slc
logo
Home   |    News
අගෝස්තු 16, 2021
අවිෂ්ක සහ චන්දිමාල් රෙඩ්ස් පිලට ජය ගෙනෙයි

sinhala editor

Chamila Karawita reporting from Pallakale

අවිෂ්ක ප්‍රනාන්දු සහ දිනේෂ් චන්දිමාල්ගේ ලකුණු 133 ක නොබිඳුණු පළමු කඩුල්ලේ සම්බන්ධතාවය පෙරටු කොට ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය ලෙසින් ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රෙඩ්ස් කණ්ඩායම අද (16 දා) සමත්විය. මෙම තරගයට පෙර සහභාගිවුණු තරග 2 ම පරාජයට පත්ව සිටි රෙඩ්ස් කණ්ඩායම මෙතෙක් තරගාවලියේ වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය ලෙසින් මෙය සටහන් වූ අතර ග්‍රීන්ස් පිල පිට පිටම ලද තුන්වැනි පරාජය ලෙසින් සනිටුහන් විය.

පන්දුවාරයකට 7.16 ක පමණ දළ වේගයක් රඳවා ගැනීමේ අභියෝගය කරපින්නාගෙන ලකුණු 144 ක ඉලක්කයක් හඹා යෑම ඇරැඹි රෙඩ්ස් කණ්ඩායමේ මුලු ලකුණු සංඛ්‍යාව 133 ක්ව තිබියදී චන්දිමාල්ගේ ඇඟේ පන්දුවක් වැදිණ. නුවන් තුෂාර එවන ලද පන්දුව ඇඟේ වැදීමත් සමඟ වේදනාව උහුළාගත නොහැකි වූ චන්දිමාල් නැවතත් ක්‍රීඩා ගාරය වෙත පැමිණියේ ගිලන් ඇඳක ආධාරයෙනි. අනතුරුව පිටියට පිවිසි අසේල ගුණරත්න සහ අවිෂ්ත පන්දු 15 ක් ඉතිරිව තිබියදී රෙඩ්ස් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කරන ලද්දේ පන්දුවාරයකට 8.22 ක ලකුණු වේගයක් රඳවා ගනිමිනි.

එහිදී කැපී පෙනුණු අවිෂ්ක ප්‍රනාන්දු හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමඟ පන්දු 58 කදී ලකුණු 82 ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. පිටියෙන් පිටතට රැගෙන එන විටත් අවිෂ්කගේ අර්ධ ශතක සහායකයා වූ චන්දිමාල් මෙවර තරගාවලියේ පළමු අර්ධ ශතකය සම්පූර්ණ කරගෙන සිටියේය. පන්දු 44 කදී වාර්තා වුණු ලකුණු 51 ක ඉනිම සඳහා චන්දිමාල් හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් වර්ණවත් කරගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළද බලාපොරොත්තු වූ තරම් සහයෝගයක් ග්‍රීන්ස් පිතිකරුවන්ට නොලැබිණි. එහිදී මනාව පාලනයෙන් යුතුව පන්දු යැවූ චාමික කරුණාරත්න ප්‍රමුඛ රෙඩ්ස් පන්දු යවන්නන් පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වන විට ලකුණු 30 කට සීමා කරන ලද්දේ ළහිරු උදාරගේ කඩුල්ලද දවා ගනිමිනි. රෙඩ්ස් පිලේ සාර්ථකම පන්දු යවන්නා වුණු චාමික පන්දුවාර 4 ලකුණු 26 කට යවා කඩුලු 3 ක් දවා ගන්නා අතර වාරයේ සීකුගේ ප්‍රසන්න ලකුණු 20 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය.

පළමු තරග 2 දී අර්ධ ශතක 2 ක් වාර්තා කර ගනිමින් පිතිකරුවකු ලෙස සාර්ථකත්වයක් පෙන්නුම් කළ කමිඳු මෙන්ඩිස් මුලු ලකුණු සංඛ්‍යාව 30 ක්ව තිබියදී පන්දුවට පහර දීමට පිටියට පිවිසියද රෙඩ්ස් පන්දු යවන්නන්ගේ මෙන්ම දිගින් දිගටම කඩුලු දැවී යෑම හේතුවෙන් සුපුරුදු පිතිහරඹ රටාවට පැමිණීම බාධා විය. 11 වැනි පන්දුවාරයේදී නායක අශාන් ප්‍රියන්ජන් දැවී යන විටත් ග්‍රීන්ස් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 52 ක් ලෙසිනි.

ඉවසිලිවන්ත වූත් ඒත් දුර්වල පන්දු දුටු විට කිසිදු සමාවක් නොදුන් කමිඳු අද දිනයේදී මුහුණ දුන් 32 වැනි පන්දුවේදී මෙම තරගාවලියේ වාර්තා කරන ලද තෙවැනි අර්ධ ශතකයට හිමිකම් කීවේය. ඉනිමේ අවසන් පන්දුවේදී දැවී ගිය කමිඳු පන්දු හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් ලකුණු 66 ක් ලබා සිටියේය. කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දමා ගැනීම වෙනුවෙන් කමිඳු සමග 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක් ගොඩ නැංවීමට සහාය වුණු සම්මු අශාන් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 29 ක් ලබා ගත්තේය.

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar