත්මක පිතිහරඹයෙනි. කසුන් රාජිත මෙහිදි තම ශ්‍රේෂ්ඨ පිතිකරුට හිතුමනාපයෙන් වේග පහර එල්ල කිරීමට නිතරම අවස්ථාව සලසමින් දෙවන දින උදය වරුවේ දී මිනිත්තු 40ක කාලයක් කඩුල්ල ආරක්ෂා කර ගැනීමට වග බලාගත්තේ අගපෙළ පිතිකරුවෙකු ලෙස තම කාර්යය මනාව ඉටුකරමිනි.

කසුන් රාජිත හත්වන කඩුල්ල ලෙසට මුළු ලකුණු 387ක් දැවී යාමෙන් පසුව ලංකා  කණ්ඩායමේ ඉතිරි පිතිකරුවන් දෙදෙනාද මුළු ලකුණු 396 වන විට  දැවී ගියේ දසුන් ශානක පමණක් හුදකලා කරමිනි.

දෙවන දින උදෑසන ලංකා කණ්ඩායම තවත් පන්දු වාර 11කට මුහුණ දී කඩුලු තුනක් දැවී රැස්කළ ලකුණු  සංඛ්‍යාව 56කි. මෙයින් ලකුණු 41ක්ම දසුන් චානක නොදැවී ලබා ගත්තේ හතරේ පහරක් සහ හයේ පහර හතරක්ද එල්ල කරමිනි. ලංකා පළමු ඉනිමේදි දසුන් නොදැවී ලකුණු 66ක් ලබා සිටියේ පන්දු 87කට මුහුණ දී හතරේ තුනක් සහ හයේ පහක් ද එක් කරමිනි. මෙය ටෙස්ට් ඉනිමක දසුන්ගේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. කසුන් රාජිත පන්දු 49කට මුහුණ දෙමින් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලබාගත් ලකුණු 12 ට හතරේ පහර 2ක්ද ඇතුළත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 9කට ලකුණු 396ක් ලෙස දිවා ආහාරයට පෙර නිමා වුයේ පන්දුවාර 96ක් පන්දුවකට මුහුණ දෙමි. ලංකා කණ්ඩායමට ලකුණු 400ක් ඉක්මවා පහසුවෙන්ම යාමට තිබු අවස්ථාව මගහැරිගියේ ප්‍රබල පිතිකරු ධනංජය ද සිල්වාට පන්දුව පහර දීමට පිටියට පිවිසිමට අවස්ථාව නොලැබීමෙනි.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රබල පන්දු යැවීමක නියැලුණු ලුතෝ සිපම්ලා පන්දු වාර 16ක් යවා ලකුණු 74කට කඩුලු 4ක්ද වියාන් මල්ඩර් පන්දුවාර 20ක් යවා ලකුණු 69කට කඩුලු තුනක්ද දවාලූහ.කෙසේ වෙතත් ප්‍රතිවාදී කණ්ඩායමෙන් අතිරේක ලකුණු 37 ක් හිමිව තිබුණි.

ලකුණු සාරාංශය – ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 96 කදී ලකුණු 389 යි –  (දසුන් ශානක 66*, දිනේෂ් චන්දිමාල් 85, දිමුත් කරුණාරත්න 22, කුසල් පෙරේරා 16, කුසල් මෙන්ඩිස් 12, ධනංජය ද සිල්වා (පිටියෙන් ඉවත් විය) 79, නිරෝෂන් දික්වැල්ල 49, වනිදු හසරංග 18, ලුතෝ සිපම්ලා 76/4, වියාන් මල්ඩර් 69/3)

දකුණු අප්‍රිකාව පළමු ඉනිම පන්දුවාර 72 කදී කඩුලු 4ට ලකුණු 317 යි – (ඩීන් එල්ගාර් 95, ඒයිඩන් පාර්ක්‍රම් 68, වැන්ඩර් ඩුසේන් 15, ඩු ප්ලෙසිස් 55, කුවින්ටන් ඩි කොක් 18, ටෙමේබා බවුමා නොදැවී 191 කි)

බන්දුල මොල්ලිගොඩ

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest