slc
Home   |    News
මැයි 12, 2021
දෛවෝපගත සිදුවීම් සමඟ ක්‍රිකට් කරළියට පැමිණි ප්‍රවීන්

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

තමන් සහභාගී වූ ප්‍රථම ටෙස්ට් තරගයේදීම (බංගලාදේශ සමග) කඩුලු දහය ඉක්මවා (11)දවා එසේ කළ ලොව 16 වැනි පන්දු යවන්නා බවට පත්වීමත් වමත් දඟපන්දු යවන්නෙක් වශයෙන් එම ඉලක්කයට ගිය පළවැන්නා වීමත් මංගල ටෙස්ට් තරගයේ  කඩුලු දහය ඉක්මවූ මෙරට ප්‍රථම පන්දු යවන්නා ලෙස ලංකා ඉතිහාසයට එක්වීම සහ ලොව දක්ෂ පන්දු යවන්නන් පණස්දෙනා අතරට (ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී 48වැන්නා) පත්වීම යන විරල වාර්තා රැසක් පිහිටවු 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රමට මේවන විට ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලදී දුර්වල තත්ත්වයක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මග වෙනස් කිරීමට අවස්ථාවක් උදාවනු ඇතැයි බොහෝදෙනා තුළ විශ්වාසයක් පවතී.

ක්‍රිකට් ප්‍රවීණයන් සහ හිටපු ක්‍රීඩකයන් රැසකින්ම මේ පිළිබඳව විමසුවිට ඔවුනගේ අදහස වූයේ මෙය ප්‍රවීන්ගේ ප්‍රථම තරගය හෙයින් ඉදිරියේදී පිතිකරුවන් ඔහු අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇති වුවත් ඔහුගේ පන්දු යැවීමේ විලාශය මත අනාගතයේදී කණ්ඩායම වෙනුවෙන් විශාල කාර්යය භාර්යයක් කිරීමට මොහුට අවස්ථාව උදාවනු ඇති බවය.

ප්‍රවීන් දෛවෝපගත සිදුවීම් කිහිපයකට මුහුනපාමින් ඉදිරියටම පැමිණි 22 හැවිරිදි වියෙහි පසුවන ලාබාල ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ප්‍රවීන්ගේ පියා ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ඇල්මක් දැක්වූ ඊටම ලොල්වු ක්‍රීඩාලෝලියෙකි. ඔහුට අවශ්‍ය වූයේ තම වැඩිමහල් පුතා (ප්‍රවීන්ගේ වැඩිමහල් සොහොයුරු) දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වනු දැකීමටය. වයස අවුරුදු හයේ සිටම ප්‍රවීන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ අතර වැඩිමහල් සොහොයුරු සමඟ ක්‍රීඩාංගණයට ගොස් ක්‍රීඩා කරනු නැරැඹීම ඔහුගේ විනෝදාංශයයි. දැඩි උනන්දුව මතම ඔහුට වයස අවුරුදු දහය වන විට විදුහලේ 13න් පහළ කණ්ඩායම, අන්තර් දිස්ත්‍රික්ක සහ 15න් පහළ පළාත් කණ්ඩායම් නියෝජනය කිරීමටත් 13 හැවිරිදි වියේදී ඔහු අධ්‍යාපනය ලැබු කළුතර සිරිකුරුස කණ්ඩායමේ 19න් පහළ නායකයා වීමටත් අවස්ථාව ලැබිණි.

ප්‍රවීන් 14 හැවිරිදි වියෙහි පසුවද්දී ඔහුගේ පියා හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තේය. පියාගේ සිහිනය සැබෑකරවීමට ප්‍රවීන්ගේ මව ඔහු පිටුපස දැවැන්ත කාර්යයක් ඉටුකරද්දී පුහුණුකරුවන් ලෙස නීල් රාජපක්ෂ සනත් සර් සහ චමිල ගමගේ ඉටුකළ කාර්යය භාර්යය ප්‍රවීන් සහ මව කෘතවේදීව සිහිපත් කරති.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට තේරී ලෝක කුසලානයට සහභාගිවීමට නවසීලන්තය බලා යද්දී ප්‍රවීන් සිරිකුරුද විදුහලට සමුදී මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ දීප්තිමත් සිසුවෙකු බවට පත්ව සිටියේය. පාසල් දිවියට සමුදී මුවර්ස් ක්‍රීඩා සමාජයට එක්ව දස්කම් දක්වද්දී ඔහු අපේක්ෂා කළ තරම් ප්‍රතිචාර නොලැබීම මත තීරණය කළේ එංගලන්තයට ගොස් එහි අධ්‍යාපනය හැදැරීමට සහ එහි ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීමටය.

දෛවය ඔහුට හිමි තැන ලබාදීමට පියවර ගත්තේ මේ වන විට ප්‍රවීන් ජයවික්‍රම යන නමද ජගත් ක්‍රිකට් වාර්තා පොතට එක්කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායම නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා ඒ යන කණ්ඩායම් එකකටවත් සහභාගි නොවී 19න් පහළ නියෝජනය කිරීමෙන් පසු ලංකා පිල නියෝජනය කිරීමේ විරල අවස්ථාව ඔහුට උදාවූයේ මෙවර බංග්ලාදේශ කණ්ඩායම් ලංකා සංචාරයේදීය. එහිදීද දෛවය ඔහුට අවස්ථාව උදාකර දුන්නේ අපුරු අයුරිනි. වමත් දග පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුළු කිරීමට තීරණය කළ අවස්ථාවේ ලසිත් ඇඹුල්දෙණිය සහ දුවිඳු තිලකරත්නගේ නම් ඉවත් කෙරුණේ ඔවුන් ආබාධ ලැයිස්තුවේ සිටිහෙයිනි. ප්‍රවීන්ට ඉදිරියෙන් සිටි අනෙක් පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත්වීමෙන් ප්‍රවීන්ට කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවූයේ තවත් අයෙකුට එම ස්ථානයට ඒමට අවස්ථාව කළකට උදානොවනු ඇතැයි ප්‍රශ්නාර්ථයක් ද ඇති කරමිනි.

බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදී කඩුලු හයක් සහ දෙවැනි ඉනිමේදී කඩුලු පහක් දවා ශ්‍රී ලංකාවට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලියක් ජයගැනීමට මගපෑදු ප්‍රවීන් ජයවික්‍රමගේ, මව පුතාගේ දස්කම් විස්කම් පිළිබඳව සතුටු කදුළු වගුරුවයි. ප්‍රවීන්ට මේ තත්ත්වයට ඒමට සිහින මැව්වේ ඔහුගේ පියායි. ඔහු අද කොහේ සිට බලා සිටහෝ සතුටුවනවා ඇතියැයි ඇය පවසයි.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest