slc
logo
Home   |    News
මැයි 29, 2021
වේග පන්දුවෙන් දස්කම් දක්වන දුෂ්මන්ත චමීර

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තරගකර ලත් අත්දැකීම් තමාට බංග්ලාදේශයේ ක්‍රීඩාකර දස්කම් දැක්වීමට බෙහෙවින් දායක වූ බව ශ්‍රී ලංකා – බංග්ලාදේශ තෙවන එක්දින තරගයේ හොදම ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලද දුෂ්මන්ත චමීර ප්‍රකාශ කරයි.

දුෂ්මන්ත මේ තරගයේදී කඩුලු පහක් දවාලමින් තමාගේ පෞද්ගලික හොදම පන්දු යැවීම වාර්තා කළේ පන්දු ඕවර නවයක් යවා ලකුණු 16ක්පමණක් ලබාදෙමිනි.

මේ එක්දින තරගාවලියේ තරග තුනේදී දුෂ්මන්ත චමීර දවාගත් කඩුලු සංඛ්‍යාව නවයකි. එම තරග තුනේ ඔහුගේ දක්ෂතාවයන් වූයේ ප්‍රථම තරගයේදී (මැයි 23) ලකුණු 39කට කඩුල්ලක්ද දෙවන තරගයේදී (මැයි 25) ලකුණු 44කට කඩුලු තුනක්ද තෙවන තරගයේදී (මැයි 28) ලකුණු 16කට කඩුලු පහක්ද දවාලීමය. මෙහිදී තරගයෙන් තරගයට ඔහුගේ දක්ෂතා වැඩිවූ අතරම සෑම තරගයකදීම ප්‍රථම පන්දු වාරයේම කඩුල්ලක් දවාලීම විශේෂත්වයකි.

ප්‍රථම ඕවරයේදීම ඔහු අතින් දැවීගිය පිතිකරුවන් වූයේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ලින්ටන් දාස් (ලකුණු 00යි පන්දු 03යි) ටමීම් ඉක්බාල් (ලකුණු 13යි පන්දු හයයි) සහ මොහොමඩ් නයිම්ය (ලකුණු 1යි පන්දු 2යි) වශයෙනි. ආබාධ මත මට මාස හතක්ම ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට සිදුවූවා. නැවතත් මා ක්‍රීඩා කළේ කොදෙව් සංචාරයේදීයි. එහිදී නැවත දක්ෂතා අතරට පිවිසීමට ලැබීම සතුටට කරුණකයැයි දුෂ්මන්ත චමීර ප්‍රකාශ කරයි.

බංග්ලාදේශය සමග තරගාවලියේ ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා සහ හොදම පන්දු යවන්නා ලෙස දක්ෂතා පෙන්වීමට ලැබීම සතුටට කරුණකැයි කී දුෂ්මන්ත චමීර ඉදිරි තරගාවලියන්හිදී රටට ගෞරවයක් අත්කර දීම තම අපේක්ෂාව බව ද සදහන් කරයි. තරග පහක් එකදිගට පැරැදී සිටි අපට මෙය ජය ගැනීමට ලැබීම සතුටකැයිද ඔහු පවසයි.

1992 ජනවාරි 11 වැනිදා රාගමදී උපත ලද දුෂ්මන්ත චමීර මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකි. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට්, එක්දින සහ 20-20 තරගාවලියන් තුනේදීම දක්ෂතා දක්වා ඇති තුන් ඉරියව්වේම දස්කම් පාන ක්‍රීඩකයෙකි.

2012 එන්.සී.සී ක්‍රීඩා සමාජයට එක්වී අන්තර් සමාජ ක්‍රිකට් පිටියට පිවිසි මොහු මේ වන තෙක්ම එම කණ්ඩායම නියෝජනය කරයි. ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිගේ කණ්ඩායම සංවර්ධන කණ්ඩායම ඇතුලු කණ්ඩායම් රැසකම ඔහු ආරම්භක පන්දු යවන්නා විය.

ටෙස්ට් තරග 11කට සහභාගිවී ඇති දුෂ්මන්ත කඩුලු 32ක් දවා ඇත. ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 47කට කඩුලු පහක්ද තරගයක හොදම පන්දු යැවීඹ ලකුණු 115කට කඩුලු 9ක්ද වේ. එක්දින තරග 28කදී කඩුලු 30ක් දවා ඇති අතර හොදම පන්දු යැවීම ලකුණු 16කට කඩුලු පහකි. 20-20 තරග 22කදී කඩුලු 20ක් දවා ඇත.

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee