slc
Home   |    News
මැයි 2, 2021
19න් පහළ බාලික “ඒ ” කොටසේ “බී ” කාණ්ඩයේ සූරතාවය ගාල්ල මහින්ද දිනයි.

Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය මෙහෙයවන බාලක අවුරුදු 19න් පහළ I කොටසේ  “ බී ” කාණ්ඩයේ සූරතාවය දිනා ගැනීමට ගාල්ල මහින්ද විදුහල ඉරිදා (මැයි 2 වැනිදා) සමත් විය.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ පැවති මෙම අවසාන තරගයේදී මුලින් පන්දුවට පහරදුන් රත්ගම දේවපතිරාජ කණ්ඩායම පන්දුවාර 36.5කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 99ට පිළිතුරු ලෙස මහින්ද විදුහල පන්දුවාර 35.4කදී කඩුලු 7කට ලකුණු 103ක් ලබා මේ ජයග්‍රහණය වර්තා කළේය.

දේවපතිරාජ කණ්ඩායම ලකුණු 99කට දැවී ගියත් ඔවුන් මහින්ද කණ්ඩායමේ ප්‍රථම කඩුලු පහ ලකුණු 52කට දවා ප්‍රබල මහින්ද කණ්ඩායමට ප්‍රබල තරගයක් ලබා දීමට සමත් විය.මහින්ද ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු අටකට දවාලීමද මෙදින දේවපතිරාජ ක්‍රීඩකයෝ සමත්වුවත් මහින්දගේ හයවන කඩුල්ලේ සබඳතාවයෙන් දේවපතිරාජ ජයග්‍රහණ අපේක්ෂා සුන්විනි.

අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ මේ තරගයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා වූයේ මහින්දයේ ධනුජ ඉඳුවරය. (ලකුණු 24යි) දේව පතිරාජ විදුහලේ ඉරුෂ තිමිර තුන් ඉරියව්වේම කැපීපෙනිණි.

ලකුණු විස්තරය

දේව පතිරාජ පන්දු වාර 36.5කදී සියලු ක්‍රීඩකයන් දැවී 99යි – (ජීවක ශෂීන් 16, සුජීව වීරරත්න 16, ශෂික නිර්මාල් 17, ඉරුෂ තිමිර 10, නවෝද්‍ය පරණවිතාන 8/3යි, සුබාරු රාජපක්ෂ 22/3, ඕෂඳ කාවින්ද 24/2යි)

මහින්ද පන්දු වාර 35.4කදී කඩුලු 7ට 103යි – (ධනුජ ඉඳුවර 24, කේ.කොඩිතුවක්කු 23, කවිඳු ලක්ෂාන් 15, ඉරුෂ තමීර 25/3යි, පවන් සංදේශ් 10/1යි, ශෂික නිර්මාල් 11/1යි)

Recent Posts

  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
USD United States (US) dollar

Pin It on Pinterest