slc
Home   |    News
අගෝස්තු 14, 2021
අෂේන් සහ සහන් බ්ලූස් පිලේ අපරාජිත භාවය රැක ගනිති

sinhala editor

Chamila Karawita reporting from Pallakale

අෂේන් බණ්ඩාර සහ සහන් ආරච්චිගේ එකතුව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී රැස් කරන ලද වේගවත් ලකුණු 71 සම්බන්ධතාවය ප්‍රධාන කොට ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයෙන් ග්‍රීන්ස් පිල පරදවා කඩුලු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට බ්ලූස් කණ්ඩායම අද (14 දා) රාත්‍රියේදී සමත්විය.

විදුලි ආලෝක මධ්‍යයේ ලකුණු 181 ක ඉලක්කයක් හඹා යෑම අසීරු කටයුත්තක් වුවත් එහි වගකීම අකුරටම ඉටු කළ අෂේන් බණ්ඩාර බ්ලූස් කණ්ඩායමේ ජයග්‍රහණය ලෝන් ඕන් කළාපයට ඉහළින් එල්ල කරන ලද හයේ පහරත් සමඟ සපුරා ගැනීමට සමත්වූවේය. බ්ලූස් ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාර 2 දී ලකුණු 25 ක අභියෝගයක් ලබාගත යුතු වුවත් 19 වැනි පන්දුවාරය යැවූ ලක්ෂාන් සඳකැන්ට එරෙහිව ලකුණු 15 ක් රැස් කළ අෂේන්-සහන් යුගල අවසන් පන්දුවාරයේදී පරතය පන්දු 6 කදී ලකුණු 10 කට තරම් අඩු පරතරයක තබා ගත්හ.

ඉෂාන් ජයරත්න යවන ලද අවසන් පන්දුවාරයේ පළමු පන්දුවට ලකුණු 2 ක් කරා පැති මාරු කර ගැනීමේදී අවාසනාවන්ත ලෙස සහන් ආරච්චි දුවද්දී දැවී යෑමකට හසුවුවත් තරගය නිමා කිරීමේ වගකීම කරට ගත් බණ්ඩාර පන්දු 3 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගැනීමට සමත්විය. දුවද්දී දැවී යන විටත් පන්දු 22 කට මුහුණ දී සිටි වමත් පිතිකරුවා සහන්, හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමඟින් පන්දු 22 කදී වේගවත් ලකුණු 38 ක් ලබා සිටියේය.

ජයග්‍රහණයේ නියමුවා වූ අෂේන් බණ්ඩාර හයේ පහර සහ හතරේ පහර 2 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 36 ක් ලබා ගත්තේය. එම දක්ෂතාවය මත ඔහුට පිට පිටම දෙවැනි වතාවටත් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට අවස්ථාව උදාවිය. බ්ලූස් ඉනිම ආරම්භයේ නිශාන් මදුශ්ක ලකුණු 8 කට දැවී ගියත් සධීර සමරවික්‍රමට එක්වුණු ධනංජය ලක්ෂාන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 75 එක් කළහ.  එහිදී සධීර පන්දු 38 කදී ලකුණු 47 ක් සහ ධනංජය ලක්ෂාන් පන්දු 21 කදී ලකුණු 27 ක් ලබා ගත්හ.

පළමු පන්දුවාරයේදීම මහේල උඩවත්ත දැවී ගියද ළහිරු උදාරට එක් වුණු පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක සම්බන්ධතාවයක්ද කමිඳු මෙන්ඩිස් සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවයක් එක් කරමින් ග්‍රීන්ස් ලකුණු පුවරුව පෝෂණය කළහ. එම සම්බන්ධතාවයේදී මොවුන් දෙදෙනා අවසන් පන්දුවාර 5 දී රැස් කරන ලද ලකුණු සංඛ්‍යාව ලකුණු 79 කි. දෙවැනි කඩුල්ලේ සම්බන්ධතාවයේදී ළහිරු උදාර පන්දු 39 කදී ලකුණු 44 කින් දායකත්වය ලබා දුන්නේය.

පන්දු 54 කට මුහුණ දුන් පැතුම් ලබා ගන්නා ලද ලකුණු 76 සඳහා හේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 7 ක් එල්ල කළේය. ග්‍රීන්ස් ඉනිම හමාර වන තෙක්ම සිය කඩුල්ල ආරක්ෂා කරගත් දකුණත් පිතිකරුවාට අනගි සහායක් ලබා දුන් කමිඳු මෙන්ඩිස් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 25 කදී වේගවත් ලකුණු 53 ක් රැස් කළේය.මෙය කමිඳු මෙවර තරගාවලියේ පිට පිට රැස් කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින් සටහන් වුණු අතර රෙඩ්ස්ට එරෙහිව පැවැති පළමු තරගයේදී ඔහු 74 ක් ලබා ගත්තේය.

කණ්ඩායමේ සෙසු පන්දු යවන්නන් ග්‍රීන්ස් පිලේ දැඩි ප්‍රහාරයකට ලක් වද්දී පන්දු යැවීමෙන් කැපී පෙනුණු මහේෂ් තීක්ෂණ පන්දුවාර 4 දී ලකුණු 12 ක් පමණක් ලබා දී කඩුලු 2 ක් දවා ගත්තේය. පන්දු යවන්නන් අතර දැඩිම ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නා බවට පත්වූයේ වේග පන්දු යවන ශිරාන් ප්‍රනාන්දු වන අතර ඔහුගේ පන්දුවාර 4 දී ලකුණු 67 ක් උදුරා ගැනීමට පිතිකරුවෝ සමත්වූහ. එහි එක් පන්දුවාරයක් ලබා දුන් ලකුණු වල සාමාන්‍ය 16.75 ක් ලෙස සටහන් වේ.

තරග කාලසටහනට අනුව හෙට (15 වැනිදා) විවේක දිනයකි.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest