slc
logo
Home   |    News
අගෝස්තු 22, 2021
චන්දිමාල්ගේ රෙඩ්ස් අවසන් මහ සටනට

sinhala editor

Chamila Karawita reporting from Pallakale

අවසන් මහ තරග වරම උදා කර ගැනීම සඳහා ජයග්‍රහණය තීරණාත්මක වුණු ග්‍රීන්ස් පිලට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුතු රෙඩ්ස් ක්‍රීඩකයෝ ඩයලොග් SLC ආරාධිත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ලබන 24 වැනිදා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ග්‍රේස් පිලට එරෙහිව පැවැත්වෙන අවසන් මහ තරගයේ ප්‍රතිවාදීන් බවට පත්වීමට අද (22 දා) රාත්‍රියේ සමත්වූහ.

රෙඩ්ස් පිල වාර්තා කර ගන්නා ලද මෙම ජයග්‍රහණයත් සමඟ ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7 දක්වා ඉහළ යෑම නිසා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා පැමිණීමට අවස්ථාව උදාවිය. ඒ අනුව ප්‍රසාද ලකුණු 6 ක් හිමිකරගනිමින් දෙවැනි ස්ථානයේ පසුවුණු ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුතු බ්ලූස් පිලට අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තබා තිබූ බලාපොරොත්තු සුන් විය.

වර්ෂාව හේතුවෙන් එක් පිලකට පන්දුවාර 15 කට සීමා වෙමින් පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා පන්දු 90 කදී ලකුණු 115 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි රෙඩ්ස් ආරම්භක පිතිකරුවෝ පන්දු 49 කදී වේගවත් ලකුණු 76 ක සම්බන්ධතාවක් සමඟින් ජයග්‍රාහී අඩිතාලම එළූහ. එහිදී ප්‍රාහාරාත්මක පිතිහරඹය නියැළුණු අවිෂ්ක ප්‍රනාන්දු හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමඟින් පන්දු 25 කදී වේගවත් ලකුණු 38 ක් ලබා ගත්තේය. ඔහුට කදිම සහායක් ලබා දුන් දිනේෂ් චන්දිමාල් හතරේ පහර 4 ක් ද සමඟින් පන්දු 32 කදී ලකුණු 40 ක් ලබා ගත්තේ තරගයේ වීරයා සම්මානයද තම නමට වෙන් කර ගනිමිනි.  

පන්දු යැවීමේදී පන්දුවාර 3 ක් යැවූ ලක්ෂාන් සඳකැන් ලකුණු 14 ක් තුළ කඩුලු 2 බැගින් දවා ගත් අතර සුමින්ද ලක්ෂාන් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

අවිෂ්කගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ඕෂද ප්‍රනාන්දු දෙවැනි පන්දුවේදීම දැවී ගිය අතර නායක චන්දිමාල් සහ නිපුන් ධනංජය ද දැවී යන විට රෙඩ්ස් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා පන්දු 12 කදී ලකුණු 13 ක් අවශ්‍ය විය. අනතුරුව පිවිස අසේල ගුණරත්නට එකතු වූ චාමික කරුණාරත්න එල්ල කරන ලද හතරේ පහරත් සමඟ තවත් පන්දු 3 ක් ඉතිරිව තිබියදී ජයග්‍රහණය සපුරා ගැනීමට රෙඩ්ස් කණ්ඩායම සමත්විය.

ග්‍රීන්ස් පන්දුවට පහර දීමේදී සමින්ද ප්‍රනාන්දු රැස් කරන ලද ලකුණු 37 හැරුණු විට පන්දු 13 කදී පැතුම් නිස්සංක රැස් කරන ලද ලකුණු 22 ක ඉහළම ලකුණු සංඛ්‍යාව විය. හතරේ පහර 4 ක් ඇතුළත් වුණු පැතුම්ගේ ඉනිම සීකුගේ ප්‍රසන්නගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය. ග්‍රීන්ස් පිලේ දැවී ගිය කඩුලු 7 න් 4 ක්ම දුවද්දී දැවී යෑම් වලට හසුවූ ඒවා විය. ග්‍රීන්ස් පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා රෙඩ්ස් නායක චන්දිමාල් පන්දු යවන්නන් හත් දෙනෙකුගේ සේවය ලබා ගත් අතර හිමේෂ් රාමනායක, සීකුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්න එක් කඩුල්ල බැගින් දවා ගත්හ. හිමේෂ් දවාගන්නා ලද කඩුල්ලත් සමඟ ඔහු මෙතෙක් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්වී සිටියි. සීකුගේ ප්‍රසන්නද කඩුලු 7 ක් දවා ගනිමින් හිමේෂ් සමඟ සම තැන් ගෙන සිටියද ඔහුගේ කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය (14.14) වඩා අඩු අගයක් සටහන් කර ගැනීමට (12.85) හිමේෂ් සමත්වීම නිසා එහි පෙරමුණ හිමේෂ්ට හිමිව තිබේ.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය අනිද්දා (24 වැනිදා) දසුන් ශානකගේ ග්‍රේස් පිලත් දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිලත් පැවැත්වෙන අතර එම තරගය ප.ව. 7.00 ට ආරම්භ වනු ඇත.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar