slc
Home   |    News
පෙබරවාරි 9, 2021
බාලිකා ක්‍රීඩිකාවන් සොයා යන මෙහෙයුම ඇරඹෙයි

sinhala editor

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් තවත් පියවර අද (09 වැනිදා) සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී ලෙසින් කටයුතු කරන අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන යටතේ පළමු දිනය තුළදී එම දිස්ත්‍රික්කය තුළ ඇති අවම පහසුකම් සහිත පාසල් 3 ක් වූ රත්නපුර ගංකන්ද මධ්‍ය මහ විදුහල, චන්ද්‍රිකාවැව, ජයන්ති මහ විද්‍යාලය සහ කොලොන්න ජාතික පාසල් මුල් කරගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.

දක්ෂතාවයන්ගෙන් හෙබි සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථා ලබා දීමේ ජාතික වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිර්මාණය කර ඇති ‘ගමට ක්‍රිකට්’ වැඩසටහන යටතේ පැවැති මෙම වැඩසටහනේදී ක්‍රීඩාව සම්බන්ධවීමට බලාපොරොත්තු වන ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මූලික දැනුම ලබාදීමට අමතරව පුහුණු කඳවුරු සහ තේරීම්වලට සම්බන්ධවිය හැකි ආකාරය පිළිබඳව පූර්ණ දැනුවත් කිරීමක් සිදුකරනු ලැබීය.

මෙම වැඩසටහන් ඒ ඒ විදුහල්වල,  බාලිකා ක්‍රීඩිකාවන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමව්පියන්ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest