slc
logo
Home   |    News
ඔක්තෝබර් 31, 2021
අවසන් පන්දුවේදී කොදෙව් පිල ජය ලබයි

sinhala editor

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ බංග්ලාදේශය අතර සාජා ක්‍රීඩාංගණයේ පැවැති 20-20 ලෝක කුසලාන තරගාවලියේ තියුණු තරගයකින් පසුව කොදෙව් කණ්ඩායම තරගයේ අවසාන පන්දුවේදී ජයගත්තේ ලකුණු තුනකිනි. ඇන්ඩෘ රසල් එවු අවසාන පන්දුවට මුහුණ දුන් බංග්ලාදේශ නායකයාට (මහ්මදුල්ලා) ජයග්‍රහණය සඳහා ලකුණු හතරක් අවශ්‍ය වුවද ඔහුට එම පන්දුවෙන් එකම ලකුණක් හෝ ලබා ගතහැකි නොවීය.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලබාගත් ලකුණු 142ට පිළිතුරු ලෙස බංග්ලාදේශය පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලබාගත්තේ ලකුණු 139කි. කොදෙව් කණ්ඩායම අසීරු තත්ත්වයක සිටියදී පන්දු 22කදී හයේ පහර හතරක් හතරේ පහරක් සමඟ ලකුණු 40ක් රැස්කළ නිකලස් පුරාන් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

බංග්ලාදේශය ලකුණු 143ක ජයග්‍රහණයක් සඳහා පන්දුවට පහර දෙද්දී ලිටන් දාස් සහ නායක මහ්මදුල්ලා ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රබල සටනක නිරත වූවත් කණ්ඩායම ජයග්‍රහණ ඉලක්කය පසුකර වීමට ඔවුනගේ දායකත්වය ප්‍රමාණවත් නොවීය. බංග්ලාදේශයේ හොඳම සබඳතාවයන් වූයේ පස්වන කඩුල්ලට දාස් සහ මහ්මදුල්ලා පන්දු වාර 5.3කදී එක්කළ ලකුණු 40ත් තෙවන කඩුල්ලට ලිට්න්දාස් සහ සෞම්‍ය සාකර් පන්දුවාර පහකදී එක්කළ ලකුණු 31ත්ය. දාස්ගේ සහ මහ්මදුල්ලාගේ සබඳතාවය 19වන පන්දු වාරයේ අවසාන පන්දුවේදී නිමවූයේ බංග්ලාදේශය ලකුණු 130ක් ලබාසිටියදීය.

ලිට්න්දාස් පන්දු 43කදී හතරේ හතරක් සමඟ ලකුණු 44ක්ද මහ්මදුල්ලා පන්දු 24කදී හයේ පහරක් හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 31ක්ද මොහොමඩ් නයිම් 17ක් සහ සෞම්‍ය සාකර් 17ක්ද රැස්කරමින් බංග්ලාදේශ පිතිකරුවන් අතුරින් කැපී පෙනුණි.

බංග්ලාදේශය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම කොදෙව් කණ්ඩායමට පැවැරූ අතර ඔවුන් පන්දු වාර 6.4කදී ලකුණු 32කට කඩුලු තුනක් දැවී පසුවූයේ අසීරු තත්ත්වයකය.

සිව්වන කඩුල්ලට රොස්ටන් චේස් සහ කිරන් පොලාඩ් පන්දු වාර හයකදී ලකුණු 30ක් ලබාගැනීමෙන් පසුව පස්වන කඩුල්ලට රොස්ටන් චේස් සහ නිකලස් පුරාන් පන්දු වාර 5.3කදී දැවැන්ත ප්‍රහාරයකින් ලකුණු 57ක් රැස්කිරීමෙන් ඔවුනට යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමට අවස්ථාව උදාවිණි.

කොදෙව් පිතිකරුවන් අතුරින් කැපී පෙනුණු නිකලස් පුරාන් පන්දු 22කදී හයේ පහර හතරක් හතරේ පහරක් සමඟ ලකුණු 40ක්ද රොස්ටන් චේස් පන්දු 46කදී හතරේ දෙකක් සමඟ ලකුණු 39ක්ද ජේසන් හෝල්ඩර් පන්දු පහකදී හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 15ක්ද ලබා සිටියහ. මෙහෙදි හසන්, මුෂ්ටෆිෂුර් රහ්මන් සහ සොරිෆුල් ඉස්ලාම් කඩුලු දෙක බැගින් දවාලූහ.

ලකුණු සාරාංශය

බටහිර ඉන්දීය කොදෙව් දූපත් පන්දු වාර 20දී කඩුලු 7ට 142 – (නිකලස් පුරාන් 40, රොස්ටන් චේස් 39, ජේසන් හෝල්ඩර් 15, කිරන් පොලොඩ් නොදැවී 14, මෙහෙදි හසන් 27/2, සොරිෆුල් ඉස්ලාම් 20/2, මුෂ්ටෆිෂුර් රහ්මන් 43/2)

බංග්ලාදේශය පන්දු වාර 20කදී කඩුලු 5ක් දැවී 139යි – (ලිට්න් දාස් 44, මහ්මදුල්ලා නොදැවී 31, මොහමඩ් නයිම් 17, සෞම්‍ය සාකර් 17, ජේසන් හෝල්ඩර් 22/1, රවි රම්පෝල් 25/1)

Active filters

Recent Posts

  • දෙවැනි තරගයේ පරාජයේ වගකීම පිතිකරුවන් භාර ගන්නවා – ජනිත් ලියනගේ
    සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිල ලද පරාජයේ වගකීම සම්පූර්ණයෙන්ම පිතිකරණ අංශය භාර ගන්නා බව ජනිත් ලියනගේ පැවැසීය. […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල ජයග්‍රාහී මාවතට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම පරදවා ලකුණු 51 ක ජයග්‍රහණයක් වාර්තා කරමින් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීමට […]
  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee