slc
Home   |    News
මැයි 1, 2021
ෂෙවෝන් ඩැනියල් ශාන්ත ජෝශප්ට Iකොටසේ “ඒ” සූරතාව ගෙන දෙයි.

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන අවුරුදු 19න් පහළ I කොටසේ “ඒ” කාණ්ඩයේ අවසාන මහා තරගයේදී මරදාන සාන්ත ජෝශප් විදුහල ලකුණු 97කින් කොළඹ රාජකීය විදුහල පරදවා 2020-21 අන්තර් පාසල් “ඒ” සූරතාව හිමිකර ගත්තේය.

එන්.සී.සී ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (මැයි 1වැනිදා) පැවැති මේ තරගයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ශාන්ත ජෝශප් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 287ට පිළිතුරු ලෙස රාජකීය විදුහල පන්දු වාර 40.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 190කි.

ශාන්ත ජෝශප් ජයග්‍රහණයට ප්‍රධානම සාධකය වූ ඔවුනගේ අංක 3 පිතිකරු ෂෙවෝන් ඩැනියල් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පන්දු 133කට මුහුණදී හතරේ හයක් හයේ නවයක් සමග නොදැවී ලකුණු 146ක් රැස් කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය එම ඉනිමෙන්ම තහවුරු කළේය. ෂෙවෝන් සමග මිත්‍ර තෙනුර තෙවන කඩුල්ලට පන්දු වාර 24කදී ලකුණු 136ක් රැස් කළේ පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු 5.7ක් වන පරිද්දෙනි.

ශාන්ත ජෝශප් ඉනිම වර්ණවත් කළ පිතිකරුවන් වූ ෂෙරාන් ෆොන්සේකා ලකුණු 38ක්ද (පන්දු 54යි හතරේ 2යි හයේ එකයි) මිත්‍ර තෙනුර ලකුණු 34ක්ද (පන්දු 65යි හතරේ එකයි) නායක දුනිත් වෙල්ලාගේ ලකුණු 30ක්ද (පන්දු 15යි හතරේ 5යි) සදීප් ජයවර්ධන ලකුණු 25ක්ද එක් කළේ කිසිදු අපහසුවකින් තොරවය.

සාන්ත ජෝශප් පන්දු යවන්නන් අතුරින් කැපී පෙනුණු ළහිරු අමරසේකර ලකුණු 45ක්දී දවාලු කඩුලු සංඛ්‍යාව 4කි.

රාජකීය කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතරට පැමිණි පිතිකරුවන් වූයේ කවිඳු පතිරත්න (ලකුණු 59යි පන්දු 60යි හතරේ 4යි හයේ දෙකයි)  සිනෙත් ලක්වන් ලකුණු 40යි (පන්දු 66යි හතරේ 3යි හයේ එකයි) සහ නායක අහන් වික්‍රමසිංහ ලකුණු 37යි (පන්දු 49යි.) රාජකීය කණ්ඩායමේ පන්දු යැවීම එතරම් උසස් මට්ටමක නොපැවැතිණි. ඔවුනගේ කිසිදු පන්දු යවන්නෙකු කඩුල්ලකට වඩා දවා ගත්තේ නොමැත.

ලකුණු විස්තරය

ශාන්ත ජෝශප් පන්දු වාර 50දී කඩුලු 5ට 287යි – (ෂෙවෝන් ඩැනියල් 146, ෂෙරාන් ෆොන්සේකා 38, මිත්‍ර තෙනුර 34, දුනිත් වෙල්ලාලගේ 30, සදීෂ් ජයවර්ධන 25, සොනාල් අමරසේකර 55/1යි, ප්‍රසාන් කල්හාර 31/1  යි)

රාජකීය පන්දු වාර 40.2කදී සියලු ක්‍රීඩකයන් දැවී 190යි – (කවිඳු පතිරත්න 59, සිනෙත් ලක්වන් 40, අහන් වික්‍රමසිංහ 37, ප්‍රශාන් කල්හාර 19, ළහිරු අමරසේකර 45/4යි, දේශාන් සෙනෙවිරත්න 12/2යි, දුනිත් වෙල්ලාලගේ 50/2යි)

Active filters

Recent Posts

  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
  • ඉසුරු උදානගේ ප්‍රහාරයෙන් ටැමිල් යුනියන්ට ජය
    ටැමිල් යුනියන් සහ එස්.එස්.සී. අතර අද (30) එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති ‘සී‘ කොටසේ තියුණුම මුහුණුවරක් ගත් තරගයේ අවසාන පන්දුවාරයේ පන්දුවක් ඉතිරිව තිබියදීම කඩුලු 4 ක ජයක් වාර්තා කර ගැනීමට […]
  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
USD United States (US) dollar

Pin It on Pinterest