slc
Home   |    News
පෙබරවාරි 28, 2021
ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුර ටොම් මුඩිට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පුහුණු අංශයේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස ඔස්ට්‍රේලියානු පුහුණුකරුවකු වන ටොම් මූඩිව මාර්තු 01 වැනිදා සිට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව මෙහෙයුම් සහ තීරණ ගැනීම වෙනුවෙන් පත්කරනු ලැබ සිටින තාක්ෂණික උපදේශන කමිටුව විසින් කරන ලද නිර්දේශනයකට අනුව මූඩි මහතාව පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

උපදේශන පදනම මත මූඩි වසර 3 ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම් ගෙන සිටින අතර ගිවිසුම් ගත දිනයේ සිට දින 300 ක කාලයක් ඔහුට අනිවාර්යය පැවැරුම් ඉටු කිරීමට සිදුවනු ඇත.

මූඩිගේ රාජකාරි අතරට අනාගත සංචාරක වැඩසටහන් විශ්ලේෂණය කිරීම, දේශීය තරගාවලියේ ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්යය මණ්ඩලයේ ව්‍යුහය මෙන්ම ඉහළ කාර්යය සාධන සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

මේ වන විටත් 55 වැනි වියේ පසුවන මූඩි මහතා 2005 වසරේ සිට 2007 වසර දක්වා වූ කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරමින් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි 2007 වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දක්වා ශ්‍රී ලංකා පිල රැගෙන යෑමට සමත්වූවේය.

“ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මීට පෙරත් කටයුතු කළ ටොම් සාර්ථක ප්‍රතිඵල පෙන්වීමට සමත්ව සිටිනවා. වර්තමාන ගෝලීය ක්‍රීඩාව සම්බන්ධව ඔහු තුළ ඇති දැනුම භාවිතයෙන් අපේ ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි වටිනාකමක් එක් කරනු ඇති බව මට විශ්වාසයි” යැයි මූඩිගේ පත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේය.

1999 වසරේදී අවසන් වතාවට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීම ආරම්භ කළ මූඩිට ශ්‍රී ලංකා ක්‍රිකට් හි ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙස පත්වීමට ප්‍රථම ගෝලීය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව බොහෝ අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. ඒ අතර කැරිබියානු ප්‍රිමියර් ලීග් (සී.පී.එල්.) තරගාවලියේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කිරීම කැපී පෙනෙයි. මීට අමතරව ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලිය නියෝජනය කරනු ලබන මෙල්බර්න් රෙනගේඩ්ස් සහ එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන වෝර්ක්ෂයර් ප්‍රාන්තයේත් ක්‍රිකට් අධ්‍යක්ෂකවරයා ලෙසින් කටයුතු කර තිබේ.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest