slc
Home   |    News
ජූනි 29, 2021
තරගාවලියන් දෙකම ජය ගැනීම අපගේ අපේක්ෂාවයි – ඉන්දීය ප්‍රධාන පුහුණුකරු කියයි

Sri Lanka Cricket

මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය එක්දින සහ 20-20 ක්‍රීකට් කණ්ඩායම් හි ප්‍රධානම අරමුණ මෙම තරගාවලියන් දෙකම ජය ගැනීම බවත් මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම එතෙර කණ්ඩායමක් සමග තරග වදින අවසාන අවස්ථාව මෙය වන හෙයින් මේ තරගාවලිය ඉන්දියාවට වැදගත් වන බවත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු එරට හිටපු ක්‍රිකට් නායකයෙකු වන රාහුල් ඩ්‍රාවිඩ් ප්‍රකාශ කරයි.

මේ තරගාවලියේ දී අපගේ අපේක්ෂාව වන්නේ තරුණ ක්‍රීඩකයනට අත්දැකීම් ලබා දීමට හෝ තරග වලට සහභාගී කරවීම නොව තරග ජය ගැනීම යන ඉලක්කය ඉටු කරගැනීම බවද ඉන්දීය පුහුණුකරු පවසයි.

“20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තව ඇත්තේ මාස තුනක කාලයක් පමණයි ඉන්දීය කණ්ඩායමට ඇතුළුවීමට අති දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් අතර විශාල තරගයක් පවතිනවා එහෙත් කණ්ඩායමට ඇතුළු විය හැක්කේ දක්ෂ ක්‍රිඩකයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් යැයි” ද ඩ්‍රාවිඩ් කියයි.

ශ්‍රී ලංකා සංචාරයට සහභාගි වන ක්‍රීඩකයන් අතර නවක දක්ෂ තරණයන් විශාල පිරිසක් සිටිනවා ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට ක්‍රීඩා කිරීමටත් සමහර විටෙක අවස්ථාව නොලැබෙයි.එහෙත් ඔවුනට මේ සංචාරයෙන් අත්දැකීම් සහ පළපුරුද්ද ලබා ගත හැකි වීම පිළිබඳ අමතක නොකළ යුතුයි.නායක ශ්‍රී කන්දර් ධවාන් උප නායක බුවනෙෂ්වර් කුමාර් සහ හර්දික් පාණ්ඩ්‍යා වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමග මේ සංචාරයට එක් වීමෙන් මේ තරුණ ක්‍රීඩකයනට ඉගෙන ගත හැකි දේ බොහෝමයකි යන්න ඉන්දීය පුහුණුකරු ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව වැනි විදේශ රටකට පැමිණ එහි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් සමග තරග වැදීමෙන් ප්‍රගුණ කළ හැකි අංශයන් බොහෝමයකි. විශේෂයන් අපගේ තරුණ ක්‍රීඩකයන් විශේෂ දක්ෂතා දැක්වීමෙන් ඔවුනට ජාත්‍යන්තර ක්‍රීකට් දොරටුවට තට්ටු කිරීමට අවස්ථාව සැලසෙනවා.ශ්‍රී  ලංකාවට පැමිණි අපේ කණ්ඩායමත් සමග තේරීම් කමිටු නිළධාරී තිදෙනෙකු ද සිටුනවා. දක්ෂතා පෙන්වන ක්‍රීඩකයන් පිළිබඳව ඔවුනගේ අවධානය යොමුවන බව ද ඩ්‍රාවිඩ් පවසිය.

දැනට එංගලන්තයේ ටෙස්ට් තරග පහකට සහභාගි වී සිටින ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුවන් සහ කළමණාකරුවන් සමග තමා නිරන්තරයෙන් සකච්ඡා පවත්වන බව කී ඉන්දීය පුහුණුකරු ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත හා ශ්‍රී ලංකා සංචාර දෙකෙම දක්ෂතා දක්වන ක්‍රීඩකයන් පිළිබඳව මීළඟ 20-20 තරගාවලියට සහභාගි වන ඉන්දීය කණ්ඩායම තේරීමේ දී වැඩි අවධානයක් යොමුවනු ඇතැයි ද හේ කීය.

මේ සංචාරයේ ඉන්දීය කණ්ඩායම මේ සංචාරයේදී මෙහිදි  එක් දින තරග තුනකටත්  20-20 තරග තුනකටත්  සහභාගී වීමට නියමිතය. ලබන ඔක්තොම්බර් -නොවැම්බර් මාසයන්හි පැවත්වෙන මිළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියට පෙර ඉන්දීය කණ්ඩායම සහභාගිවන අවසාන එතෙර සංචාරය මෙය වේ.

බන්දුල මොල්ලිගොඩ

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest