slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2021
ජැෆ්නා ස්ටැලියන්ස්ට සම්මානයක්

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පසුගියදා පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට හයවන සිල්ක් ක්‍රීඩා සම්මානය පිරිනැමීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ප්‍රවර්ධන ආයතනයක් වන ස්පෝට්ස් ප්‍රොමටර්ස් ආයතනය තීරණය කර තිබේ.

මේ ආයතනය ශ්‍රී ලංකාවේ දක්ෂ ක්‍රීඩා කණ්ඩායම්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ක්ෂේත්‍රයට අදාළ පුද්ගලයනට වාර්ෂිකව මෙලෙස සම්මාන ප්‍රදානය කිරීම සිදුකරයි. යාපනය උතුර ප්‍රදේශය නියෝජනය කරන මේ කණ්ඩායම ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබු ඵෙතිහාසික ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දිනා ගැනීමෙන් උතුරු ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ පිබිදීමක්ද ඇතිවිණි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසාන තරගයට ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් සුදුසුකම් ලැබූ අතර එහිදී ලකුණු 53කින් පහසු ජයග්‍රහණයක් අත්කරගත් ස්ටැලියන්ස් කණ්ඩායමට රුපියල් මිලියන 18.5ක ත්‍යාගයක් පිරිනැමිණි. මේ කණ්ඩායමේ ක්‍රීඩක සංචිතයට උතුරු ප්‍රදේශයෙන් විජයකාන්ත් වයිස්කාන්ත්, තෙයිවේන්ද්‍රම් දිනෝෂාම් සහ කනගරත්නම් කබිල්රාජ් අයත්වූ අතර එයින් වයිස්කාන්ත් තරග කිහිපයකට සහභාගිවිණි.

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ අයිතිකරුවන් වූයේ ආනන්දන් ආනල්ඩ් සහ රාහුල් සොඩ්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිළිණ කන්දම්බි මෙහි පුහුණුකරු ලෙස ක්‍රියා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් වන තිසර පෙරේරා, ධනංජය ද සිල්වා, අවිශ්ක ප්‍රනාන්දු, වනිඳු හසරංග ද සිල්වා, සුරංග ලක්මාල් සහ පාකිස්තානයේ ප්‍රබලම පිතිකරුවකුව සිටි ෂොයිබ් මලික් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී මේ කණ්ඩායම නියෝජනය කළහ. තවත් ප්‍රබල ක්‍රීඩකයන් වන කයිල් ඇබට්, චරිත් අසලංක, මිනෝද් භානුක, ජොන්සන් චාල්ස්, චතුරංග ද සිල්වා, බිනුර ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු, ප්‍රභාත් ජයසූරිය,ටොම් මුවර්ස්, ඩුවෙන් ඔලිවර්, මහීෂ් තීක්ෂණ උස්මාල් සින්වාරි, අෆිෆ් අලි, රවි බොපාරා සහ ඩේවිඩ් මලන් කණ්ඩායමට අයත්විණි.

අවසාන තරගයේදී ස්ටැලියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 188ට පිළිතුරු ලෙස ගෝල් ග්ලැඩියේටස් ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලැබුවේ ලකුණු 135කි.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee