slc
logo
Home   |    News
මැයි 16, 2021
ආසියානු ක්‍රිකට් අඹර දිදුලන රමේෂ් මෙන්ඩිස්

Sri Lanka Cricket

මෑත කාලයේ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවේ තුන් ඉරියව්වේම දස්කම් දක්වමින් සිටින රමේෂ් මෙන්ඩිස් ආසියානු ක්‍රිකට් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන යෞවනයකි.

දකුණු සිරිළකෙන් බිහිවූ තවත් දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන රමේෂ් මෙන්ඩිස් ටෙස්ට්, එක්දින සහ 20-20 තරගාවලියන් ත්‍රිත්වයේදීම මේවන විට කැපී පෙනෙන දක්ෂතා පෙන්වමින් සිටී.

මේ වසරේ ශ්‍රී ලංකාවේ පැවැති එංගලන්ත (ජනවාරි) සහ බංග්ලාදේශ (අප්‍රේල් – මැයි) සංචාරයන්හි දී ටෙස්ට් තරග දෙකකට සහභාගිවූ රමේෂ් කඩුලු අටක් දවා බංග්ලාදේශ සමග දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී නිරෝෂන් දික්වැල්ල සමග හත්වන කඩුල්ලට එක්කළ ලකුණු සංඛ්‍යාව 111කි. එංගලන්තය සමග මංගල ටෙස්ට් තරගයේදීම කඩුලු දෙකක් දවාලු මේ යෞවන පන්දු යවන්නා නොබෝදා නිමාවූ බංග්ලාදේශය සමග දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු හයක් දවාලූවේ ශ්‍රී ලංකාවට ඇවැසි දකුණත් දග පන්දු යවන්නකුගේ හිඩැස පුරවමිනි.

බංග්ලාදේශය සමග ටෙස්ට් ජයග්‍රහණයට මොහුගේ දායකත්වය ප්‍රධාන සාධකයක් වූ අතර දෙවැනි තරගයේදී කඩුලු 11ක් දවාගත් ප්‍රවීන් ජයවික්‍රමට පහසුවෙන් තම කාර්යයන් ඉටු කිරීමට අත්වැලක්ද වූවේය. තුන් ඉරියව්වේම එක සමාන දස්කම් දක්වන මේ යෞවන ක්‍රීඩකයාගේ සේවය ඉරිදා (16) එක්දින තරගාවලියකට බංග්ලාදේශය බලා ගිය ලංකා කණ්ඩායමට ද ලබා ගෙන ඇත.

රමේෂ් මෙන්ඩිස්ගේ 20-20 තරග දක්ෂතාද ඉහත දක්ෂතාවයන්ට දෙවැනි නොවේ. පළමු ශ්‍රේණියේ විස්සයි විස්ස තරග 37කදී ලකුණු 583ක් රැස්කර ඇත්තේ වරක් ඉනිමක වැඩිම ලකුණු ලෙස නොදැවී 72ක් රැස් කරමිනි. මෙහි පන්දු යැවීමේදී දවා ඇති කඩුලු සංඛ්‍යාව 30කි.

මෙයට අමරතව අන්තර් සමාජ තරගාවලියන්හිදී කෙටි කාලයක් තුළ මේ ක්‍රීඩකයා ලබා ඇති ලකුණු සහ කඩුලු සංඛ්‍යා වන්නේ 2491ක් (ලකුණු) සහ 30(කඩුලු) කි. මේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට අනාගතයේ ලැබිය හැකි සේවය අප්‍රමාණය.

1995 ජූලි  7 වැනිදා අම්බලන්ගොඩ දී උපත ලද මේ ක්‍රිකට් ක්‍රීඩකයා සිප්සතර සහ ක්‍රිකට් ක්‍රීඩාව හදාරන ලද්දේ ධර්මාශෝක විදුහලෙනි.

පාසල් වියෙහි දීප්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ රමේෂ් ශිෂ්‍යයෙකු හිමි කරගන්නා ප්‍රධානම වරප්‍රසාදය වන 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2014 වසරේදීය. පාසලට සමුදීමත් සමගම එස්.එස්.සී කණ්ඩායමට එක්වූ මොහු අනතුරුව බ්ලූම්ෆීල්ඩ්,මුවර්ස් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායමද මහනුවර සහ දඹුල්ල වයිකින්ග්ස් (ලංකා ප්‍රිමියර් ලීග්) කණ්ඩායම් ද නියෝජනය කළේය.

අන්තර් සමාජ තරගාවලියේ 2018-19 වසරේ මුවර්ස් කණ්ඩායමට එක්වී ලකුණු 612ක් ලබා පසුව කඩුලු 30ක් දවා වැඩිම ලකුණු ලාභියා සහ පන්දු යවන්නා බවටද පත්විය. නිගම්බු සමග පැවැති තරගයේදී පන්දු 270කදී හයේ පහර දහයක් හතරේ පහර 28ක් සමග නොදැවී රැස්කළ ලකුණු 300 රමේෂ් මෙන්ඩිස්ගේ ක්‍රිකට් දිවියේ කඩඉමකි.

Active filters

Recent Posts

  • පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂාගේ චෝදනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිළිතුරු
    එවකට පොලිස්පතිවරයා ලෙසින් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වැටුප් ඇතුළු තවත් වරප්‍රසාද ලබා දුන්නේ යැයි විසර්ජන පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රී හේෂා විතානගේ […]
  • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට
    ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර ඩනේඩින්හි පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයට අයහපත් කාලගුණය හරස්වීම නිසා තරගාවලි ජයග්‍රාහකයින් තීරණය කිරීමට නොහැකි වුවද එතෙක් පැවැති තරග වලදී දක්වන ලද දක්ෂතා […]
  • විස්සයි-20 තරගාවලිය සමශූරතා හිමිකරදෙමින් නිමවෙයි
    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අදර අද (18 දා) ඩනෙඩන් නුවරදී පැවැති තෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිතව අතහැර දැමීමට […]
  • ගාල්ල – මහනුවර තරගය ජය පැරදුමින් තොරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගය ජය පරාජයෙන් තොරව […]
  • කොළඹ පිලට ලකුණු 87ක ජයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ කොළඹ – යාපනය අතර තරගයෙන් කොළඹ පිලට ලකුණු […]

Pin It on Pinterest

USD United States (US) dollar