slc
Home   |    News
අගෝස්තු 12, 2021
පළමු දිනයේ තරග හෙට දිනට කල් යයි

sinhala editor

ඩයලොග් SLC ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු දිනය වන අද (12 දා) පැවැත්වීමට නියමිතව තිබූ තරග දෙක වර්ෂාව හේතුවෙන් අත හැර දැමීමට තරග බලධාරීහු තීරණය කළහ. පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රීඩාංගණයට ඇද හැළෙන වර්ෂාව තවදුරටත් පැවැතීම හේතුවෙන් ඉහත තීරණය ගෙන තිබේ.

ප.ව. 1.45 ට පමණ ආරම්භ වුණු වර්ෂාව දිගින් දිගටම පැවැතීම හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය වන දසුන් ශානකගේ ග්‍රේස් සහ අශාන් ප්‍රියන්ජන්ගේ ග්‍රීන්ස් අතර තරගය ප.ව. 3.15 ට අත හැර දැමීමට තරග විනිසුරුවෝ තීරණය කළහ. ඒ අනුව දෙවැනි තරගය වන ප.ව. 7.00 ට ආරම්භවීමට නියමිතව තිබූ දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් සහ ධනංජය ද සිල්වාගේ බ්ලූස් අතර තරගයද හෙට දිනය දක්වා කල් දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට දිනයේදී පළමු තරගය ප.ව. 2.30 ටත් රාත්‍රී තරගය ප.ව. 7.00 ටත් ආරම්භ වනු ඇත.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest