slc
Home   |    News
මැයි 23, 2021
ශ්‍රී ලංකාවට ලකුණු 258 ක ඉලක්කයක්

sinhala editor

පිට පිට පන්දු දෙකකදී දවාගන්නා ලද කඩුලු 2 ද සමඟ ධනංජය ද සිල්වාගේ ලකුණු 45 කට කඩුලු 3 ක දක්ෂ පන්දු යැවීමත් දක්ෂ පන්දු රැකීමත් හේතුවෙන් ඩකාහි අද (23 දා) ඇරැඹි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක බංග්ලාදේශ පිල ලකුණු 257 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවිය.

නව නායකයෙක්, නවකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙන්ම අවසන් මොහොතේ කණ්ඩායම තුළ හටගත් කොවිඩ් 19 අවධානම යන අභියෝගාත්මද කරුණු මධ්‍යයේ අද තරගයට සහභාගි වුණු කුසල් පෙරේරාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට, ජයග්‍රහණය සඳහා පන්දුවාරයකට රඳවා ගත යුත්තේ 5.14 ක වේගයකි. එක්දින තරගයකදී මෙම ඉලක්කය එතරම් අසීරු නොවුණත් එම හඹා යෑමේදී සිහි තබා ගත යුත්තේ මීර්පූර් ක්‍රීඩාංගණයේදී මුලින් පන්දුවට පහර දෙන කණ්ඩායමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 235 ක් තරම් පහළ අගයක් ගැනීම වේ.

කාසියේ වාසියත් සමග ඉනිම ඇරැඹි බංග්ලාදේශ කණ්ඩායම 23 වැනි පන්දුවාරය අවසන් පන්දු 2 දී ටමීම් ඉක්බාල් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු දවා ගනිමින් පීඩනය තර කිරීමට ධනංජය ද සිල්වා සමත්විය. එම කඩුලු දවා ගැනීමත් සමඟ එතෙක් වෙලා කඩුලු 2 කට ලකුණු 99 ක් ව තිබූ බංග්ලාදේශ ඉනිම ලකුණු 99 කට කඩුලු 4 ක් බවට පත්විය.

අනතුරුව පිටියට පිවිසි මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් ආරම්භය බිඳ වැටුණු බංග්ලාදේශයට ජීවය එක් කරන ලද්දේ අර්ධශතක වාර්තා කරගනිමිනි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු එම අර්ධ ශතක සම්බන්ධතාවයේදී ලකුණු 109 ක් බංග්ලාදේශ පිලට එක් විය. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 87 කදී ලකුණු 84 ක් රැස් කරගත්තේය. ලක්ෂාන් සඳකැන්ට එරෙහිව රිවර් ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය කවර් පොයින්ට්හි පන්දු රැකි ඉසුරු උදාන රැක ගැනීම නිසා ශතකයක් කරා යෑමට තිබූ පහසුම අවස්ථාව මඟ හැර දමා 40 වැනි අර්ධ ශතකයෙන් සෑහීමකට පත්වීමට රහීම්ට සිදුවිය.

රහීම්ට අනගි සහායක් ලබා දුන් මහමුදුල්ලා අද එක්දින තරග දිවියේ 16 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් සිය ග්‍රහණය තර කරමින් පන්දු යැවීම නිසා අදාළ සම්බන්ධතාවය අතරතුර මෙම පිතිකරුවන් දෙදෙනා එල්ල කරන ලද්දේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් වීම කැපී පෙනුණි.

ඔවුන් දෙදෙනාගේ ඉනිමට අමතරව ටමීම් ඉක්බාල් විසින් රැස් කරන ලද ලකුණු 52 ත්,7 වැනි කඩුල්ල වෙනුවෙන් අෆීෆ් හොසේන් සහ මොහොමඩ් සයිෆුදීන් පන්දු 17 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 27 ක සම්බන්ධතාවයත් හේතුවෙන් ලකුණු 258 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වාට අමතරව දඟ පන්දු යවන්නන් වුණු ලක්ෂාන් සඳකැන් සහ ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවා ගත්හ. වනිඳු හසරංගට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් සිය පන්දුවාර 10 ලකුණු 48 ක් පමණක් ලබා දී අවසන් කිරීමට හේ සමත්විය. දඟ පන්දු යවන්නන්ට ආරක්ෂාකාරී පිළවෙළක් අනුගමනය කළ රහීම් – මහමුදුල්ලා යුගලය 43 වැනි පන්දුවාරය වන විට ලකුණු 199 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූයේ අවසන් පන්දුවාර 8 තුළදී වේගයෙන් පන්දුවට පහර දිය හැකි වන තරමට අවශ්‍ය කඩුලු සංඛ්‍යාව ලකුණු පුවරුවේ ඉතිරි කර ගනිමිනි.

Active filters

Recent Posts

  • මදුෂ්ක සහ මදුශංක ශ්‍රී ලංකා ‘ඒ’ පිල දිනවති
    Chamila Karawita reporting from Pakkekele නිශාන් මදුෂ්කගේ විශිෂ්ඨ ශතකයත් (107) සහ ඩිල්ෂාන් මදුශංකගේ සුපිරි පන්දු යැවීමත් (44/4) නිසා දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (06 […]
  • ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ තාක්ෂණික කමිටුව නම් කරයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිව්වැනි වතාවටත් පවත්වනු ලබන ලංකා ප්‍රිමියර් ලීග් – 2023 පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ තාක්ෂණික කමිටුව සඳහා සිව් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙන […]
  • ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත්ට ජය
    ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (05) පැවැති තරග දෙක අතුරින් එස්.එස්.සී. සහ ඒස් කැපිටල් තරගය තියුණු මුහුණුවරක් ගත් අතර ඒස් කැපිටල් […]
  • එක්දින ගමන් මග පිළිබඳ සතුටුවිය හැකියි – ක්‍රිස් සිල්වර්වුඩ්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ එක්දින ගමන් මඟ සම්බන්ධයෙන් පුහුණුකරු ලෙස තමන් වඩාත් සතුටට පත්වන බව ක්‍රිස් සිල්වර්වුඩ් මහතා පැවැසීය. තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් […]
  • ඕෂදගෙන් නායකත්වයේ ඉනිමක්
    ගාලු ක්‍රීඩා සමාජ නායක ඕෂද ප්‍රනාන්දු නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කිරීමට සමත්වීම නිසා අද (04) නිගම්බු ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී පන්දු 55කදී ලකුණු 72ක් ලබා ගැනීමෙන් පිත්තෙන් කැපී පෙනිණ. […]
USD United States (US) dollar

Pin It on Pinterest