slc
logo
Home   |    News
අප්‍රේල් 20, 2021
ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් කණ්ඩායමට කැඳවයි

sinhala editor

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතුව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු කණ්ඩායමට, කොදෙව් තරග සංචාරය අතරතුරදී ඉවත්ව ගිය ඇන්ජලෝ මැතිව්ස් සහ එම සංචාරයට නම් කර සිටියදී කොවිඩ් වෛරසය ආසාධනය වුණු වේග පන්දු යවන ළහිරු කුමාරද ඇතුළත්ව සිටිති.

ඔවුන් දෙදෙනාට අමතරව සංචිතයේ සිටින එකම ආගන්තුක ක්‍රීඩකයා වන්නේ වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම වේ. කොදෙව් තරග සංචාරය අතරතුරදී ආබාධයකට ලක්වීම නිසා බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබෙන ලසිත් ඇඹුල්දෙණිය වෙනුවෙන් ජයවික්‍රමව සංචිතයට එක් කිරීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ප්‍රවීන් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටියි.

දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යටතේ තවමත් තරග 10 කට පමණක් ක්‍රීඩා කර ඇති 22 හැවිරිදි ජයවික්‍රම එම තරගාවලියේදී කඩුලු 40 ක් දවා ගැනීමට සමත්ව සිටින්නේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.57 ක් ලෙස රඳවා ගනිමිනි. ඉන් නොනැවතුණු ඔහු ඉකුත්දා නිමාවට පත් වුණු අන්තර් සමාජ ප්‍රධානතම පන්දුවාර ක්‍රිකට් තරගාවලියේදී තරග 7 ක් තුළ කඩුලු 15 ක් දවා ගනිමින් තේරීම් කමිටුවේ අවධානය තමන් වෙත නතු කර ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), ළහිරු තිරිමාන්න, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, සුරංග ලක්මාල්, වනිඳු හසරංග, විශ්ව ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, පැතුම් නිස්සංක, ඩිල්ෂාන් මදුශංක, ප්‍රවීන් ජයවික්‍රම.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee