slc
Home   |    News
මැයි 19, 2021
දුෂ්කර මාවතක් ජය ගෙන ජාත්‍යන්තර පිටියට පා තැබු ශිරාන් ප්‍රනාන්දු

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

අවුරුදු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු සබඳතාවයක් නොමැතිව ආදරණිය පියාගේ ද අභාවයෙන් පසු පවුලේ ජීවිකාව ගෙන යාමට මොරටුවේ වඩු කර්මාන්තයට එක් වී සිටියදී මිතුරන්ගේ ඇවටිල්ල මත ලෙදර් බෝල ක්‍රීකට් ක්‍රීඩාවට එක්වී අද ජාත්‍යන්තර ක්‍රීකට් පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ශිරාන් ප්‍රනාන්දු පිළිබඳ අපූරු කතා පුවතයි මේ….

බංග්ලාදේශයේදී එක්දින තරග තුනකට සහභාගී වීමට එහි සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශිරාන් ප්‍රනාන්දු 1993 මැයි 4 වැනි දා  උපත ලැබූවේ මොරටුවේ පුවක්අරඹ ප්‍රදේශයේ ය. එම ප්‍රදේශයේම පිහිටි මෙතොදිස්ත විදුහලෙන් ශිරාන් සිප් සතර හදාරද්දී ටෙනිස් බෝල ක්‍රීකට් ක්‍රීඩාව කෙරෙහි දැක්වූයේ  විශාල ඇල්මකි.කුඩාකල සිටම ඔහුගේ සිහිනයක් වුයේ තුරුණු වියට එළඹෙන විට අන්තර් ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමය.

පාසලේ අවුරුදු 15න් පහළ සහ 17න් පහළ කණ්ඩායම් නියෝජනය කිරීමට ශිරාන්ට අවස්ථාව උදා වූවත් පාසලේ 19න් පහළ කණ්ඩායමක් නොමැති වීම මත ඔහුට සිදු වුයේ අවරුදු 16 වන විටම ක්‍රීකට් ක්‍රීඩාවෙන් සමුගැනීමටය.එහෙත් ඔහුගේ විනෝදාංශය වුයේ විවේකි අවස්ථාවන්හි මිතුරන් සමග ටෙනිස් බෝල ක්‍රිකට් ක්‍රීඩාවේ නියැදීමය .

කාලය කෙමෙන් ගතවෙද්දී තරුණ වියට එළඹීමටත් පෙර දයාබර පියා මෙලොවින් සමුගැනීම ඔහු මුහුණ දුන් තවත් දෛවයේ සරදමකි.අවුරුදු 22-23 වන විට ඔහු ලන්කන් ක්‍රීඩා සමාජයට එක්වුවත් එදිනෙදා පවුලේ ජීවීකාව ගෙනයාමට අකමැත්තෙන් වුවද ඔහුට වඩු කර්මාන්තය තෝරා ගැනීමට සිදුවීම ඔහු අදත් මෙනෙහි කරයි. මේ දිනවල මොරටුව ක්‍රීඩා සමාජයට වේග පන්දු යවන්නෙකුගේ පුරප්පාඩුවක් පැවති අතර සාන්ත පීතර විදුහලේ වමත් දඟ පන්දු යවන ලක්ෂාන් රුද්‍රිගෝ එම කාර්යයට ශිරාන් කැඳවාගෙන ගොස් එම අවස්ථාව ලබාදීමට සහය වීමෙන් සිදුවූයේ ශිරාන්ගේ කුඩා කළ සිහිනය සැබෑ වීමක් පමණක් නොව නැවත පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමට අවස්ථාවද උදාවීමය.

මොරටුව ක්‍රීඩා සමාජයේ දස්කම් දක්වද්දී මූවර්ස් ක්‍රීඩා සමාජයෙන් ලත් ආරාධනයක් මත ඊට සම්බන්ධව ක්‍රීඩා කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ දක්ෂ පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන චමිල ගමගේ ගේ අවධානය මොහු කෙරෙහි යොමු වී තමාගේ වේග පන්දු ඇකඩමියට එක්වන ලෙස කළ ඉල්ලීම ශිරාන්ගේ ක්‍රිකට් දිවියේ හැරවූම් ලක්ෂයයි. බංග්ලාදේශය සමග පැවති 23න් පහළ එමර්ජීන් සහ “ඒ” තරගාවලියන්හි වැඩිම කඩුලු ලාභියා වූ ශිරාන් පසුව ටැමිල් යුනියන් නියෝජනය කරමින් මෙරට ප්‍රිමියර් එක්දින සහ 20-20 කඩුලු රැසක්ම දවා සැමගේ ගෞරවාදරයට ලක්විණි.

ශිරාන් පළමු ශ්‍රේණියේ එක්දින තරගාවලියන්හි තරග 18කදී කඩුලු 43ක්ද 20-20 තරග 15කදී කඩුලු 27ක්ද දවා ඇත. තමාට ජාත්‍යන්තර මට්ටමේ පළපුරුද්දක් එතරම් නොතීබූ බව පවසන ශිරාන් ප්‍රනාන්දු තමාට දස්කම් පෙන්වීමට ප්‍රධාන සාධකය වූයේ ජෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සහ පළපුරුදු පුහුණුකරුවන්ගෙන් ලද අත්වැල යැයි නිහතමානිව පවසයි. ශිරාන් ප්‍රනාන්දු මේ වන විට නියෝජනය කරන්නේ කොල්ට්ස් ක්‍රීඩා සමාජය යි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest