slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2021
බාලක 19න් පහළ II කොටසේ “බී” කාණ්ඩ සූරතාව පානදුර සුමංගලට

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ බාලක II වන කොටසේ “ඒ” කාණ්ඩයේ තරගාවලියේ අවසාන මහා තරගයේදී පානදුර ශ්‍රී සුමංගල කණ්ඩායම කඩුලු හයකින් පානදුර සාන්ත ජෝන් පරදවා සූරතාව දිනාගත්තේය.

කොළඹ බී.ආර්.සී ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය වර්ෂාව මත ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත කණ්ඩායමකට පන්දුවාර 36කට බැගින් සීමාවිණි.

ශ්‍රී සුමංගල කණ්ඩායමේ විශ්ව ළහිරුගේ විශිෂ්ට පන්දු යැවීම මත (ලකුණු 12කට කඩුලු 5යි) මුලින් පන්දුවට පහරදුන් ශාන්ත ජෝන් ඉනිම ලකුණු 68කට (පන්දු වාර 33.4යි) සීමාවිණි. විශ්ව ළහිරුට අගනා සහයක් දුන් චාරුක ජයතිලක ද කඩුලු තුනක් දවාලූවේ ලකුණු 14ක් පමණක් ලබා දෙමිනි.

ශ්‍රී සුමංගල කණ්ඩායම ජයග්‍රහණ ඉලක්කය (69) කරා පහසුවෙන් ළගාවූයේ පන්දුවාර 19.3කදී කඩුලු 4කට ලකුණු 69ක් ලබාගනිමිනි. මෙහිදී මිහිරංග ප්‍රනාන්දු පන්දු 42කට මුහුණදී හතරේ තුනක් සහ හයේ පහර දෙකක් සමග ලකුණු 34ක්ද ඉමෙත් ගම්පොල ලකුණු 17ක්ද රැස් කළහ. දිනුෂ්ක මධුෂාන් ලකුණු හයකට කඩුලු දෙකක් දවාලූවේය.

සාන්ත ජෝන් පන්දු වාර 33.4කදී සියලු ක්‍රීඩකයන් දැවී 68 යි – (අමිල පෙරේරා 15, සචින් ධනංජය 14, දිනුක මධුෂාන් 11, රොෂාන් ප්‍රනාන්දු 07)

ශ්‍රී සුමංගල පන්දු වාර 19.3කදී කඩුලු 4ට 69යි – (මිහිරංග ප්‍රනාන්දු 34, ඉමෙත් ගම්පොල 17, ධනුෂ්ක මධුෂාන් 6/2යි)

බාලිකා 19න් පහළ සූරතාව රත්ගම දේවපතිරාජ දිනාගනී.

රත්ගම දේවපතිරාජ සහ වාද්දුව මධ්‍ය මහා විදුහල අතර බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති අවුරුදු 19න් පහළ බාලිකා අවසාන මහා තරගයේදී දේවපතිරාජ කණ්ඩායමට ලකුණු 12ක ජයග්‍රහණයක් අත්විය.

පන්දුවාර 25ක් පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවසාන තරගය ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය මත පන්දු වාර 14 බැගින් සීමා කෙරිණි.

දේවපතිරාජ පන්දුවාර 14 අවසානයේ කඩුලු 5කට ලබාගත් ලකුණු 88ට පිළිතුරු ලෙස වාද්දුව මැදි විදුහල පන්දු වාර 14 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කළේ ලකුණු 76කි.

දේවපතිරාජයේ ඉමේෂා දුලානි ලකුණු 22ක්ද වාද්දුව මැදි විදුහලේ නවෝද්‍යා නෙත්මිණි ලකුණු 23ක්ද ලබා මේ තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්වූහ.

දේවපතිරාජ පන්දුවාර 14 අවසානයේ කඩුලු 5ට 88යි – (නිමේෂා දුලානි 22, ඉනුෂි ෂෙරොනිකා 15/3, නෙත්මිණි පූර්ණා 13/2යි)

වාද්දුව මැදි විදුහල පන්දු වාර 14කදී කඩුලු 8ට 76යි – (නවෝද්‍යා නෙත්මිණි 23, සචිනි නිසංසලා 8/2, විහාරා සෙව්වන්දි 16/2යි, කවීෂා දිල්හාරි 17/2යි)

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar