slc
logo
Home   |    News
ජූලි 1, 2021
පාසල් ක්‍රිකට් ක්‍රීඩකයනගේ පන්දුවට පහරදීමේ කුසලතා වැඩිකිරීමේ පියවරක්

Sri Lanka Cricket

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් තවත් පන්දු යැවීමේ යන්ත්‍ර 20ක් නුහුදු අනාගතයේදී පාසල්වලට ලබාදීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය අපේක්ෂා කරයි.

මේ පන්දු යැවීමේ යන්ත්‍ර (බෝලිං මෙෂින්) මෙලෙස ලබාදෙන්නේ ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව බව පාසල් ක්‍රිකට් සංගමය පවසයි.

ජාතික කණ්ඩායමේ අවශ්‍යතා අනුව මේ පන්දු යැවීමේ යන්ත්‍ර මුලින්ම එන්.සී.සී.ගෘහස්ථ ක්‍රීඩාගාරයට මීට දශක හතරකට පෙර හදුන්වා‍ දුන්නත් මෙරට පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් සදහා මෙය ප්‍රථමවරට ලබාදෙනුයේ මෑතක සිටය. මේ එක් යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ හයහමාරක් වන අතර එම යන්ත්‍ර නොලැබුණු පාසල්  සහා ඒවා ලබාදීමට ඇණවුම් කර ඇත.

අඩුම ගණනේ බාලිකා පාසල් හතරකට හෝ මෙම යන්ත්‍ර ලබාදීම පිළිබදවද මේ වන විට සාකච්ඡා පවත්වා ඇති අතර බාලක බාලිකා දෙපිරිසටම (19න් පහළ) පන්දු (ලෙදර් බෝල) නොමිලේ පරිත්‍යාග කැරේ.

මෙම පන්දු යැවීමේ යන්ත්‍ර බැටරි උපයෝගී කරගෙන ක්‍රියාත්මක කෙරෙන අතර බැටරි ජීවය අඩුවන විට නැවත යථා තත්ත්වයට (Re Charge) කිරීමේ පහසුකම්ද ඒවා සතුවේ.

මේ වැඩපිළිවෙලට අයත් පන්දු යැවීමේ යන්ත්‍ර කිහිපයක් (16ක්) නොබෝදා පාසල් කිහිපයකට බෙදා දුන් අතර තව නොබෝ දිනකින් ක්‍රියාත්මක වනුයේ එහි දෙවැනි පියවරය. මේ පන්දු යැවීමේ යන්ත්‍ර නවීන තාක්ෂණය උපයෝගී කරගෙන මීට පෙරට වඩා නවීන තත්ත්වයකට පත්කරන ලද යන්ත්‍ර වේ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67කින් උගන්ඩාව පරාජය කරයි
    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ උගන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (01) අබුඩාබිහි පැවැති කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 67ක […]
  • මහනුවර පළමු ඉනිමේ ලකුණු 69ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ලකුණු […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම දෙවැනි තරගය කඩුලු 8කින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (30) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ද ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු […]
  • මහනුවර පිල පළමු දිනයේ කඩුලු 8කට ලකුණු 279යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ මහනුවර – ගාල්ල අතර අද ආරම්භ වූ අවසන් මහා තරගයේ […]
  • ශ්‍රී ලංකා ‘ඒ ‘ ලකුණු අටකින් ජය ගනී
    ශ්‍රී ලංකා ‘ඒ ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘ කණ්ඩායම් අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (28) පැවැති එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ‘ ඒ ‘ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee