slc
Home   |    News
සැප්තැම්බර් 16, 2021
මාධ්‍යයෙන් එල්ල වන චෝදනා ක්‍රිකට් ආයතනය ප්‍රතික්ෂේප කර සිටියි

sinhala editor

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් පූර්ණ කැපවීමකින් තොරව, හිතා මතාම දුර්වල ක්‍රීඩා විලාශයක නිරත වූ බවට ඇතැම් මාධ්‍ය විසින් එල්ල වන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියි.

එවැනි ක්‍රීඩකයින් සම්බන්ධව කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් කිසිදු පැමිණිල්ලක් මේ වන තෙක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නැති බවද ක්‍රිකට් ආයතනය අවධාරණය කර සිටියි. මෙහිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ජයග්‍රහණය කළ එක්දින තරගාවලියටද ක්‍රීඩා කරන ලද්දේ එකම කණ්ඩායම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දීමට කැමැත්තෙමි.

එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කළා පමණක් නොව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ ස්ථානයකට පැමිණීමටද ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

මෑත කාලයේ සිටම ශ්‍රී ලංකා කණ්ඩායම වැදගත් ජයග්‍රහණ රැසක් වාර්තා කරමින් නිවැරදි මාවතට ගමන් කරමින් ඉදිරියෙන් ඉදිරියට යන බව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අවබෝධ කරගෙන සහ පිළිගෙන තිබෙන කරුණකි.

එබැවින් පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වන මේ මොහොතේ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් කණ්ඩායම ව්‍යාකූල තත්ත්වයකට පත්වීමට ඉඩ පවතින බැවින් මෙවැනි ආකාරයේ පුවත් මින් ඉදිරියට ප්‍රකාශයට පත් නොකරන ලෙසද සාදාචාරාත්මක මාධ්‍යකරණයේ නියැළෙන ලෙසත්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අදාළ ප්‍රවෘත්ති ආයතන වලින් ඉල්ලා සිටියි.

එමෙන්ම මෙවැනි අසත්‍ය වාර්තා සමාජ ගත කිරීම තුළින් කණ්ඩායම තුළ දක්ෂතා වෙනුවෙන් කැපවීමෙන් සහ දැඩි කැමැත්තෙන් යුතුව ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයින්ට එය මානසික වශයෙන් බලපානු ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අදහස වේ.  

Active filters

Recent Posts

  • දිමුත් කරුණාරත්න යළිත් එක්දින පිලට
    ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග 2 සඳහා වන ශ්‍රී ලංකා කණ්ඩායමට දිමුත් කරුණනාරත්නව එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ක්‍රීඩකයින් […]
  • ලෝක ටෙස්ට් ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පිලට කෝටි 6ක තෑග්ගක්
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙහයවූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත් වූ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ත්‍යාග මුදල ලෙස ඇමෙරිකානු ඩොලර් 200,000 ක් පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • පළමු කඩුලු 5 චමෝද්ගෙන්
    එන්.සී.සී. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල යුද හමුදාව සමඟ අද (29) පැවැති අන්තර් සමාජ විස්සයි 20 තරගයේදී පන්දු 11කදී හයේ පහර තුනක් හතරේ පහර තුනක් සමඟ ලකුණු 34ක් රැස් […]
  • කුරුණෑගල පරදවන්න එස්. එස්. සී. ලොකු සටනක් දෙයි
    අඩු ලකුණු සංඛ්‍යාවන්ට සීමා වූ එස්.එස්.සී. කුරුණෑගල යූත් තරගයෙන් එස්.එස්.සී. ලකුණු නවයක තියුණු ජයක් අත්කර ගත්තත් කුරුණෑගල යූත් කණ්ඩායම ජයග්‍රහණය උදෙසා ප්‍රබල සටනක නියැළීමට සමත් විය. මේ තරගයේදී […]
  • මහනුවර 2, පුත්තලම සහ කුරුණෑගල විශිෂ්ඨ ජයග්‍රහණ වාර්තා කරති
    වයස අවුරුදු 19 න් පහළ අන්තර් දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ අද (28 වැනිදා)පැවැති තරග වලදී පුත්තලම සහ මහනුවර කලාප 2 කණ්ඩායම් කුණු 200 කට වැඩි පරතරයකින් යුක්තව ජයග්‍රහණය කිරීමට […]
USD United States (US) dollar

Pin It on Pinterest