slc
Home   |    News
ජූලි 11, 2021
දසුන් ශානක නායකත්වයට හුරුකළ හැකි දක්ෂ ක්‍රීඩකයකි

Sri Lanka Cricket

ඉන්දියාව සමග ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග තුනක එක්දින තරගාවලියේ සහ තරග තුනක 20-20 තරගාවලියේ නායකත්වයට පත්කර සිටින 29 හැවිරිදා දසුන් ශානක තමා එම තනතුරට සුදුස්සෙකු බවට මීට පෙරත් සනාථ කර තිබිණි. 

ටෙස්ට් එක්දින සහ 20-20 අංශ තුනෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දස්කම් පෙන්වා ඇති දසුන් ශානක 2019 වසරේදීද ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම නොමැතිව සිටි ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමට නායකත්වය දෙමින් පාකිස්තාන කණ්ඩායම 3-0කින් පරාජයට පත්කළේ පහසු ආකාරයකිනි.  

ක්‍රිකට් ආයතනය සහ ජාතික තේරීම් කමිටුව ශ්‍රී ලංකා එක්දින සහ 20-20 කණ්ඩායම් නායකත්වය සදහා මේ වන විට දසුන් ශානක නම් කර සිටීම ඥානවන්ත වූ ක්‍රියාවකි. ශානක මීට පෙර ශ්‍රී ලංකාව, ලංකා ප්‍රිමියර් ලීග් (දඹුල්ල වයිකින්ස්) අන්තර් සමාජ (එස්.එස්.සී) සහ වෙනත් ජාතික කණ්ඩායම් ද , පාසල් කණ්ඩායම්හිදීත් නායකත්වයන් දරා ප්‍රතිඵල පෙන්වා ඇති තුන් ඉරියව්වේම දක්ෂ ක්‍රීඩකයෙකි. 

මේ වසරේ මාර්තු මස බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගිය ලංකා 20-20 කණ්ඩායමේ නායකත්වයද දසුන් ශානකට පැවැරුණු අතර ලංකා කණ්ඩායම ඇමෙරිකාව හරහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා යාමේදී ෂානුකට ඇමරිකානු වීසා අවසර පත්‍රයක් නොතිබිමේ හේතුවෙන් ඔහුට එම සංචාරයට සහභාගිවීමට අවස්ථාව නොලැබිණි. ඊට හේතුව වූයේ වසර පමක් වලංගුව තිබූ ඇමරිකානු වීසා සහිත ඔහුගේ පැරැණි විදේශ ගමන් බලපත්‍රය (පාස්පෝට්) අස්ථානගතව තිබීමය. 

මීගමුව මාරිස්ටෙලා, බම්බලපිටිය ශාන්ත පීතර කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි දසුන් ශානක පසුව දෙස් විදෙස් තරගාවලි රැසකම විශේෂ දක්ෂතා පෙන්වා ඇති තුන් ඉරියව් ක්‍රීඩකයෙකි. පසුගියදා පැවැති එංගලන්ත සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු අවස්ථාවන්ට මුහුණ පා සිටියදී මැදපෙළ පිතිකරුවෙකු ලෙස කිහිපවරක් ඔහු දක්ෂතා දැක්වීය. වේගයෙන් පන්දුවට පහර දෙන පිතිකරුවකු ලෙසද මොහු ප්‍රසිද්ධය. 

1991 සැප්තැම්බර් 9 වැනිදා මීගමුවේ දී උපත ලද දසුන් ශානක වයස අවුරුදු 24 – 25 වන විට ශ්‍රී ලංකා ටෙස්ට්, එක්දින සහ 20-20 කණ්ඩායම් තුනම නියෝජනය කිරීමට සමත්විණි. ඔහු 2016 මැයි මස ප්‍රථම වරට ටෙස්ට් තරගයකට (එංගලන්තය සමග) සහභාගිවූ අතර මේ වන විට ටෙස්ට් තරග හයකදී ලකුණු 431ක් සහ කඩුලු 13ක් ලබාසිටී.2016 ජුනි මස අයර්ලන්තරය සමග ප්‍රථම එක්දින තරගයට සහභාගිවූ දසුන් ශානක මෙතෙක් තරග 13කදී ලකුණු 312ක් සහ කඩුලු දහයක් ලබා ඇත. ඔහුගේ 20-20 දක්ෂතාව වනුයේ තරග 17කදී ලකුණු 227ක් සහ කඩුලු 11ක් ලබාගැනීමය. 

දසුන් ශ්‍රී ලංකා එක්දින නායකත්වය දරණ මීළග තරග තුන මේ මස 18,20,23 දිනවලද 20-20 තරග තුන මේ මස 25,27 සහ 29 දිනවලද ඉන්දියාව සමග මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

බන්දුල මොල්ලිගොඩ. 

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest