slc
logo
Home   |    News
මාර්තු 12, 2021
බී.ආර්.සී – ටැමිල් යුනියන් ජයගනී | ළහිරු සරමකෝන්ගෙන් නැවතත් තුන් ඉරියව්වේම දක්ෂතා

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවිමෙන් පැවැත්වෙන අන්තර් සමාජ මේජර් 20-20 ක්‍රිකට් තරගාවලියේ බ්‍රහස්පතින්දා (11) පැවැති තරග අතුරින් පානදුර සහ ටැමිල් කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ‍.

බී.ආර්.සී සහ බදුරලිය අතර තරගයෙන් බී.ආර්.සී ලකුණු 21ක ජයක් අත්කර ගත් අතර පානදුර සහ ටැමිල් යූනියන් අතර තරගයෙන් ටැමිල් යූනියන් පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තේ කඩුලු හතකිනි. ගාල්ල – මීගමුව තරගය සහ සෙබස්ටියනයිට්ස් – නාවික හමුදාව අතර  තරගය විසඳුමකින් තොරව නිමාවට පත්වූයේ අයහපත් කාලගුණය මත දෙවනුවට පන්දුවට පහර දුන් කණ්ඩායම් දෙකට පන්දුවට පහරදීමට අවස්ථාව නොලැබීමෙනි.

මේ තරගාවලිය පුරාම මෙතෙක් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූ බී.ආර්.සී කණ්ඩායමේ ළහිරු සමරකෝන් බ්‍රහස්පතින්දා (11) බදුරලිය සමග තරගයේදී ලකුණු 57ක රැස්කර පසුව ලකුණු 29කට කඩුලු දෙකක්ම දවාලීමට සමත්විය. ළහිරු මෙදින ලකුණු 57 ලබාගත්තේ පන්දු 31කට පමණක් මුහුණදී හතරේ හතරක් සහ හයේ පහර පහක් සමගින් වේගවත් අයුරිනි.

මෙදින පිතිකරුවන් තිදෙනෙකුගෙන් අර්ධ ශතක වාර්තා වූ අතර එම පිතිකරුවන් වූයේ බී.ආර්.සී කණ්ඩායමේ දුෂාන් හේමන්ත (නොදැවී 58) එම කණ්ඩායමේම ළහිරු සමරකෝන් (ලකුණු 57යි) සහ ගාල්ල කණ්ඩායමේ එරංග රත්නායකය.(ලකුණු 51) පන්දු යවන්නන් අතුරින් කිසිදු පන්දුයවන්නකු කඩුලු තුන ඉක්මවූයේ නොමැත.

බදුරලිය – බී.ආර්.සී

බී.ආර්.සී ලකුණු 21කින් ජයගනී.

සරවනමුත්තු පිටියේ පැවැති ඒ කොටසට අයත් මේ තරගයේදී බී.ආර්.සී වෙනුවෙන් දුෂාන් හේමන්ත (නොදැවී 58යි පන්දු 43යි හතරේ පහයි) සහ ළහිරු සමරකෝන් (ලකුණු 57යි පන්දු 31යි හතරේ හතරයි හයේ පහයි) අර්ධශතක රැස්කළහ නායක භානුක රාජපක්ෂ ලකුණු 22ක් ලබාගත්තේ තේ පන්දු 10කට මුහුණදී හතරේ පහරක් සහ හයේ පහර දෙකක් සමගිනි.

බදුරලිය කණ්ඩායමේ මිලින්ද සිරිවර්ධන (46) සහ සදුන් වීරක්කොඩි (33) පන්දුවට පහරදීමේදී දස්කම් පෙන්වද්දී බී.ආර්.සී කණ්ඩායමේ චමීර දිසානායක කඩුලු තුනක් දවාලූවේ ලකුණු 17ක් පමණක් ලබාදෙමිනි.

බී.ආර්.සී පන්දුවාර 20කදී කඩුලු 8ට 179යි – (දුෂාන් හේමන්ත නොදැවී 58, ළහිරු සමරකෝන් 57යි, භානුක රාජපක්ෂ 22, නිමන්ද මධුශංඛ 28/3යි)

බදුරලිය පන්දුවාර 20කදී කඩුලු 9කට 158යි – (මිලින්ද සිරිවර්ධන 46, සදුන් වීරක්කොඩි 32, චමීර දිසානායක 17/3, මොහොමඩ් ශිරාෂ් 23/2යි, ළහිරු සමරකෝන් 29/2යි)

ටැමිල් – පානදුර

ටැමිල් කඩුලු 7කින් ජයගනී.

ටැමිල් කණ්ඩායමේ සධීර සමරවික්‍රම (ලකුණු 43යි පන්දු 33යි හතරේ හයයි හයේ එකයි) සහ සිතාර ගිම්හාන් (ලකුණු 36යි පන්දු 20යි හතරේ හතරයි හයේ එකයි) පිත්තෙන් කැපීපෙනෙන දක්ෂතා පෙන්නුම් කළහ. ටැමිල් නායක මනෝජ් සරත්චන්ද්‍ර ලකුණු 22 ක් ලැබීය.

පානදුර ලකුණු 115කට සීමා කිරීමට වැඩිම දායකත්වයක් දුන් පන්දු යවන්නා වන ශිරාන් ප්‍රනාන්දු කඩුලු තුනක්ම දවාලූවේ ලකුණු 21ක් පමණක් දීමෙනි.

පානදුර පන්දු වාර 19.2කදී සියලු ක්‍රීඩකයන් දැවී 115යි – (අෂේන් මෙන්ඩිස් 26, හැන්ස් ප්‍රනාන්දු 26, සනෝජ් දර්ශික 11, ශිරාන් ප්‍රනාන්දු 21/3යි, ඉසුරු උදාන 28/2යි, සචිදු කොළඹගේ 18//2යි)

ටැමිල් පන්දු වාර 14.4කදී කඩුලු 3ට 116යි – (සධීර සමරවික්‍රම 43, සිතාර ගිම්හාන් 36, මනෝජ් සරත්චන්ද්‍ර 22, ශනුක මධුෂාන් 28/1යි, යොමේෂ් රණසිංහ 25/1යි)

ගාල්ල – මීගමුව

තරගයේ තීරණයක් නෑ දෙපිලටම සම ලකුණු (1-1)

ගාල්ල සහ මීගමුව අතර සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගයේදී පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් එරංග රත්නායක අර්ධ ශතකයක් ද (ලකුණු 51යි පන්දු 36යි හතරේ හතරයි හයේ 2යි) දිල්ෂාන් කාංචන (ලකුණු 45යි පන්දු 43යි හතරේ තුනයි හයේ පහරයි) රැස් කරමින් කැපී පෙනුණි. දිල්ෂාන් මුනවීර ලකුණු 24කට කඩුලු 2ක් ද නිශාන් පීරිස් ලකුණු 33කට කඩුලු තුනක්ද බිඳ දැමූහ.

සවස් වන විට පැවැති වර්ෂාව මත මීගමුව කණ්ඩායමට පන්දුවට පහර දීමට අවස්ථාව උදාවූයේ නොමැත.

ගාල්ල පන්දු වාර 20කදී කඩුලු 7ට 144යි – (දිල්ෂාන් කාංචන 45, එරංග රත්නායක 51, රවිශ්ක විජේසිරි 11, නිශාන් පීරිස් 33/3යි, දිල්ෂාන් මුනවීර 24/2යි, රොෂෙන් ප්‍රනාන්දු 23/1)

මීගමුව පන්දුව පහර දුන්නේ නැත

සෙබෙස්ටියනයිට්ස් – නාවික

තරගයේ තීරණයක් නෑ දෙපිලටම සම ලකුණු (1-1)

එන්.සී.සී ක්‍රීඩාංගණයේ පැවැති “ඩී” කොටසට අයත් මේ තරගයේ නාවික හමුදා කණ්ඩායමේ පන්දු යවන්නන් තිදෙනෙකුම කඩුලු දෙක බැගින් දවාලීමෙන් සෙබස්ටියනිට්ස් ඉනිම ලකුණු 131කට සීමාවිණි.

සෙබස්ටියනයිට්ස් වෙනුවෙන් සමීන් කඳනආරච්චි පන්දු 29කදී හතරේ තුනක් සමග ලකුණු 30ක් ද තරුෂ ප්‍රනාන්දු පනදු 24කදී හතරේ පහරක් හයේ පහරක් සමග ලකුණු 30ක්ද සචා ද අල්විස් ලකුණු 19ක්ද ලබාගත්හ.

අයහපත් කාලගුණය මත නාවික හමුදාවට පන්දුවට පහරදීමට අවස්ථාව නොලැබිණි.

සෙබස්ටියනට්ස් පන්දුවාර 20කදී සියලු ක්‍රීඩකයන් දැවී 131යි – (සමීන් කඳනආරච්චි 30, තරුෂ ප්‍රනාන්දු 30, පැතුම් මධුශංඛ 22, සෙයි මොහමඩ් 20/2යි, බුද්ධික මධුෂාන් 32/2යි,චානක රුවන්සිරි 22/2යි)

නාවික හමුදාව පන්දුවට පහර දුන්නේ නැත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee