slc
logo
Home   |    News
ජූනි 13, 2021
ප්‍රවීන් ජයවික්‍රම ජගත් ක්‍රිකට් සම්මාන ලැයිස්තුවට යෝජනා කර තිබේ

Sri Lanka Cricket

බන්දුල මොල්ලිගොඩ

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මඟින් මැයි මාසයේ හොදම ක්‍රිකට් ක්‍රීඩකයා නම් කිරීමේ අවස්ථාවට පාකිස්තානයේ වේග පන්දු යවන හසන් අලි ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ප්‍රවීන් ජයවික්‍රම සහ බංග්ලාදේශයේ මැදපෙළ පිතිකරු හා කඩුලු රකින්නා වන මුෂ්ෆිකර් රහීම්ගේ නම් යෝජනා කර තිබේ.

මේ සඳහා ක්‍රීඩක ලැයිස්තුවක් නම් කරන අතර පසුව එය ක්‍රීඩකයන් තිදෙනෙකු දක්වා අඩු කරයි. ක්‍රීඩාපිටිය තුළ දැක්වූ දක්ෂතා මෙන්ම එම මාසය තුළදීම පෙන්වූ දක්ෂතා මෙහිදී සළකා බලයි. එහිදී විශිෂ්ටතම දස්කම් දක්වා ඇති ක්‍රීඩකයාට ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු තිළිණය ප්‍රදානය කැරේ.

පාකිස්තානයේ වේග පන්දු යවන හසන් අලි සිම්බාබ්වේ සමග පැවැති තරග දෙකේදී කඩුලු 14ක් දවාලීමට සමත්විය. බංග්ලාදේශයේ හිටපු නායකයෙකු මැදපෙළ ප්‍රබල පිතිකරු සහ කඩුලු රකින්නා වන මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකාව සමඟ දෙවැනි එක්දින තරගයේදී ශතකයක් රැස්කර තම කණ්ඩායමේ ජයග්‍රහණයට මුල්වෙමින් ප්‍රථම වතාවට එක්දින තරගාවලියකදී බංග්ලාදේශය තරග 2-1කින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන්නේය.

ශ්‍රී ලංකාවේ වමතින් දඟ පන්දු යවන 22 හැවිරිදි ප්‍රවීන් ජයවික්‍රම බංග්ලාදේශය සමඟ දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 11ක් දවාලූවේ කඩුල්ලකට සාමාන්‍ය ලකුණු 11.16ක් වන පරිදිය. සිය ප්‍රථම ටෙස්ට් තරගයේදී ශ්‍රී ලාංකිකයෙකුගේ හොදම පන්දු පරිදිය. සිය ප්‍රථම ටෙස්ට් තරගයේදී                   ශ්‍රී ලාංකිකයෙකුගේ හොදම පන්දු යැවීම ලෙසට මේ පන්දු යැවීම වාර්තා ගතවේ. මෙහිදී ඉනිමකදී ලකුණු 92කට කඩුලු හයක් දවා ඔහු මංගල ටෙස්ට් තරගයේ ප්‍රථම ඉනිමේදීම කඩුලු පහ දවාලීමේ අවස්ථාවද හිමිකර ගත්තේය.

1998 සැප්තැම්බර් 30වැනිදා මොරටුවේදී උපත ලද ප්‍රවීන් ජයවික්‍රම දකුණතින් පිත්ත හසුරුවන වමතින් දඟපන්දු යවන (ORTHODOX) ක්‍රීඩකයෙකි. ප්‍රවීන් මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ අධ්‍යාපනය ලැබූ අතර අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමද නියෝජනය කළේය. ප්‍රවීන් නියෝජනය කර ඇති අන්තර් සමාජ වනුයේ මුවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම්ය. මේ දක්වාම  ටෙස්ට් තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති ප්‍රවීන් ජයවික්‍රම එහිදී ලකුණු 178කට කඩුලු 11ක් දවා ඇත. පළමු ශ්‍රේණියේ තරග නවයකදී කඩුලු 17ක් ලබා ඇත්තේ ලකුණු 303ක් ලබාදීමෙනි.

මේ අතර ජගත් ක්‍රිකට් සමුළුව මැයි මාසය සඳහා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් නම් කිරීමේදී ස්කොට්ලන්තයේ කැත්රින් බ්‍රයිස් අයර්ලන්තයේ ගැබී ලුවිස් සහ ලීහ් පෝල් නම්කර සිටී. මේ කණ්ඩායම් දෙක අතර පැවැති තරගාවලියේ ප්‍රථම තරගයේදී  ස්කොට්ලන්තයේ  කැත්රින් බ්‍රයිස් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූයේ ලකුණු 96ක් ලබා පසුව කඩුලු පහක් දවාලීමෙනි. ස්කොට්ලන්තයේ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක ජගත් ක්‍රිකට් සමුළු ශ්‍රේණිගත කිරීමේදී ප්‍රථම දහයට එක්වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

USD United States (US) dollar