slc
Home   |    News
පෙබරවාරි 1, 2021
19න් පහළ පාසල් ක්‍රිකට් මාර්තු – අප්‍රේල් මාසයන්හිදී

Sri Lanka Cricket

          පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සිහිනයක්ව පවතින අන්තර් පාසල් අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන මස (මාර්තු) 20 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට මේ වන විට සියළු විධි විධාන යොදා ඇත්තේ සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ උපදේශනයන්ටද අනුකූලවය.

          ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආශිර්වාදයන් මැද ශ්‍රී  ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන මේ තරගාවලියට මෙවර පාසල් කණ්ඩායම් 128ක් සහභාගිවීමට නියමිතය. මෙවර තරග සෞඛ්‍ය උපදෙස් මත ප්‍රේක්ෂකයනට පාසල් සිසුනට හෝ දෙමාපියනට නැරැඹීමට අවස්ථාව බොහෝදුරට නොලැබෙනු ඇතැයි පාසල් ක්‍රිකට් සංගමය පවසයි.

          මෙවර තරගාවලියට සහභාගිවන කණ්ඩායම් සංඛ්‍යාව 128කි. මේ අනුව I කොටසට කණ්ඩායම් 36ක්ද II කොටසට කණ්ඩායම් 35ක්ද  III වන කොටසට කණ්ඩායම් 57ක්ද සහභාගිවීමට නියමිතය. තෙවන කොටසේ කණ්ඩායම් පණස් හතම එහි පළමු කොටසට අයත් වන අතර ඉදිරියේදී තවත් කණ්ඩායම් ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර එවිට එම කොටසේ දෙවන හා තෙවන කොටස්වල තරග වැඩිවනු ඇතැයි පාසල් ක්‍රිකට් සංගමය පවසයි.

          පළමු සහ දෙවන කොටස්හි තරග ප්‍රථම වතාවට Tier (ටයර් – පෙළ) ඒ සහ බී යනුවෙන් කොටස් දෙකකට බෙදා තරග සංවිධානය වේ. අවසාන වරට පාසල් තරගාවලියේදී කණ්ඩායම් පෙන්වා ඇති දක්ෂතා සහ ලබා ඇති ලකුණු අනුව මෙවර ඔවුන් ශ්‍රේණිගත කර ඇත. මෙවර සෑම කණ්ඩායමකටම මූලික වටයේදී තරග නවයකට සහභාගි වීමට අවස්ථාව උදාවන අතර අවසාන වටයේ තරග අප්‍රේල් මස අවසානයේ සහ මැයි මස මුලදී පැවැත්වීමට පාසල් ක්‍රිකට් සංගමය අපේක්ෂා කරයි. මේ සියළු තරග එක්දින සීමිත ඕවර තරග වේ.

          2022 වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත මීළග ලෝක කුසලාන අවුරුදු 19න් පහළ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ සංචිතයට ඇතුළත් කරන දක්ෂ ක්‍රීකයන් තෝරා ජාතික කණිෂ්ඨ තේරීම් කමිටුව වෙත සැපයීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානම අපේක්ෂාවක් වන තරුණ ක්‍රීඩකයනට ජාත්‍යන්තරයට යාමට අතදීමක් ලෙසට පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රයේ වර්ධනයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්ද තරගාවලිය සංවිධානය කිරීමේ මූලික පරමාර්ථයන් බව පාසල් ක්‍රිකට් සංගමය පවසයි.

          කොවිඩ් 19 ආසාධනය මත මාස කිහිපයක්ම පැවැත්වීමට නොහැකිවූ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය නැවත සාර්ථකව සංවිධානය කිරීමෙන් මේ ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිවනු ඇතැයිද පාසල් ක්‍රිකට් සංගමය කියයි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest