slc
logo
Home   |    News
සැප්තැම්බර් 24, 2021
ක්‍රිකට් හදන ‘ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුමට’ මහේලත් එකතු වෙයි

sinhala editor

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතාව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයා ලෙසින් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (සැප්තැම්බර් 24 දා) පියවර ගත්තේය. අරවින් ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණික උපදේශන කමිටුව විසින් සිදුකරන ලද නිර්දේශයක් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක සභාව විසින් මෙම තනතුරු සඳහා ජයවර්ධනව මහතාව පත් කිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව ජයවර්ධන මහතාගේ පළමු වගකීම වන්නේ ලබන ඔක්තෝම්බර් මසදී එක්සත් අරාබි එමීර් රාජය්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය වන අතර එම තරගාවලියේ පළමු වටයේදී ජාතික කණ්ඩායමේ උපදේශකවරයා ලෙස කටයුතු කරනු ඇත. මේ දිනවල එක්සත් අරාබි එමීර්හි පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ජයවර්ධන මහතා එම තරගාවලිය අවසානයත් සමඟ අයි.පී.එල්. ජෛව බුබුලේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෛව බුබුලට එක්වනු ඇත.

ඒ අනුව ඔක්තෝබර් මස 16 වැනිදා සිට 23 වැනිදා දක්වා වූ දින 7 ක කාලයේදී ඔහු සතු අති විශාල අත්දැකීම් සම්භාරය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ කළමනාකරණය සමඟ  බෙදා ගනු ඇත. එම කාල සීමාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාවට, අයර්ලන්තයට සහ නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතව තිබේ.

ඊට අමතරව ලබන වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම්වීම සඳහා එම කණ්ඩායමේ උපදේශකවරයකු ලෙස කටයුතු කරන මෙන් කරන ලද ආරාධනාවද ජයවර්ධන මහතා විසින් පිළිගෙන තිබේ. මාස 5 ක කාලයක් පුරා එම සේවය ජයවර්ධන විසින් ලබා දෙනු ලබන්නේ ගරු සේවයක් ලෙසින් වීමද කැපී පෙනෙයි.

“මේ තනතුරුවලට අපි මහේලව ඉතාමත් සතුටින් පිළිගන්නවා. ඔහුගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේත් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමෙත් ක්‍රීඩකයින්ගේ දස්කම් ඉහළ නංවා ගැනීමට බෙහෙවින්ම උපකාරි වේවි” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියි.

“ක්‍රීඩා කරන අවධියේ පටන් මහේල ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ආ දැනුම ඉතා විශිෂ්ඨයි. පළමුව ක්‍රීඩකයකු ලෙසත්, පසුව නායකයකු ලෙසත් ඔහු ඉතා විශිෂ්ඨ කාර්යය භාරයක නිරත වුණා. ඔහු මේ වන විට පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් තවත් විශිෂ්ඨ කාර්යය භාරයක් සිදුකරමින් සිටිනවා” යැයි ඈෂ්ලී ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරග කණපිටි පෙරළති
    ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය වූ අද (08 වැනිදා) එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. […]
  • වැස්ස නිසා කාන්තා ඒ තරගය අතහැර දමයි
    ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිව සිටින බංග්ලාදේශ කාන්තා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර අද (08 දා) පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ පළමු නිල නොවන එක්දින […]
  • කමිඳු – ධනංජය යළි බලාපොරොත්තු නංවයි
    ලකුණු 93 ක් ඇතුළත කඩුලු 5 ක් බිද වැටුණද ශ්‍රී ලංකා ඉනිමේ බලාපොරොත්තු ගොඩනැංවූ කමිදු මෙන්ඩිස් සහ නායක ධනංජය ද සිල්වා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක […]
  • එංගලන්ත නායකයාගෙන් වේගවත් ශතකයක්
    ශ්‍රී ලංකාවට එරෙහිව 3-0 ක තරගාවලි ජයකට මාන බලා සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් ඕවල් පිටියේදී අද ආරම්භ වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් තරගය නිමා කරන විට […]
  • එංගලන්තයේ ජයග්‍රාහී රිද්මය ශ්‍රී ලංකාවට නවතාලිය හැකි වේද…?
    එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගිවන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය හෙට (සිකුරාදා) ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. මෙතෙක් පැවැති තරග […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee