slc
logo
Home   |    News
ජූනි 17, 2021
එංගලන්ත සංචාරයට එක්ව සිටින යෞවන ක්‍රීඩකයා චරිත් අසලංක

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

එංගලන්ත සංවාරයට සහභාගීවී සිටින ශ්‍රී ලංකා සුදු පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන (White ball) කණ්ඩායමට එක්කර සිටින තරුණ ක්‍රීඩකයන් රැස අතුරින් තුන් ඉරියව්වේම දස්කම් පාන තවත් දක්ෂ ක්‍රීඩකයෙකු ලෙස චරිත් අසලංක නම් කළ හැකිය.

ක්‍රීඩකයන් 24ක් ඇතුළත්වූ මේ සංචාරයට අපේක්ෂා නොකළ අයුරින් ක්‍රීඩකයන් සිව්දෙනෙකු නම් කෙරුණු අතර එම ක්‍රීඩකයන් නම් වමතින් දග පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම, ධනංජය ලක්ෂාන්, ඉෂාන් ජයරත්න සහ චරිත් අසංලකය.

තවමත් 23 හැවිරිදි වියෙහි පසුවන චරිත් අසලංක නොබෝදා පැවැති මේජර් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරු සම්මානයෙන් පිදුම් ලැබීය. වමතින් පිත්ත හසුරුවන දකුණතින් පිට දග පන්දු යවන චරිත් අසලංක දකුණු පළාතෙන් බිහිවූ තවත් දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා එමර්ජින් (නැගී එන) කණ්ඩායම නියෝජනය කර ඇති චරිත් අසලංක නායකත්වයද දරා ඇත. මෙට්ලන්ඩ් පෙදෙසේ එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරන චරිත් අසලංක ප්‍රථම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සූරතාව දිනූ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ දක්ෂම පිතිකරුවෙකි.

1997 ජුනි 29 වැනිදා ඇල්පිටියේදී උපත ලද මොහු ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ක්‍රිකට් කණ්ඩායම් මුලින්ම නියෝජනය කළේය. අන්තර් සමාජ තරගාවලියන්හිදී එස්.එස්.සී කණ්ඩායම නියෝජනය කරමින් තරග 39කට සහභාගිවී ශතකයක් අර්ධ ශතක තුනක් සමග ලකුණු 1752ක් රැස් කර සිටී. පන්දු යැවීමේදී තරග 39කදී කඩුලු 30ක් දවා සිටී.

චරිත් අසලංක දක්ෂ එක්දින සහ 20-20 ක්‍රීඩකයෙකි. 20-20 තරග 26කදී අර්ධ ශතකයක් සමග ලකුණු 479ක්ද පන්දු යැවීමේදී තරග 26කදී ලකුණු 287කට කඩුලු 15ක්ද ලබා සිටී.

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee