slc
Home   |    News
ඔක්තෝබර් 15, 2021
යොවුන් පිල මෙහෙයවීමේ වගකීම දුනිත් වෙල්ලාලගේට

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකයා ලෙස මරදාන ශාන්ත ජෝෂප් විදුහලේ දුනිත් වෙල්ලාලගේව පත් කර තිබේ. 20 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයේ වෙල්ලාලගේ සහායකයා ලෙස කොළඹ නාලන්දා විදුහලේ රවීන්ද සිල්වා පත් කර තිබේ.

දෙරට අතර තරගාවලිය ඔක්තෝබර් 15 වැනිදා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී පැවැත්නෙ අතර තරගාවලිය තරග 5 කින් සමන්විත වේ. එම තරගය 18, 20, 23 සහ 25 යන දිනයන්හිදී පැවැත්වේ. නම් කරන ලද කණ්ඩායමට කොළඹ ශාන්ත ජෝශප්, බම්බලපිටිය ශාන්ත පීතර, සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් තිදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. ඊට අමතරව මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ නාලන්දා සහ රත්ගම දේවපතිරාජ විදුහල නියෝජනය කරමින් ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද යොවුන් සංචිතයට එක්ව සිටිති.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වරට එක්දින තරගයකට සහභාගිව ඇත්තේ 2020 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවැති අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහිව බෙනෝනිහි පැවැති තරගයටය. එම තරගාවලියෙන් පසු මුලු ලෝකයටම කොවිඩ් වෛසරයේ බලපෑම එල්ල වූ හෙයින් යොවුන් තරග පමණක් නොව ජාත්‍යන්තර තරග පිටියද තාවකාලිකව නතර කර දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සිලයට සිදුවිය. ඒ අනුව බලන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංග්ලාදේශ පිලට එරෙහිව ඔක්තෝබර් 15 වැනිදා තරගයට ක්‍රීඩා කරන්නේ මාස 20 කට පසුව වේ.

යොවුන් තරග පිටියට විරාමයක් ලැබුණද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත් මාස කීපයේදීම යොවුන් කණ්ඩායමේ දක්ෂතා වැඩි දියුණු කිරීම වෙනුවෙන් විවිධ පුහුණු වැඩ සටහන් රැසක් සංවිධානය කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින දක්ෂතා සපිරි යොවුන් ක්‍රීඩකයින් 75 ක් තෝරා ගනිමින් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්පුවන ලද පුහුණු කඳවුර ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබීය. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සහ පළාත් ක්‍රිකට් සංගම්වල සහයෝගය ඇතුව නේවාසිකව පවත්වන ලද එම වැඩ සටහනේදී නිපුණතා පුහුණුව, ක්‍රීඩා අධ්‍යාපනය, ශාරීරික යෝග්‍යතාවය මෙන්ම තවත් තරග අවස්ථා ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරනු ලැබීය.

එම වැඩසටහනින් පසු නැවතත් බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ඇතුළු ඉදිරියේ පැවැත්වෙන තරග සංචාරයන් කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කණ්ඩායම අවසන් සති 2 ක කාලයේදීද නේවාසික පුහුණු කඳවුරකට සහභාගිවූවේය.  

අවිෂ්ක ගුණවර්ධන මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ, පන්දු රැකීමේ පුහුණුකරු ලෙස උපුල් චන්දන, දඟ පන්දු පුහුණුකරු ලෙස සචිත් පතිරණ, වේග පන්දු පුහුණුකරු ලෙස චමිල ගමගේ සහ පිතිකරණ පුහුණුකරු ලෙස ධම්මික සුදර්ශන යන මහත්වරුන් කටයුතු කරති. ඊට අමතරව ප්‍රියන්ත වික්‍රමසිංහ, භෞත චිකිත්සකවරයා ලෙසද බුද්ධික හේරත් අභ්‍යාසක ලෙසද කටයුතු කරති.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest